ඇමෙරිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මියාමි නගරයේ පැවැති ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ අන්තර්ජාතික බැඞ්මිටන්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. තරගාවලියට සහභාගි වු සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා හා කී‍්‍රඩිකාව වු චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක මිශ‍්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුහ.
ශී‍්‍ර ලංකාවේ ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක, මෙවර ඇමරිකානු සංචාරයේදී පිට පිට රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වී තිබේ.
දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පසුගිය ඉකුත් දා නිමා වු ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදීද පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිලූක සමත් විය. ‘පුවර්ටෝ රිකෝ’ තරගාවලිය ජය ගැනීමත් සමග ලෝක බැඞ්මින්ටන් කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ 165 වැනි ස්ථානයේ සිට 112 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමටද හෙතෙම සමත්විය.
ඉන් අනතුරුව ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලිය ජය ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ පළමු 100 දෙනා අතරට ඒමේ අවස්ථාව නිලූකට හිමිවන බවද වාර්තාවේ.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය පෙරේදා (12 වැනිදා) පැවැති අතර එහිදී පේරු රාජ්‍යයේ පචේකෝ රොද්‍රිගෝ (21/12, 21/14) පරදවා නිලූක ජය ලැබීය. තරගාවලියේ කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටි පචේකෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ (පිරිමි කේවල) කී‍්‍රඩකයන් 64 වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයෙකි.
නිලූක අවසන් පුර්ව තරගයේදී කැනඩා කී‍්‍රඩක ස්ටෙපාන් වොජෙක්ස්වික් පරදවා (21/16, 21/13) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. වොජෙක්ස්වික් ලෝක ශ්‍රේණිගත කිරීම් (පිරිමි) අනුව 70 වැනි ස්ථානයේ පසුවෙයි.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ මිශ‍්‍ර යුගළ ඉසව්වේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාවේ ලසිත මේනක සහ චන්ද්‍රිකා ද සිල්වා පරදවා ඇමරිකාවේ පාවුල් ඔබානන් සහ පිලිප් චාව් (21/18, 17/21, 21/10) ජය ලැබුහ. චන්ද්‍රිකා ද සිල්වා කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටය තෙක් ඒමට සමත්වුවාය.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියට පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ස්ලෝවැකියාව, ඊශ‍්‍රයලය, ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, බ‍්‍රසීලය, පේරු රාජ්‍යය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග‍්‍රීසිය යන රටවල් රැසකින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගිවුහ.
මේ මස 23 වැනිදා ආරම්භවන ස්කොට්ලන්ත අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා නිලූක, ඇමරිකාවේ සිට ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. මැක්ෆොයිල් සහ මොබිල්’හි වෙළෙඳ තානාපතිවරයා වන නිලූකට මෙම තරග සංචාරය සඳහා මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ අනුග‍්‍රහය හිමිව තිබේ.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිලූකගෙන් ඇමෙරිකාවේදී රන් පදක්කමක්