IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිලමේ නාටකයේ දෙවැනි කොටසට මාධ්‍ය වාරණයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශන පෞද්ගලික මාධ්‍ය වෙත මුදා නොහරින ලෙස පොලිසියෙන් නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර රත්නපුරයේ රැස්වීමක් අමතද්දී මෛක්‍රෆෝන් ක්‍රියා විරහිත නොකර ඔහුට ආ දුරකථන ඇමැතුමකට පිළිතුරු දීමේ සිද්ධිය පෞද්ගලික මාධ්‍ය මුලින්ම ප්‍රචාරය කිරීම ඊට හේතුව විය හැකි බව දැනගන්නට ඇත.

පොලිසි මගින් කොළඹ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට එන තොරතුරු මේ අනුව විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලික මාධ්‍යවලට නොයවනු ඇතැයි දැනගන්නට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට වාචිකව මාධ්‍යයකට ප්‍රකාශයක් නොකරන ලෙස ද මීට පෙර උපදෙස් ලැබී තිබිණි.

පොලිසිය හා සම්බන්ධ සිදුවීම් වාර්තාකරණයේ දී දැඩි අපහසුතාවට පත් වන බව මාධ්‍යවේදීහු කියති. මාධ්‍යවේදීහු මේ ගැන අවස්ථා කිහිපයකදීම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැතිවරයාට පැමිණිලි කළහ.



අදහස් (0)

නිලමේ නාටකයේ දෙවැනි කොටසට මාධ්‍ය වාරණයක්

සකුන්තලා Monday, 19 December 2016 05:15 AM

මෙයාලට පඩි ගෙවන්නේ ජනාවගේ බදු මුදලින් සහ මෙයාල තම රාජකාරිය සඳහා ඇමතිවරයා සහ ජනාධිපතිවරයා හරහා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින්ට ( ජනතා නියෝජිතයින් හරහා ජනතාවට) වග කියන්න ඕන කියල මෙයාල දන්නවද දන්නේ නැහැ. මෙයාලගේ ලොක්ක නීතිය නවන්න ගිහින් රටටම පීචන් වුණා. (බ)

:       0       0

සෞම්‍ය Monday, 19 December 2016 07:22 AM

මාධ්‍යයට අපමණ අගයක්.....!!! (බ)

:       0       0

විපුල Monday, 19 December 2016 07:37 AM

රටේ සම්මත කර ඇති නීතියට පටහැනිව හෝ නීත්‍යානුකූලව කරන සෑම දෙයක්ම ජනතාව දැනගත යුතුයි. එය පුරවැසි අයිතියකි. ජනතාවට කොලේ වසා වැඩ කරන්න කවුරුත් ඡන්දය දී නොමැත. (නි)

:       0       0

හෆීල් Monday, 19 December 2016 07:46 AM

කෙසේවෙතත් මෙතන පොලිස්පතිතුමාත් වැරදියි. අනෙක් අය කොහොම වුණත්, පොලිස්පතිවරයා ගැන ජනතාව ඉතා ඉහළින් සාධාරනය ඉටුකරාවි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එතුමා එතුමාගේ පුද්ගලික දුරකථන අංකය පවා ප්‍රසිද්ධියේ දුන්නා. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 18 December 2016 12:11 PM

එතකොට පාර්ලිමේන්තුවේ සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනතට මොකද වෙන්නේ...(බ)

:       0       0

ශෂික Sunday, 18 December 2016 03:22 PM

ඔය ඔක්කොම බලේ ගන්නකල් විතරයි.මැතිනිගේ ආණ්ඩුව පෙරලන්න ජේ.ආර්. පාවිච්චි කළ මාධ්‍ය නිදහස යන වචනය නොබෝ කලකින්ම නිකන් වචනයක් පමණක්ම වුනා...මාධ්‍ය කරපිටින් බලයට ආපු චන්ද්‍රිකා මාධ්‍යයට සලකපු හැටි මතකනේ...(බ)

:       0       0

මුදලිගේ Sunday, 18 December 2016 06:02 PM

පොලිස්පතිතුමා බබෙක්ද? මුළු රටේම සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියේ ප්‍රධානියා! එදා කටයුතු කළේ එයාගේ ලොකුකම පෙන්වන්නෛ. රටේ නීතිය ක්‍රියාත්මක කරලා නීතිගරුක පුරවැසියන් ඉන්න රටක් බවට පත්කරන්න පොලිසියට මොනතරම් බලයක් තියෙනවද? (නි)

:       0       0

ජනහිත Sunday, 18 December 2016 07:07 PM

හැම කෙනෙක්ම තමන්ගේ තනතුර මෙන්ම තමන් ඉන්නා තැන ගැනද දැනගත යුතුයි (නි)

:       0       0

දේවින්ද Sunday, 18 December 2016 10:16 PM

මේ සියල්ල‍ෝම එකයි. ජනතාව හැටියට වෙනත් විකල්පයක් ගැන අප සිතන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

සත්‍යයා Sunday, 18 December 2016 10:25 PM

මාධ්‍ය නිදහස යනු කුමක්ද කියා තර්ක කරන්න කලින් මාධ්‍ය යනු කුමක්ද කියා රට කරවන පිරිසට නිසි අවබෝධයක් තිබිය යුතුයි. එවිට පොලිසිය, ත්‍රිවිධ හමුදා ඇතුළු සියලුම රාජ්‍ය ආයතනද මාධ්‍ය වල වටිනාකම මෙන්ම ඊට ගරුකරන්නද ඉගෙනගනු ඇත. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 19 December 2016 03:14 AM

කියන්නේ එහෙමයි,කෙරෙන්නේ මෙහෙමයි. තමන්ට බලය ලැබුන විගසම මහජනතාව අමතක කරනවා. මේකයි අපේ සංස්කෘතිය (නි)

:       0       0

කමල් Monday, 19 December 2016 03:25 AM

මෙන්න යහපාලනය! (නි)

:       0       0

පාලිත Monday, 19 December 2016 03:36 AM

මාධ්‍ය නිදහස හොඳ දෙයක්. එය අගය කරනවා. නමුත් ඒ ඔස්සේ ඇතැම් පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය අනුමත කරන්න බැහැ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 19 December 2016 03:51 AM

හැමදෙයක්ම දේශපාලනීකරණය වෙමින් පවතින රටක, ඡන්ද දීපු ජනතාව කවුද .. ? (ම)

:       0       0

පෙරුමාල් Monday, 19 December 2016 03:52 AM

කැකිල්ලේ වුණත් රාජ නීතිය තමයි නීතිය! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site