IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නෙළුම් අලෙන් පණ ගැට ගසා ගනී

තිස්සමහාරාම යෝධ වැව සිඳි ගොසිනි .වැවේ රොන්මඩ  මේ දින වල ඉවත් කැරෙයි.

සිඳි ගිය වැවේ නෙළුම් අල හාරන යෝධකන්ඩ්ය පදිංචි එම් ජි .අනුලාවතී (52) වරුවකට  නෙලුම් අල කිලෝ 2 ක් හාරාගෙන රුපියල් 100 ක් සොයාගන්නා බව කියන්නීය ,කුලියක් වත් කැර ගැනීමට නැති නිසා  ඇය දිවි ගැට ගසා ගැනීමට නෙළුම් අල හාරන්නීය.

 

DSC04218 DSC04230 DSC04237

 



අදහස් (0)

නෙළුම් අලෙන් පණ ගැට ගසා ගනී

සිසිර Saturday, 20 September 2014 03:53 AM

කොලඹ මුහුද ගොඩ කරමින් මාළිගා හදනව . මෙහෙ අහිංසක මිනිස්සු දුක් විදිනවා ? මේකද සංවර්ධනය (අ)

:       0       0

කලන Saturday, 20 September 2014 04:03 AM

මට නම් මාර දුකයි, මං නම් කියන්නේ මිනිස්සු දුක් විඳින්නේ මිනිස්සුන්ගේම වරදින්, වැරදී දේශපාලුවන් පත් කරන්නෙත් මිනිස්සුන් මයි. ඉතින් වැරදී මිනිස්සු තමයි ඊට පස්සේ අනිත් ආයතන වලට අපත් වෙන්නෙත්. (අ)

:       0       0

විජිතා Saturday, 20 September 2014 04:15 AM

මොකට නෙලුම් අල හරනවද මන්ද බදු නැති ලම්බෝගිනියක් අරගෙන රට වටේ රවුමක් යන්නේ නැතිව.(අ)

:       0       0

දුමිතු Saturday, 20 September 2014 04:21 AM

දුප්පත් මිනිස්සුන්ට පව් එක ඇත්ත,ඒ මිනිස්සුම තමයි 2500ට තමාගේ අයිතිය විකුනන්නේ, අපි අද රෑට බලමු මොලේ තරම.(අ)

:       0       0

ඉසුරන්දී Saturday, 20 September 2014 05:00 AM

ඕකෙනුත් බදු අයකරාවිද දන්නේ නැහැ රජය සතු දේපල කියලා (නදී)

:       0       0

සංජීව Friday, 19 September 2014 10:58 AM

එතකොට අර සහනාධාර කාට ද ඌවට විතරද (දිල්)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 19 September 2014 10:58 AM

නෙලුම් අල ඉතා රසවත් කෑමක්. ඉස්සර නම් ඉතා ගුනවත් කෑමක් ද වුණා. නමුත්, අද කෘමි නාශක නිසා තත්වය වෙනස් වෙලා (දිල්)

:       0       0

මහේෂ මුතුකුඩ Friday, 19 September 2014 11:02 AM

වරුවකට රුපියල් 100ක් හොයන්නේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ ඉන්න රටේ කාන්තාවක්. (දිල්)

:       0       0

අපොන්සු Friday, 19 September 2014 11:33 AM

මේ වැව කාර්පට් කරලා දෙන්න පුළුවනි. (අ)

:       0       0

අජිත් Friday, 19 September 2014 11:32 AM

කෝ මේ දේශපාලුවෝ(අ)

:       0       0

පද්මිණි Friday, 19 September 2014 11:54 AM

ගතට, සිතට වෙර වීරිය ලබේවා!. වේලපු නෙලුම් අල 100 ක් යුරෝ 8 ක්. (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 20 September 2014 05:40 AM

රටත් සංවර්ධනය කරන ගමන් රටේ ජනතාවත් රකින්න පුළුවන්. එ්ත් අපේ ප්‍රාදේශීය සභාපතිලා පත් වෙන්නේ මිනිසුන් දිහා බලන්නවත් රට ගැන බලන්නවත් නෙවේ. තමන් ගැන හිතල තමන් රැකෙන්න. අපේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තමන් ගැන තමන් බලාගන්නකම් මෙහෙම දුක විදින්න වෙනවා. (නදී)

:       0       0

වසන්ති Friday, 19 September 2014 12:16 PM

මේ අම්මල, තාත්තලා ගැන මට නම් දුකයි , එහෙත් උෟවේදී මේ අපේ අම්මල 2500 ට රැවටෙවී? (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 19 September 2014 12:22 PM

"තිස්සමහාරාම යෝධ වැව් සිඳි ගොසිනි".ලංකාවේ වැව් වලටයි,රක්ෂිත වනාන්තර වලටයි නරක කල දසාවක් වුදා වෙලා තියෙන්නේ. (අ)

:       0       0

ගමගේ Saturday, 20 September 2014 05:55 AM

රූපවතී මහත්මිය.. ඔබේ අත්දැකීම් පිළිබඳව බ්ලොග් එකක් ලියන්න .මේ නෙළුම් අල හාරන නැන්දාට නිදුක් නිරෝගී සුව අත්වේවා (දිල්)

:       0       0

මිලානො ජයන්ත Friday, 19 September 2014 12:29 PM

දුප්පත් මනුෂ්‍යයා හරිම සෝචනීය තත්ත්වයකට පත්වෙලා. එක අතකට එහෙම වෙන්නත් ඕන මේ මිනිස්සුන්ට.හැමදාම ඒ පැත්තටයි මේපැත්තටයි කතිරය ගගහඉන්නව මිසක් අර ජේවිපි පක්ෂයට එකවරක් හෝ බලය දීලා බලන්නෙ. අඩු ගානෙ මුන්දැලැවත් රටට යමක් කරත්දෝ වත් කියල (අ)

:       0       0

මහීපාල Saturday, 20 September 2014 06:31 AM

ඔන්න ඔන්න සෙනරත් දැන් බන්දුලගේ වැඩේ බාර අරගෙන වගේ. ඇස් දෙක පියගෙනද මේ දවස් වල ජීවත් වෙන්නේ සෙනරත්ලා (නදී)

:       0       0

ගුණරත්න Friday, 19 September 2014 12:54 PM

ගොඩක් දුක හිතෙන සිදුවීමක්. එ්ත් ඇයි මින්සුන් යථාර්තය තේරුම් නොගන්නේ. නිදහසින් වසර 66 කටත් පසු තවමත් දුෂිත තට්ටු මාරු දේශපාලනය කරපින්නාගෙන සිටින, තම බඩ වියත වෙනුවෙන් ඕනෑම දුෂිත දේශපාලකයකු වෙනුවෙන් කඩේ යාමට තරම් පහත් මානසිකත්වයක් ඇති හෘදය සාක්ෂියක් නැති සියල්ලන් මේ සඳහා වගකිව යුතුයි. (නදී)

:       0       0

සමීම් මුබාරක් Friday, 19 September 2014 01:07 PM

මේක තමයි ආශ්චර්ය කියන්නේ. නියං සහනාධාරය දෙන්නේ ඌවට විතරද? මේක තේරුම්ගන්න බැරි අය හෙට අපුරුවට ඡන්දෙ දෙයි. මේ අහිංසක අම්මලාට ඉතින් කාගේ පිහිටක්ද? ඇහුවොත් කියන්නේ රට සංවර්ධනය වෙලා කියලයි. පාරවල් හැදූ පළියට රට සංවර්ධනය වෙන්නේ නැහැ. මේ දුප්පත් මිනිසුන්ගේ ජීවන තත්වය නඟා සිටුවන්න යම් දෙයක් කළයුතුයි (නි)

:       0       0

විමල් Friday, 19 September 2014 01:50 PM

මේ තමයි පුතේ ආශ්චර්යය! (නි)

:       0       0

අසේල Friday, 19 September 2014 01:47 PM

මේ අම්මලා, තාත්තලා ගැන මට නම් දුකයි (නි)

:       0       0

කුමාර Friday, 19 September 2014 01:54 PM

කොච්චර කන්න නැති වුණත් , දරුවෙක් බලාගන්න මේ රටේ කෙනෙක් හොයාගන්න බැහැ. කොළඹ රැකියා කරන පවුල්වල දරුවන් බලාගන්න කාන්තාවන් නැතිව මොනතරම් ප්‍රශ්නද? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 19 September 2014 03:03 PM

මෙම පෑවුම රජයට හොද අවස්ථාවක් , වියදම අඩුවෙන් ඉක්මනින් වැව් ටික හාරා පිළිසකර කර දීමට , රට ගැන හිතන බලධාරීන් සිටිත්නම් අවධානය යොමුවේවා ! (ස)

:       0       0

ලක්විදු Saturday, 20 September 2014 08:24 AM

මෙහෙව් රටේ ලම්බෝගිනි වලට බදු අඩුකරනවා. (නදී)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Friday, 19 September 2014 03:28 PM

මෙහෙම වෙන්නේ මේ අසරණ මිනිසුන්ගේ හිමි මුදල් හොරකම් කරන නිසා. මහපොළොව, අහස, ජලය, වාතය කිපිලා. මේවගේ මිනිස්සුන්ට දුක් ගින්දර දෙන්න එපා. ඒ යට මෙය උරුම නැහැ. සෝභන උත්සව ප්‍රතිරුප මවාගෙන ඒවාට වියදම් කරනවා. මිනිස්සු හාමතේ (ස)

:       0       0

සීල Friday, 19 September 2014 04:06 PM

මේ මිනිස්සු ජීවිත ගැටගහගන්න කරන උත්සාහය කොළඹ අයට පෙනෙන්නේ නැහැ. ඒ වුණාට මෙත දඅහස් දාන ඩුබායි ,මිලානෝ කට්ටියට පෙනෙන්නේ සයුරු නගර , මෝටර් රේස් , අලංකෘත කොළඹ නගරේ විතරයි. මෙහෙම අවාසනාවන්ත ජීවිත කොච්චර ඇද්ද? (නි)

:       0       0

වින්සන්ට් Friday, 19 September 2014 04:47 PM

මිලානෝ ජයන්ත මහතා ගේ කතාවනම් ඇත්ත. මේක පිඩිත පන්තියේ ඔලුවලට දාගන්න බැරි කරුමයට හැමදාම මෙහෙම තමා යන්න වෙන්නේ. ඇති එකාට අලංකාර නගර සමග සුර සැප. නැති එකාට නෙලුම් අලේ පිහිටයි. (නදී)

:       0       0

රූපවතී Friday, 19 September 2014 04:57 PM

මට මතකයි අපි කුඩා කාලේ අපේ අම්මයි අපි අක්කල දෙන්නයි, වැවේ ඕලු ගෙඩි කඩලා ඇට වේලලා ආහාරයට ගත්තා. ඕලු අල තම්බල පොල් සමග මාස ගණන් කාල තියනවා. කෙකටිය කරල් කඩලා ඒ ඇට කොරහේ අතුල්ලලා , සෝදලා ඇට බේරාගෙන කිරට මාලුව උයල කරවල හොදිත් එක්ක කාල තියනවා, නෙලුම් අල කාල පන ගැට ගහගෙන තියනවා. අදටත් අපි ඒ දුප්පත් කාල පරිච්චේදය සිහි කරන්නේ හරිම භක්තියෙන්. අපේ දෙමාපියන් අපි පස්දෙනා හදවතේ දෙපැත්ත සේ බලා රැක ගත්තා. ජාති ජාතිත් අප දෙමාපියන් අපිට වාසනා වේවා ! සසර ගමනේ අවසානේ ලොව්තුරා නිවන් සුව ලැබේවා. (නදී)

:       0       0

සෙලනිකස් Friday, 19 September 2014 06:31 PM

ඒත් මහ බැංකුවට අනුව ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 3200 ක්. (ඒ කියන්නේ රුපියල් ලක්ෂ හතරකට වැඩියි ) (නි)

:       0       0

සිල්වා Saturday, 20 September 2014 10:17 AM

හම්බතොට දියුණු කරලා රැකියා ව්‍යාපෘති ගෙනාවේ කව්ද? දියුනුව ගමන් කරන්නේ හෙමෙන්. අපි හැමෝම වැඩ කරන්න ඕනි රට ගොඩගන්න. රටට යම්කිසි දෙයක් මේ රජයෙන් කරලා තියෙනවා නැහැ කියන්න බැහැ. දේශපාලන වේදිකාවේ ගහන බයිලා වෙනයි ප්‍රායෝගිකව මේ ගැන හිතන්න ඕනා. අපිත් ඔය ආකාරයෙන් දුක් විදලා තියෙනවා. අමරුවෙන් ඉගන ගෙන මහන්සිවෙලා වැඩ කරලා තමයි ජීවිතය ජය ගත්තේ. අපේ දරුවන්ටත් මග පෙන්වන්නේ කැපවීමෙන් අදිස්ඨානයෙන්. ඉගෙන ගෙන රට දැයට සේවය කරන්න ජීවිතය කියන්නේ සහාය දිවීමක් වගේ. අපෙන් දරුවන්ට දරුවන්ගෙන් අනාගතේට මෙතන මුලික වන්නේ කැපවීම. තමන්ගේ අරමුණ කරා ගමන් කිරීම බුදු දහමේත් මේ දේවල් පිලිබිඹු වෙනවා. කිසිම දෙයක් අපි ලගට එන්නේ නැහැ අපි ඒ දෙසට ගමන් කරන්න ඕනි (නදී)

:       0       0

කමල් Friday, 19 September 2014 11:30 PM

අපේ රටේ බහුතරයක් කාන්තාවන්ගේ ජීවන අරගලය තමයි මේ. එහෙත් මට හිනායන්නේ සමහරු කරන සීනි බෝල නිළි වන්දනාවටයි. මේ ඡායාරූපයට ප්‍රතිචාර මෙච්චරයි. හැබැයි නිළියන්ගේ පින්තූරයක් දැම්මොත් බලන්න ඕනෑ. (නි)

:       0       0

ඇසළ Saturday, 20 September 2014 12:29 AM

මිලානො ජයන්ත, දැන් මෙහෙම හරි ඉන්නවා. රටේ ඇති වී තිබෙන දියුණුව ඇහැට පෙනේව‍ා! නිකන් දෙනවා නම් අපේ මිනිසුන්ට ඔක්කොම හරි. (නි)

:       0       0

චමත්-ලංකාව Saturday, 20 September 2014 01:34 AM

කමල්,ඔබ හරියට හරි. (නි)

:       0       0

ජීවන් Wednesday, 24 September 2014 04:43 AM

මේ රට කොච්චර හොඳ උනත් අපේ මිනිසුම අපේ මිනිස්සු වෙනුවෙන් පත්කරගත්තු පාලකයෝ අවසානයේ ඉතුරු කරපු දේ තමය් මේ (දී)

:       0       0

සුරංග Saturday, 20 September 2014 01:41 AM

ඇත්තම තමයි කමල්. මෙතන මේ කාන්තාවගේ ඡෘයාරූපය වෙනුවට අපේ නිළි බට්ටියක් රෙද්ද හැට්ටේ ඇඳලා ඔරුවේ ගිහින් නෙලුම් මල් කඩන පින්තූරයක් දැම්මා නම් කොහොමද? (නි)

:       0       0

ලසිත් Saturday, 20 September 2014 01:51 AM

මෙන්න කමල්ගේ කටට මසුරන් ! (නි)

:       0       0

ජයනි Saturday, 20 September 2014 02:13 AM

මම රූපවතිගේ නිරහංකාර බවට බොහොම ගරු කරනවා. ඔබේ අතීතය ගැන ලියු දෙයින් කොළඹ ඉපිද එහිම හැදී වැදුන මම ගැමි පරිසරයේ දුෂ්කර ජීවිතය ගැන යමක් දැන ගත්තා. මේ ඡායාරූපය ගත්ත වාර්තාකාර මහතාටත් මගේ ස්තුතිය. (නදී)

:       0       0

අපොන්සු Saturday, 20 September 2014 02:44 AM

දැන් හෙට අනිද්දා අර ගාලු මුවදොර වරාය නගරය හැදුවහම මේ අයට ඒකෙන් ගෙවල් ලබාදීලා මේ ගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විස‍‍ඳේවි. දැන් අපි ඉන්නේ ඉතින් ආශ්චර්යය පෙනෙන මානයේනේ! තව ටිකක් ඉවසන්න. (නි)

:       0       0

සෙනරත් Saturday, 20 September 2014 03:17 AM

මොන පක්ෂේ බලයට ආවත් මේවා නවත්තන්න බෑ ඉක්මනින්. මොකෝ අපේ රටට තෙල් තියෙනවද, රත්තරන් නිධි තියෙනවද ? පහුගිය කාලේ ලැබිච්ච දියුණුවත් එක්ක මේ රජය දුප්පතුන්ටත් මොනවා හරි කරාවි කියල හිතෙනවා. ඔය කවුරු විපක්ෂේ ඉදන් කිවුවත් අාවට පස්සේ ඔය කියන ඒවා වෙන්නේ නෑ. පුලුවන්නම් ආසන 37 ක් තිබුණු එකෙන් වැඩ කරලා පෙන්නලා දැන් ඉල්ලන්න තිබුන බලය. එහෙනම් මිනිස්සු විශ්වාස කරලා ඡන්දෙ දෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 688 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 928 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2028 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4321 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2262 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 843 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site