IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නලියන නිළියෝ

2016-06-02-ent-01රටේ ඉන්න බහුතරයක් හැඩවැඩ ඇති කොල්ලෝ කෙල්ලෝ නළුවෙක් නිළියක් වෙන්න දරන දහම් ගැට කොච්චරද? මාගේ කල්‍යාණ මිත්‍රයෙක් වන, දැන් ලංකාවේ අතිදක්‍ෂ කැමරා ශිල්පියෙකුද මේ කර්මාන්තයට එන්නේ නළුවෙක් වෙන්න. හැබැයි ඔහු ලංකාවේ සුපිරි කැමරා ශිල්පියෙකු කරවීම දෛවය විසින් කරන ලද හොඳම දේ යැයි කීම විස්මයක් නොවන්නේ එය ඒ තරම් වටිනා නිසාය. මාද ඉස්සෙල්ලාම මේ කර්මාන්තයට එන්නට දැඟලුවේ නළුවෙක් වෙන්න. ඒකට අඩිතාලම දමාගන්නට පරාක්‍රම නිරිඇල්ල මහත්තයාගේ "සෙක්කුව" වේදිකා නාට්‍යයේ සම්මුඛ පරීක්ෂණයට මෙලෝ හසරක් නොදන්නා කොලොම්පුරේ ලයනල් වෙන්ඩ් රඟහලට ගොඩ වුණේ පට්ට බලාපොරොත්තු තියාගෙන. එතැන සෙනග පිරි සිටි අතර, කොල්ලෝ කෙල්ලෝ 1000ක් සහ නිරිඇල්ල මහත්තයා, එච්.ඒ. පෙරේරා ඇතුළු පිරිසක්ද සිටියහ. නම් ගම් දන්නේ දැන්ය. ඒ වැඩේ නිසා මට හොඳටම තේරුණේ ඒ වැඩේ මට හරියන්නේ නෑ කියාය. තඹ සතෙකටවත් ගණන් ගත්තේ නැති මම හිතේ දුක තද කරගෙන ආපසු හික්කඩුවට ආවේමි. අද නම් නළුවෙක් නිළියක් වෙන එක සිම්පල්ය. පිටපත ලියන කෙනාට කාර් එකක් වගේ ලොකු තෑග්ගක් දුන්නොත් ඒ පොරට ප්‍රධාන නළුවාටත් වඩා ලොකු චරිතයක් ලැබෙනවාමය. අධ්‍යක්ෂකගේ ගෙදර ප්‍රාඩෝ එකක් නතර කරන්න පුළුවන්නම් කල්ල මරේය. ඒවාගේ දේවල් මෙදා තිබේ. මොනවා කරන්නද මේ ලංකාවනේ. දැන් අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන් තෝරන්නට කරදර වන්නට දෙයක් නොමැත. ඒවා කරන්නේ, වෘත්තීමය වශයෙන් සිටි Castingdirectorsලාද නොවේය. ඒවා කරන්නේ නාළිකාවේ ලොක්කාය. නැත්නම් නිෂ්පාදකවරිය හෝ නිෂ්පාදකවරයාය, පිටපත් රචකයා පොරක් නම් එයාය.

මේ ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තයේ ඇති මාර ආතල් කතාය. නාළිකාවේ ලොක්කාට ආතල් දෙන නිළි නංගීට දෙයියන්ට වගේ සලකන්නට අධ්‍යක්ෂවරයා ලෑස්තිය. නැත්නම් අධ්‍යක්ෂවරයාට ජොබ් එක නැති වෙනවාය. ලොක්කාගේ නිළි නංගීට කැමරාවට එන්න ඕන විදිහ සැරට කිව්ව නිසා නාළිකා ලොක්කා කැමරා ශිල්පියා අයින් කරන්නට අධ්‍යක්ෂවරයාට කී පමණින් කැමරා ශිල්පියා ගෙදර යැව්වේය. දැන් නිළි නංගිලා ඒ තරම් ප්‍රබලය. හැබැයි හැමෝම එහෙම නැති වග අපි දන්නෙමු. මේ ළඟදී හදිස්සියේ මගේ යෙහෙළියකගේ ගෙට ගොඩවූ මොහොතේ ඇයගේ ඇනෙක්සියේ සිටි මොඩ්ල් නංගි කෙනෙකුට මා හඳුන්වා දෙන්නේ මේ අහවලා කියාය. මොඩ්ල් නංගි මට මාර බැල්මක් දැම්මාය. පසුව මගේ යෙහෙළියට ඇය කියන්නේ මගේ වැඩකට පොඩ්ඩක් ඔලුව දාගන්න හදලා දෙන්න කියාය. ඒ මොකටද කියා අපි හොඳින්ම දන්නෙමු. අද රෑට නිළිය වන නංගි හෙට රෑට ගණන් හදන්නේ පැය ගණන්වලටය. ඔන්න මගේ කතාවට පොට පෑදෙන්නේ දැන්ය. දැන් නිළියෝ මාර වාසනාවන්තය. කෙසේ හෝ දත් මිටි කා ටෙලියක හෝ දර්ශනයක පෙනී සිටින මේ නංගිලා සතියකින් ඩුබායිවල සිංදු කියන්නට යන්න තරම් වාසනාවන්ත වෙති. දෙබසක් හරියට කියා ගන්න බැරිය. කටහඬ ටකරං වගේය.

එන්නේ බස් එකේය. සතියකින් යන්නේ අලුත් කාර් එකකය. වෙන්නෙ මොකද්ද කියා අමුතුවෙන් කියන්න උවමනා නැත. ඊට පස්සෙ අධ්‍යක්ෂවරයාට ඉතුරු ටික කරගන්න නිළිය අල්ලාගන්නවත් බැරිය.

එක්තරා ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකුට මාර වැඩක් වුණේය. ඔහුගේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාලා මේ වර්ගයේ නිළි නංගියා ෂූටින් දවසෙ උදේ දර්ශන තලයට ඇවිත් නැතිවග දැනගත්තේය. සියලු දෙනාගෙන් විමසූ විට කියා ඇත්තේ ඇය නිවසේ නැති වගය. ටික වෙලාවකින් නිෂ්පාදක කණ්ඩායමේ කෙනෙක් අධ්‍යක්ෂවරයාට අමුතු ආරංචියක් රැගෙන ආවේය. ඒ ඇය සිංගප්පූරුවේ සිටි ඡායාරූපයක් FB පිටුවේ දමා ඇති බවයි. අධ්‍යක්ෂවරයා ෂූටිං පැක් කළේ කිසිවක් නොකියාය. ඒ නිළි නංගිට අධ්‍යක්ෂවරයාට මුකුත් කියන්නට බැරිය. එහෙම කිව්වොත් ඔහුගේ අධ්‍යක්‍ෂ පට්ටම ගැලවෙන්නේය. දැන් ඉන්නේ නිළියෝ නොවේය. නලියන නිළියෝය. ප්‍රියංකා චොප්රා හොලිවුඩයට ගියාය. ජැකලීන් බොලිවුඩයට ගියාය. අපේ නංගිලා යන්නේ කොහේදැයි දන්නෝ දනිති. අපේ කර්මාන්තයට ආතල් දෙන මේ නිළි නංගිලාට දෙයියන්ගේම පිහිටය. ඕවා ගැන කිය කියා අධ්‍යක්ෂවරු රෑට හොඳටම බීලා වැටිලා නිදිය ගන්නෝය.

 

සැ. යු - අදාළ නොවන නෝනා මහත්වරුන් බාර ගැනීමෙන් වැළකී සිටින්න.

 

කැලුම් පාලිත මහීරත්න.

 



අදහස් (0)

නලියන නිළියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1033 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 144 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 428 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1105 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2164 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site