IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා

2016-06-02-ent-132

 

නිරූපණ ශිල්පිනියක ලෙස දිගුගමනක් යන්නට බලාපොරොත්තු වන ඇය මදුෂානි සකුත්තලාය. ඇය පිළිබඳව "සාරවිට"ට පැවැසුවේ මෙවැන්නකි.

 

2016-06-02-ent-124ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම කතා කළොත්?

පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබුණා. අම්මා තමයි මේ ක්ෂේත්‍ර‘යට එන්න මාව ගොඩක් උනන්දු කළේ. කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යායෙ තමයි මම ඉගෙන ගත්තෙ. පාසල් කාලය තුළදිත් මම කලාවට ලොකු උනන්දුවක් දැක්වුවා. කුලසිරි බුදවත්ත සර් ළඟ වසර ගණක් උඩරට තර්තනය හැදෑරුවා.

මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මම ඇය ළඟ නිරූපණ පාඨමාලාවක් හැදෑරුවා. මෙවර ITN අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න මට හැකියාව ලැබුණා. එහිදී මට අවසන් පහළොස් දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. මේ වනවිට චන්දි කොඩිකාර ලියන නවකතාවක ෆොටෝ ෂුට් එකට දායක වෙනවා. ඒ වගේම මට "කොළඹ අහස", නලින් මාපිටිය සර් කළ "ඉස්සරහට යන්න", "දුවිලි මල්" යන ටෙලි නාට්‍යවලටත් දායක වෙන්න හැකියාව ලැබුණා.

 

නිරූපණ ශිල්පිනියක් විදියට දිගටම කටයුතු කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම නර්තන කටයුතු සිදු කරනවා. ඒ වගේම රංගනයටත් යොමුවෙනවා. මේ වෙද්දි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා නැහැ. නමුත් ඉදිරියෙදි හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත්, දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ජනප්‍රියත්වය ගැන තිබෙන අදහස?

නිරූපණ ශිල්පිනියෙකුට අනිවාර්යෙන්ම ජනප්‍රියත්වය අවශ්‍යයි. රංගනයටත් එය අදාළයි. එහෙත් ඒ ජනප්‍රියත්වය ලබාගන්න ඕන ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු තෝරා බේරාගෙන සිදු කිරීම තුළින්. මම හිතන්නේ එහෙම.

 

විලාසිතා ගැන හිතන්නේ?

නිරූපණ ශිල්පිනියෙක් විදියට මම කැමැතී වෙනස්ම දෙයක් කරන්න. හැමදාම කරන දේකට වඩා අලුත්ම දෙයක් කරන්න උත්සාහ කරනවා. ෆොටෝ ෂූට් එකක් කළත්, මම බලාපොරෝතතු වෙන්නෙ එය අලුත් විදිහට කරන්න. ගැළපෙන දේවල් කරනවා.

 

ඉදිරි කටයුතු හා මතක් කළයුතු පිරිස ගැන කතා කළොත්?

නිරූපණ ක්ෂේත්‍ර‘යෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම මිස් ශ්‍රී ලංකා තරගයට මම සහභාගි වෙනවා. ආත්මගරුත්වයත් රැකගෙන ඉදිරි ගමනත් යන්න මම බලාපොරොත්තු වෙනවා.

මතක් කළයුතු කිහිපදෙනෙක්ම ඉන්නවා. රොසැන් ඩයස් මහත්මිය මතක් කරනවා. ඇය තමයි මට මුල්ම ශක්තිය වුණේ මේ ක්ෂේත්‍ර‘යෙන් ඉදිරියට යන්න. චානක කන්දනාරංචිවත් මේ මොහොතේ මතක් කරනවා.

 

රංගන මදුසංඛ/ඡායාරූප චානුක කුලසේකර

 

2016-06-02-ent-123
2016-06-02-ent-125
2016-06-02-ent-126
2016-06-02-ent-127
2016-06-02-ent-128
2016-06-02-ent-129
2016-06-02-ent-130
2016-06-02-ent-131



අදහස් (0)

නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1441 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 600 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 424 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 684 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1236 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site