මොනරාගල මඳුරුකැටියේදී හා සිරිගලදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු මැර ප්‍රහාර වලට ලක්ව රෝහල්ගත කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
මැරයන් අංක තහඩු නැති ඩිෆෙන්ඩර් හා සුදු වෑන් රියකින් පැමිණ ඇති බවත් මඳුරුකැටියේ ප්‍රහාරය සිදුව ඇත්තේ පොදු නළ ළිඳක් ළඟ බවත් පැමිණිල්ලේ සඳහන්ය.
සිරිගලදී ජවිපෙ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇතැයි ද කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්-ඩුබායිගෙ ඔලුව නරක්වෙලා වගේ. ඒ කාලෙ මුන් කලේ මිනිමරන එකයි මංකොල්ලකන එකයි 1988 මතක නැද්ද (නදී)
දැන් බන්දුලත් උන විකාරෙන් කියවනවා. සමහරුන්ට ගැරඩියට බුමිතෙල් ගෑවිලා වගේ. (නදී)
ඉස්සර බල ඇණි යවන්නේ හමුදා මර්මස්තානයක් බිද වැටෙනකොට එය නැවත අල්ලාගෙන සිටීම සදහා. (නදී)
පුංචි ලංකාවේ එකවර චන්දයක් තිබ්බා නම් දන්නවා මොකක්ද ප්‍රතිපලය කියලා. ඒක නිසයි ප්‍රදේශයෙන් ,ප්‍රදේසය චන්ද තියල උපරිම සම්පත්, උපරිම භීසනය, උපරිම දන්සල් දීල තත්වය පාලනය කර ගන්න යන්නේ. (නදී)
"මහා සොහොන" ගහල වගේ. (නදී)
රටේ අසාදාරනයක් පෙන්වද්දී බන්දුල නෝනගේ ඇගේ බුමිතෙල් ගෑවුනා වගේ දගලනවා. (නදී)
බන්දුල පෙරේරා නෝනා ,රූපා නෝනා ,මධුභාෂිනී නෝනාල ටිකගේ අදහස් දැන් ගලාගෙන ඒවි. (නදී)
71, 88,89 ජ. වී. පෙ කරපු ඒවා මතක තියනවා නම් ගහල විතරක් යන්නේ නැහැ. තවමත් ගහනවා එලව එලවා. (නදී)
කට්ටිය ජේ වී පි එක දැක්කේ මහින්ද මහත්තය ආවට පස්සේ උනාට අපිනම් ඕක දැක්කේ 71 ඉදලා. අපි නොදන්න අහිංසක නව ගුණ වැල ගනින අයියලා. අවුලක් නැති තැන මෙයාලට පැවැත්මක් නැහැ. ගිය ගිය තැන අවුල් හදනවා. නැත්නම් මවනවා. ජේ වී පි දේශපාලනයට පැවැත්මක් තියෙන්නේ අවුල් තියෙන තරමට. අවුල් ඇති කල තරමට. ගමක උනත් ඉන්න ජේ වී පි කාරයෝ දිහා හොදට බලන්න. අනුන්ගේ දියුණුවට ඉරිසියා කර කර ඉන්න එව්වෝ නෙමෙයිද කියල වැඩි වශයෙන් පෙරමුණ අරගෙන ඉන්නේ. දැන් ඉන්න නායකයා දිහා බලන්න. දේහ ලක්ෂණ දිහා බලන්න. හොදට මුණ දිහා බලන්න. කතා විලාශය බලන්න. ඔය ටික බලල දේහ ලක්ෂණ වලින් චරිතය කියන පොතක් ලිපියක් කියවල බලන්න. පුදුම හිතේවි. (නදී)
දෙගොල්ලොම මැරයෝ නේද 1988 ගනන් තවම අපට මතකයි (නදී)
බන්දුල මහත්තයට බොහොම ස්තුතියි මට කරුණු පහදා දුන්නට. ප්‍රස්නේ තියෙන්නේ මේ ඩ්ෆෙන්ඩර් වර්ගයේ රථ බොහෝ විට පාවිච්චි කරන්නේ කවුද කියා ජනතාව දන්නවා. අනිත් එක ඔය බලය යොදා ගහන්නේ මරන්ඩ හදන්නේ අපේම ලේ ඇති තරුණයන් නේද? මේක හොඳ වැඩක්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. (නදී)
අපි නොදැනුවත්වම අපේ රට හමුදා පාලනයකට යටත් කරගෙනයි තියෙන්නේ. කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා ගණිත අංශයෙන් උසස් ලෙස සමත් වුණ මගේ දරුවත් බලහත්කාරෙයෙන් හමුදා කදවුරකට අරන් ගිහින් හමුදා පුහුණුව දෙනවා. ඉඩ ගනින් කියද්දී ඉඩ ගන්නත් ,දන ගහපන් කියද්දී දන ගහන්නත් උගන්වනවා. මේවාට ජේ වී පි යට විරුද නිසා ජේ වී පි ය සමග වෛරයි.(අ)
භීෂණය තිබුණු 88 - 89 අවධියේ හොරණට කිට්ටු අපේ පළාතේ එක ගෙදරක තොවිලයක් තිබුනා ඒ ගෙදර තාත්තාට. වැඩිමල් පුතා යු .එන්.පී. දේශපාලකයෙකුගේ රියදුරු. තොවිලය කරන අතරතුර රෑ දහයට විතර ආව " මව්බිම නැත්නම් මරණය' කල්ලියේ හතර දෙනෙක් . ඇවිල්ල අහිංසක වැඩිමල් පුතාගේ බෙල්ල කපල ලේ ගලන බෙල්ල හිටෙව්වා විලක්කු පත්තුකරපු කෝටුවක. එහෙම කරලා යකදුරාට කිව්වා හා දැන් ඉතින් බෙර ගහල නටපල්ලා කියල ඒ අහිංසක මිනිස්සු මර බයේ බෙර ගහල නටන්න පටන් ගත්ත මේ මිනීමරුවෝ ටික යනකල්. ඔන්න ඔහොම තමයි ඒ ගොල්ල දේශපාලනය කළේ. (නදී)
චන්ද තියන්නේ මොකටද ? කවුරු කාට චන්දෙ දුන්නත් දිනන්නේ සන්ධානය (නදී)
ඇත්තටම ටිකිරි බණ්ඩාගේ පුතා සරසවියට තේරුනා නම් වැඩි දවසක් නොගිහින් ටිකිරි බණ්ඩාත් අපේ පැත්තේ තමයි. කොහොමත් තමන්ගේ එකෙක් ගිහින් වද විඳිනකම් කට්ටියට තේරෙන්නේ නැහැ මේ අහිංසක අයියලාගේ පොඩි මල්ලිලා ටිකගේ කෙරුවාව. (නි)
මෙතන අදහස් දාන ඔය බන්දුල පෙරේරා ඇතුළු කට්ටියගෙන් මම අහන්නේ, ඒ කාලේ තිබුණු රජය ගැන අමතකද? ඒ කළ අපරාධ වලට තමා තාමත් විපක්ෂයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. (නි)
ජවිපෙ කළේ මිනීමරන එකයි බොරුවට කෑගහන එකයි ගසා කාලා නෑ කිය කිය කෑ ගහනවා. ගසාකන්ඩ හම්බුනේ නෑ කිවා නම් තමා හරි. බොරු කයිවාරුව විතිරයි අන්තරේ කියල ජරාවක් හදන් කැම්පස් ළමයිට වද දෙනවා ඒවට සම්බන්ධ උන් මම අත්දැකීමෙන් දන්නෙ මෙළෝ චාරයක් නැති කැම්පස් එකටම වාතයක් වුනා (නදී)
චන්න කියන දේ සත්‍යයි. ඉස්සර රජයෙන් කල මිනීමැරීම් නිසා තමයි අදටත් මේ කට්ටිය මොන තරම් භීෂණය, දුෂණනය, වංචාව, හොරකම, කුඩු සංස්කෘතිය වැපුරුවත් මිනිස්සු ඉවසගෙන ඉන්නේ. (නදී)
බන්දුල පෙරේරා මහත්තයා ගැන ගොඩක් දුකයි. ඒ මහත්තයා වගේ ගොඩක් අය රටේ ඉන්න නිසා ශ්‍රී ලංකාව ගැනත් දුකයි. මොන බාධක හමුවේ වුවද නොසැලී කටයුතු කරන ජ. වී . පෙ සොයුරන්ට මගේ ප්‍රණාමය. (නදී)
සිද්ධිය වුයේ නාන ළිඳක් ළඟ නම්, කාන්තාවන් ස්නානය කරන අතරේ "කොකම් පාන්න" ගොස් සිදු වූ දෙයක්ද දන්නේ නැහැ. ඔක්කොම යන්නේ දැන් ඡන්දය පිටින්නේ ! (නි)
අංක තහඩු නැති ඩිෆෙන්ඩර් හා සුදු වෑන් තියෙන්නේ කා ලඟද? (නදී)
ඔය ජේ.වී.පි මොනවට කරදර වෙනවද මන්දා. ලංකාවේ මිනිස්සු ඔය පක්සේට ඡන්දෙ දෙන්නෙත් නැහැ. මිනිසුන්ට අවශ්‍ය නැත්තම් ඔය මිනිස්සුන්ට තව තවත් ඔය අපායේම ඉන්න කියලා පැත්තකට වෙලා , ඉන්නේ නැතිව ලංකාවේ මෝඩ මිනිස්සුන්ට මොකට සේවය කරන්න යනවද දන්නේ. (නදී)
ධම්ම, ඔයා එ්ක දන්නෙවත් නැද්ද. ඒවා තියෙන්නේ වාහන කඩේනේ. (නදී)
ප්‍රනාන්දු මහත්තයට ඕක තේරෙන්නේ නැද්ද...ඕක තමයි ලාබදායිම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරේ..තමන් තමන්ටම ගහ ගැනීම..තමන් හදනවා..තමන්ම කඩනවා..කඩල කියනවා සන්ධානේ මැරයෝ කැඩුව කියලා. තමන්ම ගහගෙන ස්පිරිතාලෙට ඇතුළු වෙනවා ..ඇතුළුවෙලා කියනවා සන්ධානේ මැරයෝ ගැහුවා කියල..මාධ්‍යවල හොද ප්‍රසිද්ධියක් ලැබෙනවා..තමන්ට සාධාරණව මැතිවරණ ව්‍යාපාරය කරන්න ලැබුනේ නැහැ දෙන්නේ නැහැ කියල මාධ්‍යවල රජය පතුරු අරිනවා. එක ගලෙන් කුරුල්ලෝ තුන් දෙනයි..ඡන්දෙන් පස්සේ පරාජයට හේතුත් තියෙනවා..කැෆේ කාරයවත් ගොඩ දානවා..තමනුත් ගොඩ යනවා..ඕක ප්‍රසිද්ධ සෙල්ලමක් මේ මනාප ඡන්ද ක්‍රමේ තියෙන..ඕකට පක්ෂ විපක්ෂ භේදයකුත් නැහැ.. (නදී)
ඡන්දෙ දෙන අපි වගේ අයට තමයි ගහන්න ඕනේ ඔය අංක නැති සුදු වෑන් වලින් ඇවිත්. (නදී)
අන්ධ වූ රටක අන්ධ පුරවැසියෝ (නදී)
ආණ්ඩුවේ දුෂිත හා අකාර්යක්‍ෂම පාලනයට එරෙහිව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සැබෑ විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරන්නේ ජ වී පෙ විම මෙම මැර ප්‍රහාර වලට ප්‍රධානම හේතුවයි. එසේම ආණ්ඩුව ඌව වෙල්ලස්ස ජනතාව දිලිඳු කමේ කිරුල ලබාදුන් බව වඩාත් නිවැරදිව පෙන්වාදීම මාරාන්තිකව පෙනීම හේතුවයි. (නදී)
අංක තහඩු නැති වාහන වලින් එන්නේ කව්ද කියලා දැන් මුළු රටම දන්නවා (නි)
ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණට මෙතරම් ප්‍රහාර. (නදී)
බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)
අනේ බන්දුල, ඔයත් ඡන්දෙ ඉල්ලන්නකෝ.එතකොට තේරුම් ගන්න පුළුවන් ඔබ දිනන්නේ කොහොමද කියලා. (නි)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන්, අපි මේ මහ පොළවේ මෙහෙමවත් පය ගහලා ඉන්නේ ජවිපෙ ට පින්සිද්ධ වෙන්නයි. (නි)
බන්දුල පෙරේරා මහත්තයා ගැන ගොඩක් දුකයි. ඒ මහත්තයා වගේ ගොඩක් අය රටේ ඉන්න නිසා ශ්‍රී ලංකාව ගැනත් දුකයි . මොන බාධක හමුවේ වුවද නොසැලී කටයුතු කරන ජ. වී . පෙ සොයුරන්ට මගේ ප්‍රණාමය. (නි)
මම කිසිම දේශපාලන පක්ෂයක ගැත්තෙකු නොවේ. නමුත් මේකද මේ රටේ උදේ හවස දෙසන ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන ආරක්ෂාව? (නි)
සුමුදු කියන්නෙ නිකන් රටේ ජනතාව ඔක්කොම මෝඩයෝ, එයා විතරක් නුවණක්කාරි වගේනේ (නි)
අනේ බන්දුල මහත්තයෝ, ඔයා කටෙන්ද කතාකරන්නේ? කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමා. (නි)
ජේ වී පී එකේ ප්‍රචාරක වැඩ නිසා බොහොමයක් දුෂිත දේශපාලකයන්ගේ ඇත්ත මහජනතාවට එළිවෙනවා. එ්කයි මේ ප්‍රහාරයන්ට මුලික හේතුව. අපේ රටේ සබේ විපක්ෂය ජේ වී පී එක. (නදී)