ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව පැවැත්වූ බවට තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව නිලවරණය මෙහෙය වු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙම නිලවරණයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක පාර්ශයක් ඡුන්දයෙන් ඉවත් වීම පිළිබඳව ජයකොඩි මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මම එහිදී කටයුතු කලේ ක‍්‍රීඩා පනතට අනුවයි, ක‍්‍රීඩා පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච පනතක් නිසා එම පනත ඔය හැම එකකටම වඩා උසස්, මෙම ඡුන්ද විමසීමට නියෝජිතයන් 135 දෙනකු පැමිණ සිටියා, අපි එහිදී එක තනතුරකට පමණක් ඡුන්ද විමසුමක් සිදු කළා’’ යැයි ද ඇය පැවසුවාය. කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයාට අධිකරණය වෙතින් වාරණයක් පනවා තිබියදී, එම නිලධාරියා ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් ද වැලකී සිටි තත්ත්වයක ඔහු විනිසුරු කමිටුවට පත්වීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීහූ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් ප‍්‍රශ්න කළහ. එහිදී ඇය පැවසුවේ එවැනි වාරණයක් පනවා ඇති බවට තමන්ට දැනුම්දී නොමැති බවත් ඒ මහතා බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිතරගයෙන් තේරීපත් වී ඇති බවත්, මේ සම්බන්‍ධයෙන් කිසියම් විරෝධතාවක් ඉදිරිපත් කළහොත් ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්විය හැකි බවයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිලවරණයට කිසිම බලපෑමක් නෑ