‘‘සයික්ලෝන් 2014“ නව නිපැයුම් තරඟාවලියෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන තුනක් දිනාගැනීමට ගාල්ලේ මහින්ද විද්‍යාලයීය සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති. මේ තරඟාවලියට නව නිපැයුම් 265ක් ඉදිරිපත් කැර තිබිණි. උසස් පෙළ සිසුන්ට ද ඉදිරිපත් විය හැකිව තිබූ මේ තරඟයට මහින්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ඉදිරිපත් කර තිබූ මුහුදු ආසන්න සුළඟ උපයෝගීකරගනිමින් වායු සමනය කිරීමේ උපකරණයක්, මුහුදු ජලයෙන් විදුලිය නිපදවන විදුලි ජනන යන්ත්‍රයක් හා ආරක්ෂිත මාර්ග සංඥා පද්ධතියක් යන නිර්මාණ තුන ප්‍රථම ස්ථාන තුනක් දිනාගෙන ඇත. කොළඹ රාජකීය විද්‍යාලයීය නව නිපැයුම් සංගමය මේ තරඟාවලිය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්, තවත් දියුණු වේවා ! (නදී)
සුභ පැතුම් මහින්ද.(හේ)
ජයවේවා.(හේ)
මහින්දෙ තමයි ඉස්කෝලේ !!!!!!(අ)
අපේ පාසල, මහින්දයට ජය වේවා! (අ)
මේ දරුවන්ට සහ ඔවුන්ට මග පෙන්වූ ගුරුතුමන්ට මට දෙන්න තියෙන මුලික උපදෙස නම් අන්තර් ජාලයේ මේ පිලිබඳ දත්ත සහ තොරතුරු තම නිර්මාණයන්ට අන්තර් ජාතික පේටන්ට් අයිතිය ලැබෙන තෙක් කිසිවිටකත් ප්‍රසිද්ධ නොකරන්න. ශ්‍රී ලාංකික පේටන්ට් අයිතිය ලැබුනත් එය ජාත්‍යන්තරව වලංගු නැති නිසා අන්තර් ජාලයේ දැම්ම ගමන් අයිතිය කොල්ලකන ජාත්‍යන්තර හොරු අයිතිය ගන්නවා. (නදී)
මගේ සුභ පැතුම්! (නදී)
අපේ රටේ දක්ෂයින්ගෙන් වැඩක් ගන්නෙම නැහැනේ. ඒකයි අපිට දුක (නි)
අපේ පාසල, මහින්දයට ජය වේවා! (නි)
මේ දක්ෂයන්ට තවතවත් දැනුම ලබාදී අනෙකුත් දරුවන්ටත් මේ දැනුම බෙදීයාමට සැලැස්විය යුතුයි. මහින්දයට තවතවත් මෙවැනි දරුවන් බිහිකිරීමට හැකිවේවා කිය ප්‍රාර්ථනය කරනවා. (අ)
ලංකාවේ දරුවන්ගේ දක්‍ෂතාවයන්ට, නිරමාණශීලී හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මේ රටේ අධ්‍යාපන ඇමතිවරුන්ටත්, බුද්ධිමතුන්ටත් උවමනාවක් නෑ. ඒ නිසා මේ නිර්මාණවල ප්‍රායෝගික අයිතිකරුවන් වෙන්නේ ඒවා මිලදී ගන්නා හෝ වංචාවෙන් අයිති කරගන්නා විදේශ රටවල්. එස්. බී. දිසානායකලා වගේ අය නිසා බුද්ධිමතුන්ගේ ක්ෂේම භූමිය වූ විශ්වවිද්‍යාල ටිකත් විනාශවෙලා යන තැනට ඇවිල්ලා. (අ)
විදුහල් මෑණියනි ඔබ සැමදා දිනේවා! පාසලේ නම ඉහලට ඔසවා තැබූ පුතාලට ආදී මහින්දියෙක් වශයෙන් මගේ ප්‍රණාමය .සියවසකට අධික කාලයක් උගතුන් බිහිකළ මහින්දය තවත් සියවස් ගණනක් උගතුන් බිහිකලාවි.(අ)
දකුණේ කොල්ලෝ ඕන දේකට වැඩ කාරයෝ (නදී)
මෙවැනි දක්ශතා ජාත්‍යන්තර තලයට ගෙනයාමට දිරි දීම හැමෝගෙම වගකීමක්. රටේ අනාගතය වෙනුවෙන් කරන යහපත් ආයෝජනයක්. (නදී) මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියේනි වැජඹෙවා!!!
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කිර්තියෙනි වැන්ජබේවා!!! (අ)
ලංකාවේ හැම තැනම දක්ෂ ළමයි ඉන්නවා ඒත් අවශ්‍ය කරන දිරි ගැන්වීමක් නෑ.(හේ)
සියළුම දක්ෂයින්ට සුභ අනාගතයක්.(හේ)
දිගටම දිරි ගැන්වීමක් නොලැබුනොත් මේ දරුවන් උසස් පෙළින් පසු කුමක් හෝ වෙනත් අංශයක රැකියාවක් සොයාගෙන එතනින් නවතීවි. උපන් හපන්කම් වලින් රටට කිසිම වැඩක් වෙන එකක් නැහැ. (හේ)
මේ ළමයින්ට මේ දේවල් නවත්තන්න ඉඩ තියන්න එපා.(හේ)
නව නිර්මාණකරුවන්ට ලැබෙන දිරි දීම් නම් බොහොම මදි. අර ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ ගොවි දරුවාට ඉන් පසු මොකද වුනේ? ඒ ළමයා ගැන කවුරුවත් විස්තරයක් දන්නවද ? (හේ)
දැන් මේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබිය යුතු ඉහලම අනුග්‍රහය ලැබෙනවා නම් වටිනවා. කරුණාකර මේ උපන් හැකියාවන්ට දිරි දෙන්න. මේක හැමෝටම පිහිටන කුසලතාවක් නෙවෙයි. අන්තිමට මේ ළමයි වැඩිහිටියන් බවට පත් වූ පසු ලෝකයටම යමක් අරගන ගිය හැකි දක්ෂයන් බවට පත් කරන්න.(හේ)
සම්මානයක් දීල මේ ළමය මුල්ලකට කරන්න එපා.මෙයාලට තවත් ශක්තිය දීල ඉදිරියට ගන්න.(හේ)
රාජකීය විද්‍යාලයේ විද්‍යාගාරය , දකිනකොටත් ආසාවේ බැහැ. (ස)
ගාල්ලේ මහින්ද නම් ඉතින් අහන්න දෙයක් තියෙනවද? (ස)