රජරට පෙදෙස්වල දැඩි නියඟයත් සමග වැව් අමුණු සිඳී ගොවිතැන් පාළු වී යෑමත් සමග දඹුල්ල පහළ වැවේ ගොවීහු නෙළුම් අල හාරති. කිලෝව රුපියල් 65 - 70 අතර මිලකට අලෙවි කළ හැකි බවත්, දවසකට කිලෝ 20ක් හාරන්නට හැකි බවත් ගොවීහු පවසති.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ.ඔන්න අපිත් එනවා නිධන් හාරන වැඩේ පැත්තක තියලා වැව හාරන්න
නෙළුම් අල වවන්නත් ඇමති කෙනෙක් පත් කරයිද දන්නෑ....
ජීවත් වෙන්න මිනිස්සු මෙහෙමත් දේවල් කරනවනේ දෙයියනේ
මෙහෙම නෙඵම් අල ගැලවීමෙන් වගාවන්ට හානි සිදුවෙන්නේ නැද්ද...
හොඳ රස ගුණ කෑමක් ...........
දැන් තියන වැව් වල නෙලුම් අල කන්න හොදනෑ, මොකද ඔය කුඹුරුවලට ගහන බෙහෙත් ,ඒව මේවා හැම දේම වැවට තමයි එකතු වෙන්නේ, ඉතින් ඕවා නෙලුම් අල උරාගෙන තියෙන්නේ [බැර ලොහ වගේ දේවල්] ඒක නිස දැන් ඔවා කන්න හොද නැ, මමත් ආසම කැමක් තමයි නෙලුම් අල
නෙලුම්ට තැන ආවා .....මානෙල් ????
කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වල පායන කාලේට අනිවාර්යයෙන් ම සිදු වෙන දෙයක්... මේ කාලෙට තමයි වැව් වල කට්ටි කපනවා කියලා දෙයක් කරන්නේ... ඒ කියන්නේ ගමේ ම මිනිස්සු, ( සමිති සමාගම් වලින් තමයි මෙහෙයවන්නේ) එකතු වෙලා වතුර හිදුනු වියැළුණු වැවට බහිනවා.. ගෑණු මිනිස්සු හැමෝම.. මේ අය උදලු, පයිසාල (පොහොර කවරයක දෙපැත්තට ශක්තිමත් ලී යොද පස් ගෙන යාම සදහා භාවිත කරන්නක්) සහ අලවංගුත් අරගෙන තමයි මේ වැඩේට එන්නේ... මේ විදියට එක් එක්කෙනා වැව හාරන ප්‍රමාණය කට්ටි කියලා මිනුමකින් තමයි මනින්නේ.... බොහෝ විට දෙදෙනෙකුට හෝ තිදෙනෙක්‍ට එකතු වෙලා දවසට කට්ටියක් හෝ දෙකක් කපතහැකි.... ඒ කපන කට්ටියට අනුව මාසෙකට හෝ සතියකට වතාවක් වැඩ බලන සමිතිය විසින් හාල්, පරිප්පු, සීනි, උම්බලකඩ, සැමන් වැනි වියළි ආහාර ද්‍රව්‍ය බෙදලා දෙනවා... මේ වැඩේ දි තමයි නෙළුම් අල කියන දේ දුප්පත් කම්කරුවාට ලැබෙන්නෙත්....
නෙළුම් නෙළුමද ශාස්තරයකි. මේ කර ඇත්තේ වැනසීමකි. නුපුරුදු අය ද ? කැමරාවට ද ?
මට මේක කියන්නත් ලැඡ්ජයි ,මම නෙළුම් අල ජීවිතේට දැකළවත් නෑ...
පවු.මිනිස්සු ජීවත් වෙන්න දරන වෑයමක්
මේවා නෙලුම් අල නෙමෙයි.නෙලුම් මුල්.නෙලුම් මලටත් අබ සරණයි
නෙලුම් අල රජ කෑමක්.නුවන් පහළ වෙනවලු
මෙය පායන කාලයට රජරට ප්‍රදේශයේ සුලභව දැකිය හැකි දර්ශනයක්. මහාලොකු දෙයක්නම් නෙවෙයි. එළවලු මිලත් එක්ක බැලුවහම නෙලුම් අලවල මිල සාධාරණයි.
නෙඵම් අල වල පලිබෝධ නාශක ඇත....
හපෝයි ලංකාවට ගිය කලක්. දැන් ඉතින් නෙළුමි අලවත් හාරලා ජීවත්වෙන්න බලමු.
දැන් වැඩි සද්දයක් නැති හින්දා මම ඒත් හිතුවේ මේ ඉන්නේ ආරච්චි කොලු පැටියා වද්ද කියලා
නෙලුම් අලේ හොද ආහාරයක්.විකුණන අයටයි කන අයටයි දෙගොල‍්ලටම හොදයි
නෙලුම් අල හූරුවා වගේ නෙමෙයි පුතා.දැන් ඕකටත් රජය කියයි පර්මිට් ගන්න
බලපත්‍ර ගන්න වෙයිද දන්නේ නෑ
පව් මේ මිනිස්සු මෙහෙමවත් දෙයක් නැති උනහම කොහොම ජීවත් වෙන්නද.........? මේ අසරණ මිනිස්සුන්ට යහපතක්ම වේවා......
නරකද මේකටත් බලපත්‍රයක් නිකුත් කරොත්....මොකද පොඩි අය වගයක් පොළව හාරන්නේ ?
අනේ හොදයි.දුප්පත් මිනිස්සු
බලන්න හසන්ත මේ වගේ දේවල් පහළ වෙන්නේ දසරාජ ධර්මය නිසා නොවේද ????????? දැන් ඉතින් ආශ්චර්‍ය ලැබිලා අපිට ,,,,,,,,
ඇත්තටම එහෙම දෙයක්වත් මේ දවස් වල එහෙට හම්බවෙන එක හොදයි.ඒත්!දෙයියනේ වැව් ටික හිදිලා.
කොහොම හරි කමක් නෑ...දුප්පතුන්ගේ බඩගිනි නිවෙනවනම්...
මගේ කොල්ලෝ ටික නෙළුම් අල වලෙත් බහින්න දන්නේ නැහැ නේ.....