IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


නිලූක ති‍්‍රත්ව ශූරතා දිනද්දී අචිනි ද්විත්ව ශූරතා දිනයි

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්විය. කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (16) නිමා වූ මෙම තරගාවලියේදී අචිනි රත්නසිරි ද්විත්ව ශූරතා දිනා ගනිමින් දස්කම් දැක්වූවාය. කාන්තා කේවල ඉසව්වේ ශුරතාව දිනාගත් අචිනි සිය සහායක කී‍්‍රඩිකාව වූ උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල ඉසව්වද ජය ගනිමින් ද්විත්ව ශූරතාව හිමිකර ගත්තාය. මෙම තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් තරගය වට තුනක් දක්වා තියුණු තරගයක් වීම කාගේත් අවධානයට යොමුවිය. අචිනි රත්නසිරි සහ 15 හැවිරිදි තිළිණි ප‍්‍රමෝදිකා අතර පැවැති මෙම අවසන් තරගයේ පළමු වටය අචිනි ලකුණු 21/8 ක් ලෙස පහසුවෙන් ජය ගත්ත ද දෙවැනි වටය ලකුණු 22/20 ක තියුණු ජයක් ලබාගත් ප‍්‍රමෝදිකා තරගය වට තුනක් දක්වා ගෙන ගියාය. කෙසේ වෙතත් අවසන් වටය ලකුණු 21/19 ක ජයක් ලබාගත් අචිනි කාන්තා කේවල ඉසව්වේ ශූරිය ලෙස පිට පිටම තුන්වැනි වසරටත් සිය නමින් සටහන් කිරීමට සමත් වූවාය. කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී අචිනි රත්නසිරි විසින් කවිඳි ඉෂාදිකා ද තිළිණි ප‍්‍රමෝදිකා විසින් නදීෂා ගයන්ති ද පරාජය කරන ලදහ. පසුගිය වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක කරුණාරත්න යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි. ශූරතාව 10 වරක් දිනාගත් එකම ක‍්‍රීඩකයා වන්නේද නිලූකය. නිලූක සිය සොහොයුරු දිනුක කරුණාරත්න තරග වට 2-0 කින් පරදවා අවසන් තරගය ජය ගැනීමට එහිදී සමත්විය. දිනුක සමග පිරිමි යුගල ඉසව්ව ජයගත් නිලූක මිශ‍්‍ර යුගල ඉසව්වේදී කවිදි ඉෂාදිකා සමග ක‍්‍රීඩාකර ජය ලබා ත‍්‍රිත්ව ශූරතාව හිමිකර ගත්තේය. පිරිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව තරගවලදී නිලූක කරුණාරත්න විසින් නුවන් හෙට්ටිආරච්චි පරාජය කරන ලද අතර දිනුක කරුණාරත්න විසින් ලසිත මේනක පරාජය කරන ලදී. මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහය ඇතිව රුපියල් 350,000.00 මුදල් ත්‍යාගයක් ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවන්ට පිරිනැමීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබිණි. එහිදී පිරිමි හා කාන්තා කේවල ඉසව් ජයගත් නිලූක කරුණාරත්න සහ අචිනි රත්නසිරිට මිහින් ලංකා ගුවන් සමාගම විසින් ගුවන් ප‍්‍රවේශපත් දෙකක් ද පිරිනමන ලදී. ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධාන්වයෙන් පැවැත්විණි. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කේවල ඉසව්ව නිලූක කරුණාරත්න විසින් දිනුක කරුණාරත්න පරාජය කරන ලදී (21/16, 21/19). කාන්තා කේවල ඉසව්ව අචිනි රත්නසිරි විසින් තිළිණි ප‍්‍රමෝදිකා පරාජය කරන ලදී (21/08, 20/22, 21/19). පිරිමි යුගල ඉසව්ව නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න විසින් හසිත චානක සහ ආර්.එස්. දහනායක පරාජය කරන ලදී (21/12, 21/18). කාන්තා යුගල ඉසව්ව අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් චන්ද්‍රිකා ද සිල්වා සහ සුෂ්මිතා ඉලංකෝන් පරාජය කරන ලදී (21/17, 21/16). මිශ‍්‍ර යුගල ඉසව්ව නිලූක කරුණාරත්න සහ කවිදි ඉෂාදිකා විසින් නුවන් හෙට්ටිආරච්චි සහ අචිනි රත්නායක පරාජය කරන ලදී (21/19, 21/4). ඡයාරූප: 1.නිලූක කරුණාරත්න 2.අචිනි රත්නසිරි



අදහස් (0)

නිලූක ති‍්‍රත්ව ශූරතා දිනද්දී අචිනි ද්විත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 864 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 237 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1114 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 491 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 558 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 972 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 989 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site