IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහසක්

2016-06-02-ent-61

කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වූ නිෂි ප්‍රනාන්දු මේ වන විටගීත රූප රචනා මෙන්ම ටෙලි නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී තිබේ. නිරූපණය තුළින් දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින ඇය ඉදිරි කාලයේදී රංගනයටද වැඩි ඉඩක් වෙන් කිරීමට සූදානමින් සිටියි. මෙවර "සාරවිට" තරු කතා බහට අපි නිෂිව සම්බන්ධ කරගත්තෙමු.

 

2016-06-02-ent-65නිෂි කියන්නේ නිරූපිකාවක්ද?රංගන ශිල්පිනියක්ද?

නිරූපිකාවක්

 

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

2015 අවුරුද්දේ.

 

මේ කෙටි කාලය තුළදී?

නිරූපිකාවක් විදිහට වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ බ්‍රයිඩ්ල් ෂෝ වලටයි. ඒ වගේම නිරූපිකාවක් විදිහටත් වෙනත් විලාසිතා දැක්මවල් වලත් පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා හා ටෙලි නාට්‍ය කිහිපයකටත් මම රංගනයෙන් දායකවෙලා තියෙනවා.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ?

පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි මේක. රූපවාහිනියෙන් නිරූපිකාවන් දකින කොට හිතුණා මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනා කියලා.

 

ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් අයට නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වැරදි අදහසක්. නමුත්, තමන් කරන දේ හරි වැරැද්ද තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් මොන ක්ෂේත්‍රයක වුණත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. ඒ හින්දා මම වැඩ කරද්දි හොඳදේ මොකක්ද නරකදේ මොකක්ද කියලා තෝරගෙන වැඩ කරනවා.

 

ඉදිරි ඉලක්ක?

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න ආසසි. තව රූපලාවණ්‍ය පැත්තෙන් මගේම කියලා දේකට යොමු වෙන්නත් සැලසුමක් තියෙනවා.

 

ඔබ නිරූපිකාවක් වීම පිළිබඳව පවුලේ අය කැමත්තක් දක්වනවාද?

ඔව්. ගෙදර කට්ටිය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ මගේ නිරූපණ වැඩවලට. විශේෂයෙන්ම අම්මා. ඊට අමතරව මගේ අයියයි, නංගියි දෙන්නත් ඔවුන්ට පුළුපුළුවන් විදිහට ගොඩක් උදවු කරනවා.

 

මේ වන විට බොහෝ පිරිසක් නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙනවා. ඔවුන් අතර ඔබත් තරගකාරියක්ද?

එහෙම තරගකාරීත්වයක් මම දකින්නේ නැහැ. අලුත් අය මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න ඕනා. නමුත්, අලුත් අය මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ තමන්ගේ හැකියාව මත නිසා ක්ෂේත්‍රයට එන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමකින් පැමිණෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට තමයි මේ ක්ෂේත්‍රයට වටිනාකමක් ලැබෙන්නේ.

 

ඔබත් මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමකින් පසුවද?

දැනටත් මම නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම වෙනත් නිරූපිකාවන්ගෙන් දකින දේවල් අනුකරණය කරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ.

 

නිරූපිකාවක් විදහට අද ක්ෂේත්‍රය තුළ තැනක් හදාගෙන තියෙනවාද?

මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ තවමත් මට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවාද නැද්ද කියලා. නමුත්, ඉදිරියේදී නමක් හදාගෙන මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න තමයි මගේ සැලසුම.

 

බුද්ධික සේනාධීර

 

2016-06-02-ent-58
2016-06-02-ent-59
2016-06-02-ent-60
2016-06-02-ent-62
2016-06-02-ent-63 2016-06-02-ent-64
2016-06-02-ent-66
2016-06-02-ent-67

 



අදහස් (0)

නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහසක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1412 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site