
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට එරෙහිව යළි දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අවශ්‍ය සූදානම් කිරීම් අවසන් කරන ලෙස ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එරට මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානයට උපදෙස් දී ඇතැයි ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ඇක්සියෝස් පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වෙතත්, ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, ප්‍රහාර ආරම්භ කිරීමට නිශ්චිත දිනයක් නියම කර නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වේ. හමුදාවට මෙම උපදෙස් ලබාදී ඇත්තේ දින කිහිපයකට පෙර බවද එහි දැක්වේ.
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු කොංග්‍රස් මධ්‍යවාර මැතිවරණයට පෙර මෙහෙයුම් යළි ආරම්භ විය හැකි බව ඇමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන් ඇක්සියෝස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් එම දිනයට පෙරට ඇමෙරිකාව ඉරානයට නිශ්චිතව පහර දෙනු ඇතැයි එම පුවත් සේවය වාර්තා කර නොමැත.
මෙහෙයුම් යළි ආරම්භ කළහොත් ඉරානයේ බලශක්ති පහසුකම්, යටිතල පහසුකම් සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත පුළුල් ප්‍රහාර මාලාවක් එල්ල විය හැකි බවද අදාළ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තාව සඳහන් කරයි. එවැනි මෙහෙයුමකදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව කටයුතු කිරීමට ඉඩ ඇති බවද එහි දැක්වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කණ්ඩායම පසුගිය සිකුරාදා කෑම්ප් ඩේවිඩ්හිදී රැස්වී පැය කීපයක් යුද්ධය සහ වෙනත් කරුණු පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ඇක්සියෝස් වාර්තා කළේය. ඉරානයට එරෙහිව මහා පරිමාණ මෙහෙයුම් යළි ආරම්භ කිරීමේ හැකියාවද එහිදී සාකච්ඡාවට ලක් වූ බව ඊශ්‍රායල නිලධාරිකේ ප්‍රකාශ කල බවද එම පුවත් සේවය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd