
(අංජුල මහික වීරරත්න)
පොකුරු බෝම්බ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් බලාත්මක කිරීම සඳහා නීතිමය විධිවිධාන සැලැස්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව විසින් 2018-02-28 දින පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතිය) අත්සන් තබා තිබේ. එම සම්මුතිය යටතේ වන බැඳීම් මෙරට බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් කිරීම පිණිස 2019-03-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පොකුරු බෝම්බ තහනම් කිරීමේ මූලික පනත් කෙටුම්පතට අවස්ථා ගණනාවකදී යෝජනා කරනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එම පනත් කෙටුම්පත යාවත්කාලීන කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා මේ වන විට හඳුනා ගනු ලැබ ඇති නව සංශෝධන ද ඇතුළත් කරමින් පොකුරු බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd