තිස්සමහාරාම යෝධ වැව සිඳි ගොසිනි .වැවේ රොන්මඩ මේ දින වල ඉවත් කැරෙයි.
සිඳි ගිය වැවේ නෙළුම් අල හාරන යෝධකන්ඩ්ය පදිංචි එම් ජි .අනුලාවතී (52) වරුවකට නෙලුම් අල කිලෝ 2 ක් හාරාගෙන රුපියල් 100 ක් සොයාගන්නා බව කියන්නීය ,කුලියක් වත් කැර ගැනීමට නැති නිසා ඇය දිවි ගැට ගසා ගැනීමට නෙළුම් අල හාරන්නීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මාර දුකයි, මං නම් කියන්නේ මිනිස්සු දුක් විඳින්නේ මිනිස්සුන්ගේම වරදින්, වැරදී දේශපාලුවන් පත් කරන්නෙත් මිනිස්සුන් මයි. ඉතින් වැරදී මිනිස්සු තමයි ඊට පස්සේ අනිත් ආයතන වලට අපත් වෙන්නෙත්. (අ)
අපේ රටේ බහුතරයක් කාන්තාවන්ගේ ජීවන අරගලය තමයි මේ. එහෙත් මට හිනායන්නේ සමහරු කරන සීනි බෝල නිළි වන්දනාවටයි. මේ ඡායාරූපයට ප්‍රතිචාර මෙච්චරයි. හැබැයි නිළියන්ගේ පින්තූරයක් දැම්මොත් බලන්න ඕනෑ. (නි)
මිලානො ජයන්ත, දැන් මෙහෙම හරි ඉන්නවා. රටේ ඇති වී තිබෙන දියුණුව ඇහැට පෙනේවා! නිකන් දෙනවා නම් අපේ මිනිසුන්ට ඔක්කොම හරි. (නි)
කමල්,ඔබ හරියට හරි. (නි)
ඇත්තම තමයි කමල්. මෙතන මේ කාන්තාවගේ ඡෘයාරූපය වෙනුවට අපේ නිළි බට්ටියක් රෙද්ද හැට්ටේ ඇඳලා ඔරුවේ ගිහින් නෙලුම් මල් කඩන පින්තූරයක් දැම්මා නම් කොහොමද? (නි)
මෙන්න කමල්ගේ කටට මසුරන් ! (නි)
මම රූපවතිගේ නිරහංකාර බවට බොහොම ගරු කරනවා. ඔබේ අතීතය ගැන ලියු දෙයින් කොළඹ ඉපිද එහිම හැදී වැදුන මම ගැමි පරිසරයේ දුෂ්කර ජීවිතය ගැන යමක් දැන ගත්තා. මේ ඡායාරූපය ගත්ත වාර්තාකාර මහතාටත් මගේ ස්තුතිය. (නදී)
දැන් හෙට අනිද්දා අර ගාලු මුවදොර වරාය නගරය හැදුවහම මේ අයට ඒකෙන් ගෙවල් ලබාදීලා මේ ගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි. දැන් අපි ඉන්නේ ඉතින් ආශ්චර්යය පෙනෙන මානයේනේ! තව ටිකක් ඉවසන්න. (නි)
මොන පක්ෂේ බලයට ආවත් මේවා නවත්තන්න බෑ ඉක්මනින්. මොකෝ අපේ රටට තෙල් තියෙනවද, රත්තරන් නිධි තියෙනවද ? පහුගිය කාලේ ලැබිච්ච දියුණුවත් එක්ක මේ රජය දුප්පතුන්ටත් මොනවා හරි කරාවි කියල හිතෙනවා. ඔය කවුරු විපක්ෂේ ඉදන් කිවුවත් අාවට පස්සේ ඔය කියන ඒවා වෙන්නේ නෑ. පුලුවන්නම් ආසන 37 ක් තිබුණු එකෙන් වැඩ කරලා පෙන්නලා දැන් ඉල්ලන්න තිබුන බලය. එහෙනම් මිනිස්සු විශ්වාස කරලා ඡන්දෙ දෙනවා. (අ)
කොලඹ මුහුද ගොඩ කරමින් මාළිගා හදනව . මෙහෙ අහිංසක මිනිස්සු දුක් විදිනවා ? මේකද සංවර්ධනය (අ)
ඒත් මහ බැංකුවට අනුව ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 3200 ක්. (ඒ කියන්නේ රුපියල් ලක්ෂ හතරකට වැඩියි ) (නි)
මොකට නෙලුම් අල හරනවද මන්ද බදු නැති ලම්බෝගිනියක් අරගෙන රට වටේ රවුමක් යන්නේ නැතිව.(අ)
දුප්පත් මිනිස්සුන්ට පව් එක ඇත්ත,ඒ මිනිස්සුම තමයි 2500ට තමාගේ අයිතිය විකුනන්නේ, අපි අද රෑට බලමු මොලේ තරම.(අ)
ඕකෙනුත් බදු අයකරාවිද දන්නේ නැහැ රජය සතු දේපල කියලා (නදී)
රටත් සංවර්ධනය කරන ගමන් රටේ ජනතාවත් රකින්න පුළුවන්. එ්ත් අපේ ප්‍රාදේශීය සභාපතිලා පත් වෙන්නේ මිනිසුන් දිහා බලන්නවත් රට ගැන බලන්නවත් නෙවේ. තමන් ගැන හිතල තමන් රැකෙන්න. අපේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තමන් ගැන තමන් බලාගන්නකම් මෙහෙම දුක විදින්න වෙනවා. (නදී)
රූපවතී මහත්මිය.. ඔබේ අත්දැකීම් පිළිබඳව බ්ලොග් එකක් ලියන්න .මේ නෙළුම් අල හාරන නැන්දාට නිදුක් නිරෝගී සුව අත්වේවා (දිල්)
ඔන්න ඔන්න සෙනරත් දැන් බන්දුලගේ වැඩේ බාර අරගෙන වගේ. ඇස් දෙක පියගෙනද මේ දවස් වල ජීවත් වෙන්නේ සෙනරත්ලා (නදී)
මෙහෙව් රටේ ලම්බෝගිනි වලට බදු අඩුකරනවා. (නදී)
හම්බතොට දියුණු කරලා රැකියා ව්‍යාපෘති ගෙනාවේ කව්ද? දියුනුව ගමන් කරන්නේ හෙමෙන්. අපි හැමෝම වැඩ කරන්න ඕනි රට ගොඩගන්න. රටට යම්කිසි දෙයක් මේ රජයෙන් කරලා තියෙනවා නැහැ කියන්න බැහැ. දේශපාලන වේදිකාවේ ගහන බයිලා වෙනයි ප්‍රායෝගිකව මේ ගැන හිතන්න ඕනා. අපිත් ඔය ආකාරයෙන් දුක් විදලා තියෙනවා. අමරුවෙන් ඉගන ගෙන මහන්සිවෙලා වැඩ කරලා තමයි ජීවිතය ජය ගත්තේ. අපේ දරුවන්ටත් මග පෙන්වන්නේ කැපවීමෙන් අදිස්ඨානයෙන්. ඉගෙන ගෙන රට දැයට සේවය කරන්න ජීවිතය කියන්නේ සහාය දිවීමක් වගේ. අපෙන් දරුවන්ට දරුවන්ගෙන් අනාගතේට මෙතන මුලික වන්නේ කැපවීම. තමන්ගේ අරමුණ කරා ගමන් කිරීම බුදු දහමේත් මේ දේවල් පිලිබිඹු වෙනවා. කිසිම දෙයක් අපි ලගට එන්නේ නැහැ අපි ඒ දෙසට ගමන් කරන්න ඕනි (නදී)
මේ රට කොච්චර හොඳ උනත් අපේ මිනිසුම අපේ මිනිස්සු වෙනුවෙන් පත්කරගත්තු පාලකයෝ අවසානයේ ඉතුරු කරපු දේ තමය් මේ (දී)
මේක තමයි ආශ්චර්ය කියන්නේ. නියං සහනාධාරය දෙන්නේ ඌවට විතරද? මේක තේරුම්ගන්න බැරි අය හෙට අපුරුවට ඡන්දෙ දෙයි. මේ අහිංසක අම්මලාට ඉතින් කාගේ පිහිටක්ද? ඇහුවොත් කියන්නේ රට සංවර්ධනය වෙලා කියලයි. පාරවල් හැදූ පළියට රට සංවර්ධනය වෙන්නේ නැහැ. මේ දුප්පත් මිනිසුන්ගේ ජීවන තත්වය නඟා සිටුවන්න යම් දෙයක් කළයුතුයි (නි)
නෙලුම් අල ඉතා රසවත් කෑමක්. ඉස්සර නම් ඉතා ගුනවත් කෑමක් ද වුණා. නමුත්, අද කෘමි නාශක නිසා තත්වය වෙනස් වෙලා (දිල්)
වරුවකට රුපියල් 100ක් හොයන්නේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ ඉන්න රටේ කාන්තාවක්. (දිල්)
මේ වැව කාර්පට් කරලා දෙන්න පුළුවනි. (අ)
කෝ මේ දේශපාලුවෝ(අ)
ගතට, සිතට වෙර වීරිය ලබේවා!. වේලපු නෙලුම් අල 100 ක් යුරෝ 8 ක්. (අ)
මේ අම්මල, තාත්තලා ගැන මට නම් දුකයි , එහෙත් උෟවේදී මේ අපේ අම්මල 2500 ට රැවටෙවී? (අ)
"තිස්සමහාරාම යෝධ වැව් සිඳි ගොසිනි".ලංකාවේ වැව් වලටයි,රක්ෂිත වනාන්තර වලටයි නරක කල දසාවක් වුදා වෙලා තියෙන්නේ. (අ)
දුප්පත් මනුෂ්‍යයා හරිම සෝචනීය තත්ත්වයකට පත්වෙලා. එක අතකට එහෙම වෙන්නත් ඕන මේ මිනිස්සුන්ට.හැමදාම ඒ පැත්තටයි මේපැත්තටයි කතිරය ගගහඉන්නව මිසක් අර ජේවිපි පක්ෂයට එකවරක් හෝ බලය දීලා බලන්නෙ. අඩු ගානෙ මුන්දැලැවත් රටට යමක් කරත්දෝ වත් කියල (අ)
ගොඩක් දුක හිතෙන සිදුවීමක්. එ්ත් ඇයි මින්සුන් යථාර්තය තේරුම් නොගන්නේ. නිදහසින් වසර 66 කටත් පසු තවමත් දුෂිත තට්ටු මාරු දේශපාලනය කරපින්නාගෙන සිටින, තම බඩ වියත වෙනුවෙන් ඕනෑම දුෂිත දේශපාලකයකු වෙනුවෙන් කඩේ යාමට තරම් පහත් මානසිකත්වයක් ඇති හෘදය සාක්ෂියක් නැති සියල්ලන් මේ සඳහා වගකිව යුතුයි. (නදී)
එතකොට අර සහනාධාර කාට ද ඌවට විතරද (දිල්)
මේ තමයි පුතේ ආශ්චර්යය! (නි)
මේ අම්මලා, තාත්තලා ගැන මට නම් දුකයි (නි)
කොච්චර කන්න නැති වුණත් , දරුවෙක් බලාගන්න මේ රටේ කෙනෙක් හොයාගන්න බැහැ. කොළඹ රැකියා කරන පවුල්වල දරුවන් බලාගන්න කාන්තාවන් නැතිව මොනතරම් ප්‍රශ්නද? (නි)
මෙම පෑවුම රජයට හොද අවස්ථාවක් , වියදම අඩුවෙන් ඉක්මනින් වැව් ටික හාරා පිළිසකර කර දීමට , රට ගැන හිතන බලධාරීන් සිටිත්නම් අවධානය යොමුවේවා ! (ස)
මෙහෙම වෙන්නේ මේ අසරණ මිනිසුන්ගේ හිමි මුදල් හොරකම් කරන නිසා. මහපොළොව, අහස, ජලය, වාතය කිපිලා. මේවගේ මිනිස්සුන්ට දුක් ගින්දර දෙන්න එපා. ඒ යට මෙය උරුම නැහැ. සෝභන උත්සව ප්‍රතිරුප මවාගෙන ඒවාට වියදම් කරනවා. මිනිස්සු හාමතේ (ස)
මේ මිනිස්සු ජීවිත ගැටගහගන්න කරන උත්සාහය කොළඹ අයට පෙනෙන්නේ නැහැ. ඒ වුණාට මෙත දඅහස් දාන ඩුබායි ,මිලානෝ කට්ටියට පෙනෙන්නේ සයුරු නගර , මෝටර් රේස් , අලංකෘත කොළඹ නගරේ විතරයි. මෙහෙම අවාසනාවන්ත ජීවිත කොච්චර ඇද්ද? (නි)
මිලානෝ ජයන්ත මහතා ගේ කතාවනම් ඇත්ත. මේක පිඩිත පන්තියේ ඔලුවලට දාගන්න බැරි කරුමයට හැමදාම මෙහෙම තමා යන්න වෙන්නේ. ඇති එකාට අලංකාර නගර සමග සුර සැප. නැති එකාට නෙලුම් අලේ පිහිටයි. (නදී)
මට මතකයි අපි කුඩා කාලේ අපේ අම්මයි අපි අක්කල දෙන්නයි, වැවේ ඕලු ගෙඩි කඩලා ඇට වේලලා ආහාරයට ගත්තා. ඕලු අල තම්බල පොල් සමග මාස ගණන් කාල තියනවා. කෙකටිය කරල් කඩලා ඒ ඇට කොරහේ අතුල්ලලා , සෝදලා ඇට බේරාගෙන කිරට මාලුව උයල කරවල හොදිත් එක්ක කාල තියනවා, නෙලුම් අල කාල පන ගැට ගහගෙන තියනවා. අදටත් අපි ඒ දුප්පත් කාල පරිච්චේදය සිහි කරන්නේ හරිම භක්තියෙන්. අපේ දෙමාපියන් අපි පස්දෙනා හදවතේ දෙපැත්ත සේ බලා රැක ගත්තා. ජාති ජාතිත් අප දෙමාපියන් අපිට වාසනා වේවා ! සසර ගමනේ අවසානේ ලොව්තුරා නිවන් සුව ලැබේවා. (නදී)