හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට රැකවරණ දී රාජද්‍රෝහී ක්‍රියා කිරීම ඇතුළු චෝදනා 41කට තමන් නිවැරැදි කරුවන් බව හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප‍්‍රිය ද සිල්වා මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ දි කීහ. චෝදන එකින් එක ඔවුන් ඉදිරියේ කියවන ලද්දේ තෝල්ක මුදලි විසිනි. චෝදනා 19ක් නිවැරැදි කිරීමට රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහාතට අවසර දුන්නේය.
සේනක ද සිල්වාගේ නීතීඥ උපුල් ජයසූරිය මහතා කීවේ එසේ නිවැරදි කිරීම් ගැන කරුණු දැක්වීමට අවශ්‍ය බවයි. පෙබරවාරි 21 වැනිදා ඒ වෙනුවෙන් වෙන් විය.
යුද හමුදාවට උපකරණ කිහිපයක් සැපැයීයැයි පවරා ඇති හයිකෝප් නඩුව ද රාජපක්ෂ විනිසුරු හමුවේ විභාගයට ගැනෙන නිසා මේ නඩු දෙකම ඔහු ඉදිරියේ විභාග කිරීම ගැන අකැමැත්තක් ඇද්දැයි උසාවිය විත්තියේ නීතීඥවරුන්ගෙන් ඇසූ විට ඒ ගැන විත්තිකරුවන්ගෙන් අසා දන්වන බව නීතීඥවරු කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල්ට මේ තත්ත්වය උදාකළේ ජේ.වී.පී. අය
සත්‍ය නම් ජයගනී. හැබැයි එහෙම වුණොත් මෙතුමා හිරේ තමයි ඉන්න වෙන්නෙ
ජනරාල්ගෙ වැරැදි ඇති, ඒත් ඔහොම කරන එක ඉතා වැරැදියි
නොසලි ඔබ ඉදිරයටම යන් ඔබට ජය නියතයි.
ඔබට සදා ජය. සත්‍යය ජය ගනීවි
සඳරුවන් සියයට සියයක් හරි
ජාතියේ වීරයාට ජයවේ.
ජනරාල්ගෙත් වැරැදි තියෙනවා ඒක ඇත්ත. මොන දේ කළත් අපේ රට බේරගන්න මුල්වුණු ඔහු ගැන අප අමතක කරන්න හොද නෑ
ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබව මේ ජරා දේශපාලනයට ගෙනාපු එකට කාටවත් බැනල වැඩක් නැහැ. ජනරාල්ට මේ තත්ත්වය උදාකළේ ජේ.වී.පී. අය. ෆොන්සේකා විසින් කරගත්ත දේවල් ජෙනරාල් වුවත් නීතිය එකයි.
දෙයියෝ සාක්කි
ජනරාල් ෆොන්සේකා මහතාව නිදහස් කරමු
ජනරාල් ජේ.වී.පී. එකේ උගුලට අසුවුණා
කන්න දුන්නු අත හපා කන්න ගොස් ෆොන්සේකා විහින් කර ගත්ත දේවල් තමා මේ. මොහු බලයට ආවා නම්, මෙයාට විරුද්ධ අයට උසාවියක් දකින්නවත් දෙයිද?
මනුෂ්‍ය නීතියට වඩා දේව නීතිය දරුණුයි
බල තණ්හාවට ගියාම ඔහොම තමයි
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
ජෙනරාල් ෆොන්සේකා මහතා පමණක් නෙවේ මුළු රටේම ජනතාව දේශපාලනය නිවැරදිව කලයුතු වේ. එවිට වඩා හොඳ නීතිගරුක පාලනයක්ද, ජනතාවට හොඳ රටක්ද දිනාගත හැකිවේ.
දෙවියන් බලා ගනීවි..
කාටවත් බැනල වැඩක් නැහැ. ෆොන්සේකා විසින් කරගත්ත දේවල්
ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබව මේ ජරා දේශපාලනයට ගෙනාපු එක
ජාතියේ වීරයාට ජයවේයා..
අපි නිතරම ඔබ සමගයි..
සඳරුවන්ගේ කතාව හරි
මේ පළිගැනීම කවදා ඉවර වෙඉද මන්ද. තෝරු මෝරු පැනල යද්දී හල්මස්සෝ අල්ලන්න හදනවා
ජෙනරාල් උණත් නීතිය එකයි..
මේවා උඩ ඉක්ක දෙවියොම බලා ගනීවා..
කළ ගුණ දන්න ජාතියක් හැටියට අපි මේ වගේ දේවල් කිරීම සාධාරණද? කොටි උසාවියේ නඩු කියල ඔවුන් නිදහස් වෙන කොට, යුද්ධය නිමා කරපු ජනරාල් තවම කූඩුවේ.
තීන්දුව ගැන අපි දන්නවා
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ