(සුජිත් හේවාජුලිගේ )
දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ දේහයට අවසාන ගෞරව දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා සංඝරත්නය, දේශපාලන නායකයෝ විවිධ ක්ෂේත්‍රවල පිරිස් සහ ජනතාව උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රාජගිරිය කලපළුවාව තපෝවන විහාරස්ථානයට වැල නොකැඩී පැමිණෙමින් සිටිති.
එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරුවේද චන්ද්‍රසිරි නාහිමියන්ය.
දොඩම්පහල චන්දසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන ලබන 21 වැනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.
ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු පස්වරු 3:00 ට ආරම්භ කරන බව බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ත්‍රයි නිකායන් සමග එක්ව ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ චන්දසිරි නාහිමියන්ගේ අපවත්වීම සසුනට මහත් පාඩුවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියෝ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.
දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා අපවත් වූහ. අපවත් වන විට උන් වහන්සේ 84 වැනි වියේ පසුවූහ.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාහිමි දේහයට මල් ඉහින්න මහ පිරිසක්
රත්නායක Friday, 19 May 2023 07:12 AM
මහා නාහිමියන්ට නිවන්සුව පතමු.