නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදී තර්ජනය කිරීමෙන් සහ ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී එහි සිටි පාසැල් සිසුවියකගේ මුහුණට පහරවැදීමෙන් රටේ පාසල් සිසුන්ගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් නීතීඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
එසේම අදාළ සිද්ධියට භාජනයවූ නාවික හමුදා නිලධරයාට සහ පාසල් සිසුවියගේ ගෞරවය ආරක්ෂා වන නියෝගයක් නිකුත් කරන්නැයි ද එම පෙත්සමින් ඉල්ලා ඇත.
ගනේමුල්ල ගලහිටියාව පදිංචි නීතීඥ පී.ලියනආරච්චි මහතා එය ගොනුකර ඇති අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ,නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු කීයක් නඩුව අහයිද කීදෙනෙකුට මතක තියෙයිද බලමුකෝ...(හේ)
මේක පුර්වාදර්ශයට අරන් තමිල්නාඩු කට්ටිය අපට විරුද්ධව යෝජනා සම්මත කිරීමෙන් අපේ මුලික අයිතිවාසිකම් කඩවුණා කියලා බැරිද අම්මපා නඩුවක් දාන්න. (හේ)
කවුරු වුනත් කොන්ද පණ තියෙන මහත්මයෙක්! (හේ)
අපි ශ්‍රී ලංකා අධිකරණයේ තීන්දුව දෙස බලාසිටිමු (නි)
විශිෂ්ට ශ්‍රී ලාංකික පුතෙක්! (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
ඔහු අනිවාර්යයෙන් එම දැරිවියගෙන් සහ සමස්ත පාසල් සිසුවියන්ගෙන්ම සමාව ගත යුතුයි. ඒ ආදර්ශමත් නොවෙන විදියට ගරු සභාවක් ඉදිරියේ හැසිරීම ගැන. (නි)
කවුරු වුණත් කොන්ද පණ තියෙන මහත්මයෙක්. ජයවේවා! (නි)
අනේ මේ රටේ වෙන ප්‍රශ්න නැහැ අපට (නි)
වැදගත් තීරණයක්, අද අපේ වගකීම වෙලා තියෙන්නේ දේසපාලුවෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් කිරීමයි (බ)
නීතීඥ පී.ලියනආරච්චි මහතා ට අපගේ ප්‍රණාමය පුද කරමු. නොහික්මුණු මිනිසුන්ට , මනුෂ්‍යත්වය උගැන්වීමට එතුමාට හැකිවේවා (බ)
නඩු නිමිත්තකට යන්න රටේ වෙන ප්‍රශ්න නැද්ද මහත්තයෝ ජාතිවාදයකට තුඩු දෙන මේ වගේ සිද්ධියක් ඇදගෙන යන්න හදන්නේ...? (බ)