IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නවම් පොහෝය අදයි

(ආරියරත්න රණබාහු )

නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.

ඒවා අතර සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, සහ බුදුරදුන් ආයු සංස්කාරය කිරීමද වේ.

බුදුරදහු රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන විට උපතිස්ස සහ කෝලිත යන යහළුවන් දෙදෙනා දෙසිය පනහක් පිරිස සමඟ එහි පැමිණ සැරියුත් මුගලන් නමින් පැවිද්ද ලබා ගැනීම වැදගත් සිදුවීමකි .

බුදුරජාණන් වහන්සේ එහිදී ඒ වන විටවැඩ විසූ 1250ක් පමණ වූ භික්‍ෂූන්වහන්සෙලා එක් තැනකට රැස්කොට ඒ සියලු දෙනා වහන්සේලා අතුරෙන් සැරියුත් මුගලන් දෙනමට සියසසුනෙහි අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමුහ.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ඇතුළු කලින් පැවිද්ද ලබා රහත් භාවයට පත් භික්‍ෂූන් වහන්සේලා සිටියදී මෙසේ සැරියුත් මුගලන් දෙන මට අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීම සිදුකළේ වෙනත් හේතු හේතුවක් නිසා නොව උන්වහන්සේලා ඒ සඳහා අතීතයේ වැඩ සිටි අනෝමදස්සි බුදුරදුන් හමුවේදී විවරණ ලබා ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කරමින් පැමිණි නිසා බව මෙහිදී බුදුරදුන් වදාළහ.

බුද්ධත්වයේ සිට විෂය අවුරුද්දක කාලය ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ ප්‍රථම බෝධි කාලය වශයෙනි. මේ අවධියෙහි සංඝ සමාජය මනා වූ විනයකින් හා සංවරයකින් යුක්තව පැවතිණි ඒ නිසා හික්මීම සඳහා විශේෂ විනය ශික්ෂාපද පැනවිය යුතු නොවීය මෙයට ප්‍රධාන හේතුව දීර්ඝ කාලයක් සංසාරයෙහි කුසල දහම් සම්පූර්ණ කරමින් බුදුරදුන් හමුවේදී නිවන් අවබෝධ කරගැනීම සඳහා ප්‍රාර්ථනා තබාගෙන පැමිණි බොහෝ අය සසුන්ගත වී සිටීමය එක් බණ පදයක් කන වැටීමත් සමඟම බොහෝ අය මගඵල ලබා ගැනීමට ප්‍රධාන හේතුවද එය විය.

සෑම බුදුවරයෙකුගේම ආරම්භක අවධියේ සංඝ සමාජය තුළ පැවති මනා සංවරය නිසා ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් නිරන්තරයෙන් දේශනා කිරීම සිරිතක්ව පැවතිණි .ගාථා තුනකින් යුත් එයින් දැක්වෙන්නේ අකුසල ක්‍රියාවන්ගෙන් ඉවත්ව ඉවසීම ප්‍රගුණ කරමින් සිත පිරිසිදු කොට ගෙන නිවන් අවබෝධ කිරීමේ ප්‍රතිපදාවේ උනන්දුවෙන් ක්‍රියා කිරීමේ අගයය.

බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව එළැඹි පළමු වන නවම්පුර පසළොස්වක පොහෝ දිනයේ දී මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සංඝ සමාජය වඩාත් අර්ථවත් භාවය පත්වීම පිණිස හේතු විය

බුද්ධත්වයෙන් පන්සාලිස් වසර සම්පූර්ණ වීමට තෙමසක් තිබියදී චාපාල චේතිය නම් ස්ථානයේ වැඩ විසූ බුදුහු ඡන්ද චිත්ත වීරිය වීමංස යන සතර සෘර්දිපාද වැඩහුවට කැමතිනම් ආයු කල්පයක් වැඩ විසිය හැකි යැයි ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළහ .

එයින් අදහස් කරන ලද්දේ ඒ වන විට මනුෂ්‍යයාගේ පරම ආයුෂ ප්‍රමාණය ජීවත්වීමට හැකි බවයි බුද්ධඝෝෂ හිමි ඇතුළු සමහර අටුවාචාර්යවරයො සඳහන් කර ඇත බව පැවසේ.. එහෙත එපමණ කාලයක් වැඩ සිටින්නයි ආරාධනා කිරීමට ආනන්ද හිමියන්ට සිහි එළවා ගත නොහැකි විය අනතුරුව එහි පැමිණි මාරයා ඉතා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත , ධර්මධර භික්ෂූන් ඇතිවන තෙක් පිරිනිවන් නොපාන බවට කලින් ප්‍රතිඥා දී තිබී නමුත් දැන් ඒ සියල්ල සම්පූර්ණ වී ඇති හෙයින් පිරිනිවන් පා වදාරන්නයි අය ද සිටියේය.

නවම් පුර පසළොස්වක පොහොය දෙන අද වැනි දිනෙක මාරයා කළ එම ඇරීම පිළිගත් බුදුරජාණන් වහන්සේ තවත් එමසකින් පිරිනිවන් පාන බවට පොරොන්දු වූහ.

මේ අන්දමට පිරිනිවන් පෑම සඳහා කාලේ සීමා කර ගැනීම ආයු සංස්කාරය කිරීම වශයෙන් හැඳින්වේ.

(සාසන ඉතිහාසයේ සඳහන් මෙම ධර්ම කරුණු ලබාදුන් ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධ ආයතනාධිපති ්‍රිපිටකාචාර්ය ය පූජ්‍ය පාද දිවියා ගහ යසස්සී නාහිමියන් වහන්සේට අපගේ කෘතඥතාවය පළ කරමු.)

 



අදහස් (0)

නවම් පොහෝය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 439 1

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 891 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 418 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 136 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 1080 1

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 424 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 700 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 346 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 494 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site