IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නැහිර සිසුහු වීදි බසිති

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් , නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසරේ සිසු සිසුවියෝ සියයක් පමණ අද  (15) පැය හයක් පමණ කාලයක්  එම විශ්ව විද්‍යාලයේ වන්දාරමුල්ල විද්‍යා පීඨය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවක් පැවැත්වූහ. පළමු වසරේ සිසුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ  ‍භෞතික විද්‍යාව පරීක්ෂණය ද ඔවුහු වර්ජනය කළහ. සිසුන් 72 දෙදෙනකුට විභාගයට ඉදිරිපත් වීමට ඉඩ නොදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව එම සිසුවෝ පවසති. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්තක විය.



අදහස් (0)

නැහිර සිසුහු වීදි බසිති

විජේසිංහ Friday, 16 November 2012 05:12 AM

ප්‍රමිතියක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාල වහලා පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න. එතකොට මේ අය ස්ට්‍රයික් නොකර ඉගෙනගනියි. නැත්නම් තියෙන්නේ ප්‍රේමදාස කාලේ කළා වගේ අවුරුදු ගණන් ඕවා වහලා තියන එකයි. එතකොට ගෙදරට නාකි වෙනකොට ඉගෙනීමේ අගය තේරෙයි. (නි)

:       0       0

ජිල්ඩෝ Friday, 16 November 2012 07:04 AM

පන්ති තහනමක් දැම්මා නම් හරි කියලයි මම කියන්නේ. විජේසිංහගේ කතාව හරියටම හරි. කරන්න ඕනෑ ඒක තමයි. (නි)

:       0       0

ජිල්ඩෝ Friday, 16 November 2012 07:25 AM

කට්ටිය විශ්ව විද්‍යාලයෙන් කොටසක් ඕනෑ කියනවද්ද ? (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 05:24 PM

72කට විභාගයට වරම් නොලැබුණේ නිකන් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

ලහිරු අත්තනායක Friday, 16 November 2012 09:16 AM

ඔය කට්ටිය ඔහොම කියන්නේ මඩකලපුව දැකලා වත් නැතුව. 2009/2010 බැජ් එකේ පළමු සෙමෙස්තරය ඉවරවෙලා අවුරුද්දක් වෙලාත් තාම ප්‍රතිඵල නැහැ. 2010/2011 බැජ් එකේ පළමු සෙමෙස්තරයට පසුගිය 14 ට වසරයි. ඒත් තාම විභාගය නැහැ. මෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මඩකලපුවේ ඉදන් කට්ට කන අපි මිසක් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න උල්පන්දම් දෙන උදවිය නොවේ. (නි)

:       0       0

හේරත් Thursday, 15 November 2012 05:37 PM

අනේ මේ අපේ රටේ ජීවනාලිය නේද? (නි)

:       0       0

ඔසඳ Monday, 19 November 2012 11:37 AM

මේවට කෑගහලා නතරවෙලා වඩක් නෑහෑ. ඊට වඩා හොඳ දෙයක් කරන්න. (ස)

:       0       0

උදාර Friday, 16 November 2012 09:41 AM

සමාවෙන්න ඕන විජේසිංහ මහත්මයා අපි ගොඩක් දුප්පත් මිනිස්සු. රජයේ විශ්වවිද්‍යාල වහලා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරියොත් දුප්පත් දෙමාපියන් තුල අපි වෙනුවෙන් පායපු ඉරවල් ආයේ කවදාවත් පායන එකක් නෑ.අපි ලෝකයට එක් කරන්න හදන අලුත් විද්‍යාව සමහර විට ඔබ කියන දෙයින් නැතිවෙලා යාවි.ඒක ඔබත් මාත් ජිවත්වන වටපිටාවේ සෙල්ලම් කරණ කුඩා දරුවන්ගේ කොටසකට දුවපන නැටීමට අවසර ඇතුවා සේය.දිනක ඔබ දරුවාද ඒ දෙකොටසින් එකකට වැටෙනු ඇත.ඔබ ඒ අසාධාරණයට උල්පන්දම් දෙන මිනිසෙක් වෙනු ඇත. (ස)

:       0       0

සදුන් Friday, 16 November 2012 09:46 AM

සිසුන්ට නිසි මග පෙන්වන්න

:       0       0

සචිත් Monday, 19 November 2012 12:22 PM

හිමාලි, හරියට කරුණූ හොයලා බලලා කතා කරන්න අක්කේ. (නි)

:       0       0

කුමාර Friday, 16 November 2012 10:41 AM

පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න උල්පන්දම් දෙන උදවිය දන්නේ නැතුව ඇති ප්‍රමිතියක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙන ගත් අය ජාත්‍යන්තරව ගරු බුහුමන් ලබන උගතුන් ලෙස දැනටමත් විදේශ වල ඉන්නා බව, අනිත් කාරණාව ඒ අය පිටරට ට සේවය කරන්නේ මේ රටතුල ඇති දේශපාලන මතවාද නිසා උගතුන් ට අවංකව රටට වැඩ කරන්න දෙන්නේ නැති නිසා (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 16 November 2012 10:54 AM

සිසුන්ට උත්තර දෙන්න (දී)

:       0       0

ශෂී Thursday, 15 November 2012 07:12 PM

ලමයිනම් ඉගෙන ගන්න ඕනේ

:       0       0

හර්ෂ Thursday, 15 November 2012 07:27 PM

මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. (නි)

:       0       0

සහන් Friday, 16 November 2012 11:33 AM

සාමදානයෙන් හැමදෙයක්ම විසදා ගන්න ඕනේ

:       0       0

හර්ෂණ Thursday, 15 November 2012 08:06 PM

දැන්මම අපි මොළේ පාවිච්චි කරලා වැඩකරමු. මේ වගේ පොඩි අරගල තමයි පසුව ලොකු විප්ලව වෙන්නේ. (නි)

:       0       0

උපුල් Thursday, 15 November 2012 08:44 PM

එකක් අවසන් වෙනකොට තව එකක්. (නි)

:       0       0

ලහිරු අත්තනායක Thursday, 15 November 2012 09:28 PM

72කට විභාගයට වරම් නොලැබුණේ නිකන් නෙමේ,අසාධාරණයට විරුද්ධව සටන් වැදීම නිසා කියලා මම කියනවා. කරුණු සොයා බලා ප්‍රතිචාර කරන මෙන් කරුණාවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ලහිරු අත්තනායක Tuesday, 20 November 2012 08:25 PM

අපි සාර්ථකව අරගලය නිමා කළ වග ලංකාදීප පාඨකයන් වෙත දන්වා සිටින්න කැමතියි.මෙහිදී සියළුම ඉල්ලීම් උප කුලපති තුමා විසින් පිළිගත් අතර පරිපාලනයේ ඇති දුර්වලකම් පිළිඹදව හා සිදුවු අසාධාරණය පිළිඹදව තම කණගාටුව ප්‍රකාශ කළා.සියළු සිසුන්ට විභාගයට ඉදිරිපත් විය හැකි පරිදි ඉදිරියට කටයුතු කරණ බවට දුන් හා මාස දෙකක කාලයක් ඇතුලත මෙම දුර්වලතා මගහරවා ගන්නා බවට උපකුලපතිතුමා දුන් ප්‍රතිඥාව මත නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨාය් පළමු වසර සිසු අරගලය තාවකාලිකව නිමා කිරීමට සිසුන් තීරණය කළා. (අ)

:       0       0

හිමාලි Sunday, 18 November 2012 02:51 PM

ඔයාලා හරියට පන්ති වලට සහභාගි වුණා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේද නංගිලා මල්ලිලා? (නි)

:       0       0

සමීර Thursday, 15 November 2012 11:57 PM

මේ ළමයි සරසවියට ඇවිත් 2012/11/14 වෙනකොට අවුරුද්දක් වෙනවා. හරිනම් මේ වෙනකොට අධ්‍යයන වාර 2ක් ඉවර වෙලා තියෙන්න ඕනෑ. එත් තාමත් අධ්‍යයන වාර එකකවත් විභාග තියලා නැහැ. (නි)

:       0       0

රමේෂ් Thursday, 15 November 2012 11:51 PM

විභාග ලියන්න දෙන්නෙ නැත්තෙ පැමිණීම නැහැ කියලා. ඒත් පැමිණීමේ ලේඛනයේ, පැමිණීම 80% ටත් වඩා ගොඩක් ළමයින්ට තියෙනවා මම දන්න විදියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 514 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 532 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 259 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 775 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 817 1

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site