IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘නාවික හමුදාපතිට ගන්නා ක්‍රියාමාර්ග රටට කියන්න‘

හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය  රෝෂාන් ගුණසේකර මාධ්‍යවේදියාට නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි.

එහි සභාපති ලසන්ත රුහුණගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ එම සිද්ධියට දින 10ක් ගත වුවද පරීක්ෂණ වල ප්‍රගතිය හෝ නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බවයි.

පහරදීම සාධාරණීකරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, වරාය ඇමති මෙන්ම අගමැතිවරයාද පළ කළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් එම සිද්ධියෙන් නාවික හමුදාපතිවරයා බේරාගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවත් රුහුණගේ මහතා සඳහන් කරයි.

මෙම මාධ්‍යවේදියාට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් රොශාන් ගුණසේකර මාධ්‍යවේදියා විසින්ම හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයයේ පැමිණිල්ලක් කරනු ලැබීය. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද නාවික හමුදාපතිවරයාට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබිණි.එම පැමිණිල්ල විභාග කරන ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන් වූ බව පොලිස්පති දන්වා තිබුණත් විමර්ශන ආරම්භ වු බවක් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.



අදහස් (0)

‘නාවික හමුදාපතිට ගන්නා ක්‍රියාමාර්ග රටට කියන්න‘

මානෙල් Wednesday, 21 December 2016 10:18 AM

සමහර අදහස් වල තනිකර වහල් බව ප්‍රදර්ශනය වේ. (නි)

:       0       0

වෙදගේ Wednesday, 21 December 2016 10:53 AM

මේක සුළු සිද්ධියක්නේ... කියන අයත් ඉන්නවා ඕනෑතරම් (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 21 December 2016 10:59 AM

නාවික හමුදාපතිතුමාට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්වේද? (නි)

:       0       0

සුනිල් Wednesday, 21 December 2016 11:23 AM

අර ඉස්සර අතුරුදහන් වෙද්දී, මහමඟ මරද්දී, කපද්දී කොටද්දීත් මොනවද වෙන්නේ කියලා අැහුවද කවුරුවත්? (නි)

:       0       0

කුමාර Wednesday, 21 December 2016 04:12 AM

රට ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂක අංශ නැතුව රටේ ඉන්න පාතාල කාරයින්ටයි රස්තියාදු කාරයින්ට ඕනවිදියට රට කරන්න දුන්නනම් හරි. (බ)

:       0       0

අමාලි Wednesday, 21 December 2016 04:12 AM

ප්‍රදීප් එතන රණවිරුවෙක් හිටියේ නැනේ හිටියේ කොට කලිසමක් ඇඳගත්ත චන්ඩියෙක් නේ. (බ)

:       0       0

සුනිල් සමරවීර Wednesday, 21 December 2016 04:19 AM

සිවිල් සමාජය ශක්තිමත්ව නැගිටින වෙලාව එන දාට පාලකයන්ට යනෙන මන් නැතිවෙයි (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 20 December 2016 04:55 PM

බය වෙන්න දෙයක් නැහැ, නාවික හමුදාපතිතුමා විශ්‍රාම යන දවසට ගන්න ක්‍රියාමාර්ගය පෙන්නාවි. (නි)

:       0       0

රුවන් Wednesday, 21 December 2016 04:32 AM

මමත් අහන්න කෑමතියි රතුපස්වල වෙඩිතියන්න අණ දුන්නු අයට දෙන දඩුවමත් දෑනගන්න එතකොට මේ මොන්ගල් උත්තමයෝ නිදියාගෙනද හිටියේ (බ)

:       0       0

අරුණ Tuesday, 20 December 2016 05:39 PM

කෝ අර ක්‍රියාත්මක කරනවා කියපු නීතිය? ප්‍රජාතන්ත්‍රවාදය? නිදහස? (නි)

:       0       0

ලලිත් Tuesday, 20 December 2016 05:52 PM

ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැත්නම්, පරීක්ෂණවල ප්‍රගතියකුත් නැත්නම් ඉතින් ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ (නි)

:       0       0

මුදලිගේ Tuesday, 20 December 2016 06:25 PM

මොකද හදිස්සිය විමර්ශන කරන්න..? පොඩ්ඩක් ඉන්නකෝ. මේ උත්සව සමය ඉවරවෙලා, අවුරුදුත් කාලා, අප්‍රේල් මාසේ සිංහල දෙමළ අවුරුදුත් කාලා, වෙසක්, පොසොන් එහෙමත් බලලා විමර්ශන පටන් ගන්න පුළුවන්නේ. මොකටද හදිස්සිවෙලා අත පුච්චා ගන්නේ. (නි)

:       0       0

සිරි Wednesday, 21 December 2016 05:41 AM

ක්‍රියාමාර්ගය මොකක්ද ඉතින්. රජයේ සේවයට කැපවීම ගැන ඔහුට තවත් පදක්කමක් ලැබේවි. (ම)

:       0       0

යොහාන් Tuesday, 20 December 2016 07:16 PM

මේ ගැන සොයන්න වෙනම කමිටුවක් එහෙම පත්කරලා නැද්ද? (නි)

:       0       0

ජනහිත්‍ Tuesday, 20 December 2016 08:08 PM

ආණ්ඩුවේ වැඩවලින් පිළිතුරු දෙනකන් බලාගෙන ඉන්න. ඉක්මනට ලැබෙයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 December 2016 06:43 AM

අමාලි මෙතුමා යුද්ධය කාලයේදී විශාල සේවයක් කරපු කෙනෙක්, රණවිරුවෙක්ද නැද්ද කියල ඇඳන් ඉන්න ඇඳුමෙන් කියන්න පුළුවන් කියල දැනගත්තේ අද. මෙතුමා අතින් යම් වරදක් වුනා තමා (බ)

:       0       0

ප්‍රසන්න Monday, 26 December 2016 04:04 PM

අපිට නම් නොකිවුවත් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 26 December 2016 04:05 PM

යස් සර්, නෝ සර්, ඇරෙස්ට් කරන්නේ නැහැ සර්, ප්‍රොමිස් යු සර්... (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 20 December 2016 10:18 PM

ඕවා ඔහොම වෙනවා කියලා දන්නවා නම් අපි යහපාලනය ගෙනෙන්න දායක වෙන්නෙ නැහැ. (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 21 December 2016 07:20 AM

පිටරටක තානාපති කෙනෙක් කරලා යවන්න.(ම)

:       0       0

වීරේ Tuesday, 20 December 2016 10:58 PM

කාලය ගතවෙනවා පමණි. කිසිවක් සිදුනොවේ (නි)

:       0       0

දහම් Tuesday, 20 December 2016 11:03 PM

ලොකු ලොක්කෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති බව නොවේද මෙයින් මුළු රටටම ප්‍රකාශකර සිටින්නේ (නි)

:       0       0

බමුණුසේන Tuesday, 20 December 2016 11:32 PM

ඇයි අහවලා පෙන්නුවේ රටටම ගත් ක්‍රියාමාර්ගය. අනේ මේ වගේ අය ඉන්න රටේ අපි ඉපදුනානේ? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:08 AM

මේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දක්වපු ඇල්මැරුණ ආකල්පය නිසා යහපාලනය මහා බැංකුවේ බැඳුම්කර සිද්ධියට පසු දෙවන වතාවටත් හෑල්ලුවුණා. තුන්වන වතාවටත් එවැනි දෙයක් සිද්ධ නොවන්න ජනාධිපති ක්‍රියා කරනු ඇතැයි ජනතාව උදක්ම බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

හෆීල් Wednesday, 21 December 2016 08:21 AM

බලයට එනකන් තමයි ඔක්කොම. එදා පොලීස්පතිට ආපු දුරකථන ඇමතුමත්, එකට එතුමා දුන් උත්තරයත්, නාවික හමුදාපතිගේ හැසීරිමත්, රජය මේවා සම්බන්ධව ගන්න අනුගමනයත් නැවතත් පරණ යුගයට තමයි යන්නේ. (ම)

:       0       0

ලලිත් Wednesday, 21 December 2016 08:51 AM

මොනාද ඉතින් යුරෝපිය රටක තානාපති හෝ ලොකුම උසස් වීමක්. (බ)

:       0       0

සරත් Wednesday, 21 December 2016 02:20 AM

රටේ දේපොළ 88-89 කාලේ පුච්චලා විනාශ කරලා දැම්මා. දැන් හම්බන්තොට විනාශ කරලා දානවා. ඒවාට වන්දි ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාව, ඔවුන්ගේ බදු මුදල් වලින්. (නි)

:       0       0

එරන්ද Wednesday, 21 December 2016 02:28 AM

කිසිම දෙයක් වෙන්නේ නැහැ. තව ටික දවසකින් මිනිසුන්ට ඔය සිද්ධිය අමතකයි (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 21 December 2016 03:00 AM

රණවිරුවාද? මාධ්‍යවේදියාද? සාධාරණය ඉටුවනතෙක් අපි බලාසිටිමු (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 December 2016 03:25 AM

මුළු රටම බලාඉන්නේ ඒක දැනගන්න තමයි (නි)

:       0       0

උදාර Wednesday, 21 December 2016 03:31 AM

අපි නිශ්ශබ්දව බලා ඉන්නවා මොකක්ද වෙන්නෙ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 87 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 538 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 739 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 434 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 375 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1219 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site