ඉදිරියේදී දැවැන්තම ශක්තිමත්ම සන්ධානය ගොඩනගන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වන බවද මහින්ද අමරවීර මහතා එහිදි කීවේය.
උතුරේ හෝ දකුණේ හෝ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා පවත්වන බවත් දැනටමත් එලෙස පක්ෂ කිහිපයක් සමඟම සාකච්ඡා පවත්වා ඇති බවත් අමාත්‍ය අමරවීර මහතා එහිදි කීවේය.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගෙන නැතැයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරදක් තිබෙනවා ඊට චෝදනා කරන විමල් වීරවංශ මහතා මුලින්ම චෝදනා කළ යුත්තේ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ට බවත් අමරවීර මහතා මාධ්‍ය හමුවේදී කීවේය.
පක්ෂ කඩන්න හදන්නේ කවුද, ඩීල් ගහන්නේ කවුදැය නුදුරේදීම හෙළි කරන බව ද ඔහු පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපි කවුද ඇහුවේ ඒ ගැන? (නි)
පක්ෂය කඩන අය නොවෙයි රට කඩන අය හෙළිකරන්න. අපට පක්ෂයට වඩා කෝටි ගණනක් රට වටිනවා. අලුත් පක්ෂයක් අපිට හදාගන්න පුළුවන්. නමුත් අලුත් රටක් හදාගන්න බැහැ (නි)
ඉතින් ඕක කෙළින්ම කිවුවා නම් ඉවරනේ (නි)
එයාලා පක්ෂය බැරිනම් මොනවා කරගත්තත් අපිට මොකද? (නි)
අපි දන්නවා ඔයාලා ගැනත් (නි)
මෙතුමා ලංකාවේ අැමති කෙනෙක්ද? ඉන්දියාවේ කෙනෙක්ද? නැත්නම් ඉන්දියාවට ඇමරිකාවට වැඩකරන කෙනෙක්ද? (නි)
බොරු මවාපාන රජයක්! (නි)
මේ ඔක්කොම කරදර ජනාධිපතිතුමා ඡන්දෙ දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු මැතිවරණයකට නොගිය එකනේ. එහෙම වුණා නම් එක පක්ෂයක් රට පාලනය කරාවි, අනිත් පක්ෂය ශක්තිමත් විපක්ෂයක් ලෙස පාලක පක්ෂයේ වැරදි පෙන්වාදෙමින් ඔවුන් යහමගට ගනීවි. දැන් තිබෙන අවුල්සහගත තත්වය නිසා රටේ ආර්ථිකය පිරිහෙමින් පවතී. (නි)
අපිට ඔය පක්ෂ එකකින්වත් වැඩක් නැහැ. රට ගැන හිතන, මහා ජාතියට තර්ජන නොකරන, සුළු ජන වර්ග වලට ආරක්ෂාව දෙන රජයක් අපිට ඕනෑ. (නි)
පක්ෂ,පාට අපිට වැඩක් නැහැ. අපි කැමති, ගමට නගරයට, රටට ජනතාවට අවංකව සේවය කරන ජනතා නියෝජිතයින්ට පමණයි. ඔබගේ පක්ෂයේ එහම ජනතා නියෝජිතයින් දැන් නැහැ. අපි බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු ඔබලාගේ පක්ෂයට නිසි පිළිතුර සපයන්න. (නි)
පක්ෂය කැඩුවේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)
ශ්‍රීලනිපය පක්ෂය කඩන්නේ කවුද කියලා තවත් හෙළි කරන්න දෙයක් තියෙනවද? රටම දන්නවනේ. තව ටික දවසකින් අලුත් පක්ෂයකුත් හදනවලුනේ (නි)
රහස් හෙළි කරනවා, දඬුවම් දෙනවා, පක්ෂය කඩන අය කියනවා. බාලගිරි අද නොවෙයි හෙට. (නි)
හරියටම හරි. ඉවසුවා හොඳටම ඇති (නි)
මහත්තයෝ, පක්ෂය කඩන අය හෙළිකරන්න දෙයක් නැහැ. ජනතාව දන්නවා ඒ කවුද කියලා. වැඩි විස්තර ලබන ඡන්දයේදී බලාපොරොත්තු වෙන්න (නි)
තව මොනවා කඩන්නද ඕකේ? (නි)
මේ පැත්තේ අය බලාගෙන ඉන්නවා ඊළඟ ඡන්දෙදි ඔබතුමාලට නියමෙට සහයෝගය දෙන්න (නි)
මේක අපිට පුදුම කන්දොස්කිරියාවක්නේ. ඔය පක්ෂ කඩගන්නවා නම් කඩාගන්න කියන්නකෝ. මහජනයාට මේවා අහලා දැන් හොඳටම එපාවෙලා තියෙන්නේ. ජනපතිටත් පක්ෂයක් බදාගෙන ඉන්න ඕනෑ නැහැනේ. මේවායේ ඉවරයක් ඇත්තෙම නැද්ද අපිට සැනසීමේ ඉන්න (නි)
2015 ජනාධිපතිවරණයට කලින් හා මහමැතිවරණයට කලින් පක්ෂය කඩන්න කටයුතු කළ අය ගැන නම් කියන්න ඕනෑ නැහැ. ඒ අය ගැන රටම දන්නවා. (නි)
ඕක කිය කියා ඉන්න ඕනෑ නැහැ. පක්ෂෙත් කාලා, රටත් කාලා ගිය අයට මහජනතාවගෙන් නිසි දඬුවම් ලැබිලා තිබෙනවා. ඔබතුමන්ලාට තිබෙන්නේ අවංකවම රටට ජනතාවට වැඩ කරන එකයි. නැත්නම් ඔබතුමන්ලාටත් ඒ ටිකම වෙයි. (නි)
ඕවට තම කියන්න ජනතාවට විහිළු සපයනවා කියලා. (නි)
මාතෘකාව හරියටම හරි. අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. (නි)