
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය ලබන නොවැම්බරයේ දී පැවැත්වීමට නියමිත අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, එම මැතිවරණය අවසන් වනතුරු, ඉරානයට කිසිදු ආකාරයක ප්‍රහාරයක් එල්ල නොකරන බවය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ, තම නියෝජිතයන් සහ ඉරාන නායකත්වය අතරේ, පැහැදිලි මෙන්ම හරවත් සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත්, මධ්‍යවාර මැතිවරණය අවසන් වනවිට, ඉරානය සමග පැහැදිලි ගිවිසුමකට යෑමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය යනු ඇමෙරිකා ජනාධිපතිවරයෙකුගේ සිවු වසරක ධූර කාලය අතරමැද, එනම් වසර දෙකක් ගත වූ පසු පවත්වන මහ මැතිවරණයයි.
මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයකු තෝරා පත් කර නොගත්තද, කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහාත්, සෙනෙට් සභාවේ ආසනවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකට නව නියෝජිතයන් තෝරා ගැනීම සිදුවෙයි.
මීට අමතරව, විවිධ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් සහ ප්‍රාදේශීය නියෝජිතයන් තෝරා පත් කර ගැනීමද මේ යටතේ සිදු කෙරෙන අතර, මෙම මැතිවරණය සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදාට යෙදී ඇති වසරක (මෙවර 2026 නොවැම්බර් 3 වන දින) පවත්වනු ලබයි.
මෙම මැතිවරණය පැවැත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ජනතා නියෝජිතයන් හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ පළමු අර්ධය පිළිබඳව ජනතාවගේ තක්සේරුව කුමක්දැයි මැන බැලීමය.
කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය හිමිකර ගන්නේ කුමන පක්ෂයද යන්න තීරණය වන්නේ මෙම මැතිවරණයෙනි. එබැවින්, ජනාධිපතිවරයාට තම ප්‍රතිපත්ති සහ නීති සම්පාදන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කොංග්‍රසයේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතර, විපක්ෂයට ද ආණ්ඩුවේ බලය පාලනය කිරීමට හෝ අභියෝග කිරීමට මෙය ප්‍රධාන අවස්ථාවක් වේ. මේ වනවිට කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශතයකටවත් විශ්වාස කල නොහැකි තවත් මාලිමාවක් නේද? ලංකාවට මේ මාලිමාව ලෝකයට අර මාලිමාව අයහපත අසතුට බිය කුරිරුකම දුෂ්ටකම බේද බින්නකම ජඩකම වෛරීකම ගෙනෙනවා.මෙයාලා ලෝකවාසි සැමටම සාපයක්.