ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (18 වැනිදා) ඩුබායි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය දෙපිලටම ඉතාමත් තීරණාත්මක වන බව ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. ශී‍්‍ර ලංකා පිල පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර, ඊයේ (17 වැනිදා) පෙරවරුවේදී ඩිල්ෂාන් මේ බව පවසා සිටියේය.
මේ වන විට දෙපිලම තරගයක් බැගින් ජයගෙන සිටින බැවින් 1-1 ක් ලෙසින් තරගාවලිය සමවී පවතින අතර අද තරගයේ ජයග‍්‍රහණය ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිවේ.
අත්‍යවශයෙන්ම ලබාගත යුතු විශ්වාසනීයත්වය දෙවැනි ජයග‍්‍රහණය ලබා ගැනීමෙන් පසුව අප ලබාගෙන තිබෙනවා. දැන් අප බලාගන්න ඕනේ ඒ තත්ත්වය තරගාවලියේ ඉදිරියටත් පවත්වාගැනීමටයි” යයි ඩිල්ෂාන් පැවසීය.
අද තරගයත් ජයගන්න අපට පුළුවන් වුණොත්, ඒක අපට මානසික ශක්තියක් වෙනවා. ඒත් පාකිස්තානු කී‍්‍රඩකයනුත් පිටියට පිවිසෙන්නේ ඒ වගේම මානසිකත්වයකින් කියන එක මා දන්නවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.
උපුල් තරංග සහ මහේල ජයවර්ධන නැවතත් ලකුණු අතරට පැමිණිම පිළිබඳව සතුට පළකළ ශී‍්‍ර ලංකා නායකයා, ලසිත් මාලිංගගේ දස්කම් නිසා ශී‍්‍ර ලංකා පිල නැවතත් ජයග‍්‍රහණ අතරට පැමිණීමට හැකිවූ බවත් පැවසීය.
සමහර වෙලාවට අපි අද තරගයේදී අපේ පිතිකරු ලයිස්තුව වෙනස් කරන්නත් පුළුවන්. ඒත් තණතීරුවේ තත්ත්වය මත ඒ සියල්ලම රඳා පවතිනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.
අප බොහෝ වෙලාවට සාර්ථක ආරම්භයක් ලබාගත්තා. ඒත් ඉනිමේ වැඩි ඕවර සංඛ්‍යාවක් යැවෙද්දී පිතිහරඹය අසාර්ථක වෙනවා”
අප මේ ප‍්‍රශ්නය ගැන කතාකරලා තියෙනවා. අපි කඩුලූ අතේ තියාගන්න ඕන කියන එක පිතිකරුවන්ට ඒත්තු ගන්නලා තිබෙනවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.
එක්දින තරග සඳහා හඳුන්වා දෙනු ලැබ ඇති නව නීති රීති නිසා පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට තරමක වාසියක් අත්වන අතර ලකුණු 240 ත් 250 ත් අතර සංඛ්‍යාවක් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලෙසද සැලකේ.
මෙම තරගයේදී ලකුණු 13 ක් ලබාගැනීමට සමත් වුවහොත් එක්දින අන්තර්ජාතික තරග අතරේ ලකුණු 10,000 සීමාව පසුකිරීමට සමත්වන දෙවැනි ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසින් මහේල කි‍්‍රකට් ඉතිහාසයට එක්වනු ඇත. අද තරගය මහේලගේ 355 වැනි එක්දින තරගයයි. එක්දින අන්තර්ජාතික තරග බිමේදී කී‍්‍රඩකයන් අද දෙනකු ලකුණු 10,000 සීමාව පසුකර ඇති අතර තරග 445 කදී සනත් ජයසූරිය ලබාඇති ලකුණු සංඛ්‍යාව 13,430 කි.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැවතත් ලබාගත් විශ්වාසනීයත්වය ඉදිරියටත් ගෙන යාම අභියෝගයයි