IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘

(ඩයනා උදයංගනී )

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා  අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද සභාපතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී  මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි 
 



අදහස් (23)

‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘

සමීර Monday, 28 January 2019 07:00 AM

අධිකරණය වලක්වපු නීති විරෝධී මැතිවරණය පවත්වන්න මෙයා සුදානම් උන දවසේ ඉදං තව දුරටත් සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය පුටුවේ ඉන්න.

:       1731       1707

channa Monday, 28 January 2019 07:35 AM

දැන් වයසත් හරි. බුණුබුරෝඑක්ක එන ගමන් පිනක් දහමක් කරගන්න.

:       1411       772

ඇත්ත සත්‍යපාල Monday, 28 January 2019 09:21 AM

චන්න, මෙයා මේ වගේ විහිලු කතා ඉඳහිටලා කියනවා. මේ ජනවාරි මාසේ... තව අවුරුද්දකට ටිකයි අඩු. අඩුම ගානේ අලුත් අවුරුද්දට පෙර මැතිවරණයක් පැවැත්තුවේ නැත්නම් මම අස්වෙනවා කියලා නොකියා නොවැම්බර් වෙනකම් ඉන්නවලු. නොවැම්බර්වල කියාවි මම කිව්වේ 2020 නොවැම්බර් කියලනේ දරුවනේ කියලා...

:       180       267

අනුර Monday, 28 January 2019 07:56 AM

ඇයි ජනාධිපතිවරණයට කළින් ගෙදර යන්න හිතුනේ ආතතිය වැඩිවෙයි කියලා බයේද?

:       241       198

Hafeel Monday, 28 January 2019 08:39 AM

මේකත් මේ දවස්වල අපරාධ නඩු කල් දාන්න වගේ කල් ඉල්ලන්නේ...

:       221       58

p.d goonawardena Monday, 28 January 2019 09:03 AM

අනේ අස්වෙන්නකෝ ...දැන් කී පාරක් කිව්වද ඔහොම .....

:       189       303

saga Monday, 28 January 2019 09:27 AM

නියම කවටයෙක්. ඔය වාගේ අය මේ දූපතට තව අවශ්‍යයි..

:       87       207

ase Monday, 28 January 2019 09:29 AM

හැම තර්ජනයම අපිට, ඉතින් යන්න.. ඔබතුමා පත් කලේ අපිද? ඡන්දයක් තිබුණත්, නැතත් අපේ මොනවද වෙනස් වන්නේ?

:       40       26

gaspe Monday, 28 January 2019 09:30 AM

තවත් කයිවාරු කාරයෙක්. 60 පැනපු අය මොන කෙන්ගෙඩියටද තව රස්සාවල් කරන්නේ? මේ අයවයි, 60 පැනපු දේශපාලකයන්වයි ගෙදර යවන්න මොකෙට්ටවත් බැරි එකෙන් තේරෙන්නේ ලංකාවේ අයගේ තියන නෝන්ජල් ගතියයි...

:       136       170

ගල්කටස් Monday, 28 January 2019 09:32 AM

අස්සයා ගිහින් ඉවරයි... කටින් බතල හිටුවීම

:       94       202

Ananda Monday, 28 January 2019 09:42 AM

අර එක්කෙනෙක් රනිල් ආයේ අගමැති වුනොත් ජනාධිපතිකමෙන් අස්වෙලා ගෙදර යනවා යනවාමයි කිව්වා වගේද?

:       24       63

smn Monday, 28 January 2019 09:43 AM

පළාත් පාලන, පළාත් සභා, මහමැතිවරණ සහ ජනපතිවරණය පවත්වන්න මොන තරම් වියදමක් දරන්න වෙනවද? මැතිවරණ කීපයක් එකට පවත්තලා ඒ විදිහටවත් වියදම් අඩු කර ගත්තනම් හොඳයි කියලයි මං කියන්නේ.

:       109       41

indikaMonday, 28 January 2019 10:20 AM

මේ ආණ්ඩුවේ ඇමතිලා කරන නාස්තියයි, හොරකනුයි එක්ක ඒ වියදම සොච්චමක්...

:       0       143

rosa Monday, 28 January 2019 10:09 AM

නොවැම්බර්වලට ඉස්සෙල්ලා ඡන්දයක් එනවා වගේ...

:       4       28

[email protected] Monday, 28 January 2019 10:29 AM

මෙයත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් වගේ....

:       150       134

sampath pathirana Monday, 28 January 2019 12:09 PM

ඡන්දයක් තියන්න බැරි ඡන්ද කොමිසමෙන් වැඩක් නෑ.. කොහොමත් මේ ආණ්ඩුව ඡන්ද තියන්න දෙන්නෙත් නෑ.. තියලා ආණ්ඩුවට දිනන්නත් බෑ.

:       43       149

කසුන් Monday, 28 January 2019 01:48 PM

ඉල්ලා අස්වෙනවට වඩා හොඳ නැද්ද රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයීතින් තහවුරු කරන්න පෙර ගමන් කරුවා වුණානම් !!

:       6       85

සෙනෙවි Monday, 28 January 2019 03:48 PM

මෙයාගේ කතාව හිස් බෙලෙක්කයක වගේ වගේ සද්දෙ විතරයි

:       27       4

hasantha Monday, 28 January 2019 05:25 PM

මට චීන සහ ඇමෙරිකානු වැසියන් දෙගොල්ලම මුණ ගැසිලා තියෙනවා. ඡන්දයක් ගැන ඔව්න්ට තියෙන උනන්දුව අවමයි. ඒකට ලංකාව ඡන්දයක් එනකන් ඉන්නවා හැමදාම තියෙන තත්වයන් ටිකක් හරි ඉස්සරහට යයිද බලන්න. අපේ රටේ වැරැද්ද කොතනද කියල තේරුම් ගන්න මේ ආකල්පයම ඇති.

:       0       27

ගොන්ගාලේ ගොඩබණ්ඩා Monday, 28 January 2019 11:43 PM

කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට රාලහාමිලා වගේ අය ගණන් ගන්නේ ඇයිද සුළු දෙය.....//

:       0       9

Banda Tuesday, 29 January 2019 01:44 AM

අනේ කොමසාරිතුමා නොවැම්බර් කියපු හාමා කාලය හොඳටම වැඩියි. ඒ හින්දා මාර්තු වල ට පෙර ඡන්දයක් නොතිබ්බොත් ඉල්ලාවෙන බව කියන්න එතකොට තමයි ජනතාවට ඔබ වීරයකු වන්නේ. නොවැම්බර් කීව විට මිනිස්සු හිනා වෙනවා නේ.

:       0       3

jana Tuesday, 29 January 2019 03:16 AM

මෙයාගේ පවුලේ උදවිය පුදුම මිනිස්සු. සහෝදරයා සුනන්ද දේශප්‍රිය දේශ ද්‍රෝහියෙක් වගේම ජාති ද්‍රෝහියෙක්. කොටි සංවිධානය නැවත නාග සිටුවීමට ඩයස්පෝරාව සමග රටට එරෙහිව ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වල මුල් පෙලේ ක්‍රියාකාරිකයෙක්. මේ රජය බලයට පැමිණි විගසම මේ රටතුළට ඇවිල්ල වැඩ පටන්ගත්ත. මේ මැතිවරණ කොමසාරිස් මේ රට බෙදීමේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඩයස්පෝරාවේ නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරන රාජ්‍ය නිලධාරියෙක්. මෙයාව මෙතරම් කාලයක් මේ ධුරයේ තියන්නත්, ඉදිරියට තබාගන්නත් දෙමල ජාතික සංවිධානය සහ ඩයස්පොරවත් මේ රටේ අගමැති ඇතුළු එහෙයියන් කණ්ඩායමකුත් ක්‍රියාත්මකයි.

:       8       32

Nishantha Tuesday, 29 January 2019 04:22 AM

මොනවා උනත් මෙතුමා නිසා තමා මිනිස්සු ඡන්දේ දෙන්න පෙළඹුනේ......

:       16       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 287 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 381 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 213 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 717 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 396 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 229 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site