IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම්

ඉස්ලාමාබාද්හිදීය (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු  රජයේ නිලධාරීන්  ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ  මුදලින්  පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන  නව ආණ්ඩුව තීරණය කර තිබේ. 

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ. 

නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය වී තිබේ. ඒ අනුව පාකිස්තාන ජනාධිපතිවරයාට, අගමැතිවරයා ඇතුළු නායකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට ගුවන් ගමන්වලදී පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇත. 

ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ද හෙතෙම කීවේය. 

(055)



අදහස් (33)

පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම්

Perakum Sunday, 26 August 2018 07:41 AM

විමසිල්ලෙන් බලා ඉන්න අපේ කට්ටියට හොඳ ආදර්ශ ගන්න පුළුවනි. හැබැයි ඉතින් ගන්නේ නැති එක තමයි අවුල. රටට ආදරයක් තියනවා නම් අපි මීට කලින් ඕවා කරලා. මොනවා කරන්නද ඉතින්...? අපිමනේ ඡන්දෙ දීලා පත්කර ගත්තේ...

:       1       478

justin Sunday, 26 August 2018 08:19 AM

මෙයත් කෙහෙල් කොලේ කාලා පරිප්පු කන්න යන්නේ. දූෂණය නැති කරන්න. ජනපති, අගමැති තනතුරු ගරුත්වය රකින්න ඕනේ...

:       539       20

HasithaSunday, 26 August 2018 10:55 AM

ඔබතුමා කියන්නේ ඔස්ට්‍රියාවේ, ප්‍රංශයේ, ජපානයේ, ඕස්ට්‍රේලියාවේ අගමැතිවරුන්ට ගරුත්වයක් නෑ කියලද? ඒ මිනිස්සු වැඩට යන්නෙත් බස් කෝච්චි වලනේ..

:       3       357

bandaMonday, 27 August 2018 08:52 AM

ජස්ටින් මහත්තයෝ ලංකාවේ මෙහෙම උනත් ලෝකේ හැම තැනම එහෙම වෙන්නේ නෑ.

:       0       2

Raveendra Sunday, 26 August 2018 08:27 AM

ඔබට තම රට දියුණු කිරීමට සෑම අතින්ම ශක්තිය ලැබේවා... අප රටේත් ඉන්නා වූ අනේකවිද මහජන නියෝජිතයන්ටත් මොහුගේ ක්‍රියාකලාප ආදර්ශයට ගැනුමට " මොලයක් තිබේ නම් " එය පෑදේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.

:       0       609

සඳුන් Sunday, 26 August 2018 08:50 AM

ඒ මොනවා වුණත් පදවි ප්‍රාප්තියට අත්සන් කලේ කාබන් පෑනෙන් නෙවෙයිනේ..

:       34       30

sirimal Sunday, 26 August 2018 09:06 AM

එකට අපේ හිටපු අය. මැතිවරණයට නාම යෝජනා දුන්නු දාට පහුවෙනිදා තිරුමාලා දෙයිහාමුදුරුවන්ට බාර හාර වෙන්න ගියෙත් ගුවන් යානයක්ම අරගෙන යාළුවො රොත්තක්ම පටවා ගෙන.... අතින්, පයින් ගිය වියදමක්යැ ඉතින්.

:       269       438

IndikaSunday, 26 August 2018 10:27 AM

මොකද හිටපු අය ගැන විතරක් කියන්නේ? අපේ අගමැතිතුමා දෙනියායටම 60පාරක් හෙළිකොප්ටරයකින් ගිහිල්ලා තියෙන්නේ රටේ සංවර්ධනය බලන්නද?

:       62       499

sirimalSunday, 26 August 2018 07:29 PM

රජයේ මුදල් අවභාවිතය කවුරු කලත් වැරදි. අගමැති විතරක් නෙවේ වත්මන් ජනාධිපති උනත් එහෙම කලානම් ඒකත් වැරදියි.ඒ අතින් හිටපු කට්ටිය කප් ගහලයි හිටියේ. ඒක නැහැ කියන්න නම් අමාරුයි. මතකනේ නාවික හමුදාවේ හිටිය පුතාගේ විසිර යාමේ පෙරෙට්ටුවට ගිය 36 දෙනාට ආපසු එන්න ශ්‍රී ලන්කන් යානයේ පලවෙනි පන්තියේ ආසන මුදල්ගෙවා වෙන්කරගෙන හිටි අය බස්සලා ලබාදෙන්න ඒකාලේ හිටපු ඉංග්‍රීසි ජාතික සභාපති බැහැකිවහම එයා එළවලා සමාගම ලංකාවට අරගෙන මස්සිනා සභාපති කරපු හැටි. ඒ විතරක්ද ඒ කණ්ඩායමට ආපහු එන්න මිහින් ලංකා හිස් යානයක් ලන්ඩන් නුවරට ගෙන්වාගෙන තමන්ගේ බලය පෙන්නුව හැටි මතක ඇති නේද? දැන් ක්‍රියාත්මක ශ්‍රී ලන්කන් කොමිසමේදී කියවෙන්නේ ඔය හපන්කම් සේරම. රට ණය උගුලක හිරකලල ඒ ගොල්ලෝ කලේ රට පුරා තොරන් අටවලා මිනිස්සු ගොනුන්ට අන්දපු එකයි. අන්දපු අය තවම ඒවගක් තේරුම් අරගෙන නැති එකයි පුදුමේ.

:       53       266

Nuwan Sunday, 26 August 2018 09:27 AM

අපේ එක්කෙනෙක් ජනපති පදවි ප්‍රාප්තියට රුපියල් 6000ක් පමණක් වැයකළ බව කියලා මහා අණබෙරයක් ගැහුවා ඉස්සර. දැන් හැමදාම පාර්ලිමේන්තුවේ යාලුවෝ ටිකට දීමනා වැඩිකරගන්නවා දහස් ගණන් වලින් සද්ද නැතුව...

:       0       191

samankSunday, 26 August 2018 11:56 AM

6000න් පටන්ගෙන තමයි මහ බැංකුවටත් දුන්නේ...

:       2       191

අග මැටිතුම Sunday, 26 August 2018 09:30 AM

මේ අපිනම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. මහජනයා ඕන විදියකට බර කරත්තෙන් හරි ගියදෙන්. මටයි, අපේ සෙට් එකටයි අධි සුඛෝපබෝගී වාහන, පළමු පන්තියේ ගුවන් ටිකට්පත් නැතුව බැහැ.. ආ අපිට තව පඩි වැඩි කරගන්නත් තියනවා.. මේ ඔක්කොම වැඩ අවුල් වෙනවනේ.. ඔයා කරන වැඩ නිසා ඉම්රාන් ඛාන් මල්ලි...

:       0       492

Jehaan Sunday, 26 August 2018 09:37 AM

ඕක අපේ රටේ ක්‍රියාත්මක කරන්න නම්, හාමිනේලා නැන්දම්මලා සතර පේරුවේ ඥාතින්, දුවාදරුවන් සහ ඔවුන්ගේ නිලනොලත් සහකරුවන්, බාල මස්සිනාලා, වෙන්ඩ නෑනලා, නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පීන් ආදී කොට්ටාශයන්ද ඇතුළත් කිරීම මැනවි.

:       0       57

parakkrama Sunday, 26 August 2018 09:55 AM

අපේ නායකයෝ කී දෙනෙක් ක්‍රිකට් ගහලා තියෙනවාද? අනික් අතට බලාගෙන ගියාම ක්‍රිකට් අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රීඩාවක්නේ. අපේ අයට පුළුවන් ඉතින් එළියට යන බෝල අහුල අහුලා ඉන්න තමයි.

:       2       30

janatha anura Sunday, 26 August 2018 09:56 AM

පශ්චාත් භාගය රනින් නිමැවුණු අපේ පළාත් සභා නියෝජිතයින්ට සාමාන්‍ය ගුවන් ගමන් බැරිවෙනවා.

:       0       114

Sunil Sunday, 26 August 2018 10:02 AM

මෙහෙත් ඉතින් අපේ කට්ටිය මුලදීම ඔහොම කියලා තමා පටන්ගත්තේ. වියදම් කපා හරිනවා කිව්වා, පිටරට සවාරි වලට මෙගා ටීම් ගෙනියන්නේ නැහැ කිව්වා, තව තව දේවල් කිව්වා. පාකිස්තානේ කොහොම වේවිද කියලා බලමු.

:       108       27

sanath Sunday, 26 August 2018 10:19 AM

ඉරානයේ හිටපු ජනාධිපතිත් මේ විදියටම එයාට හිමි සුඛෝපභෝගී දේවල් සියල්ලම අතහැරලා ඉතාම සරල ජීවිතයක් ගතකළා. ඔහු කිව්වේ ජනාධිපති තනතුර බාර ගන්නකොට එයාගේ බැංකු ගිණුමේ ශේෂය ඩොලර් 2000යි, තනතුරෙන් යනකොටත් ඩොලර් 2000 මයි.

:       0       27

Nandalal DE SILVA - FranceSunday, 26 August 2018 05:31 PM

සමහරවිට ඉරානයේ හිටපු ජනාධිපතිත් මේ විදියට විහිළුවට කියන්න ඇති ! එයා එම තනතුර භාරගන්නා විටත්, කාලය අවසන්වී ගෙදර යනවිටත් කවුද එයාගේ එම බැංකු ගිණුම "චෙක්" කරේ ? එකම එක බැංකු ගිණුමක් පමණක් තිබෙන "ලොක්කෝ" දැනට ලෝකේ ඉන්නවද? ලොක්කන්ට පමණක් නොවෙයි පොඩි සොක්කන්ටත්, තමන් අතේ තිබෙන ජංගම දුරකතනවලට වඩා බැංකු ගිණුම් ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නා රහසකි ! ඒවගේම ඉරාණය කියන්නේ ලෝකයේ තිබෙන "අතිශය රහසිගත" රාජ්‍යයක් බව සනත් නොදැන සිටියාට, අපි නම් හොඳින් දැන සිටිමු.

:       8       0

Nandalal DE SILVA - FranceSunday, 26 August 2018 05:31 PM

සමහරවිට ඉරානයේ හිටපු ජනාධිපතිත් මේ විදියට විහිළුවට කියන්න ඇති ! එයා එම තනතුර භාරගන්නා විටත්, කාලය අවසන්වී ගෙදර යනවිටත් කවුද එයාගේ එම බැංකු ගිණුම "චෙක්" කරේ ? එකම එක බැංකු ගිණුමක් පමණක් තිබෙන "ලොක්කෝ" දැනට ලෝකේ ඉන්නවද? ලොක්කන්ට පමණක් නොවෙයි පොඩි සොක්කන්ටත්, තමන් අතේ තිබෙන ජංගම දුරකතනවලට වඩා බැංකු ගිණුම් ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නා රහසකි ! ඒවගේම ඉරාණය කියන්නේ ලෝකයේ තිබෙන "අතිශය රහසිගත" රාජ්‍යයක් බව සනත් නොදැන සිටියාට, අපි නම් හොඳින් දැන සිටිමු !!!!

:       0       1

chathuri Sunday, 26 August 2018 11:20 AM

අපේ රටටත් අවශ්‍ය මේවගේ තරුණ නායකයින්... නමුත් තරග වදින්නේ හොරකම් කරලා, මිනීමරලා, පැරදිලා... වයසට ගිය මහල්ලන්... අපිටත් ඉන්නවා හොඳ තරුණ, අනුන්ගේ දේපලවලට කෑදර නැති බුද්ධිමත් තරුණයින්. කරුණකරලා මෙවර නැගී සිටින්න තරග වදින්න. මහල්ලන්ට මතකයිද කියනදේ...? සම්පූර්ණයෙන් අමතකයිනේ... එහෙම අය රට පාලනය කරන්නේ කොහොමද?

:       1       10

SanathSunday, 26 August 2018 01:32 PM

ඉම්රන්ටත් වයස අවුරුදු 66 යි. මෛත්‍රීටත් 66 යි. රනිල්ට 69 යි. මහින්දට 73 යි. ඉම්රාන් තරුණයි නම් අපේ කට්ටියත් එහෙම තමයි.

:       0       62

Sam Sunday, 26 August 2018 11:23 AM

අපේ අයට ඕනේ ගුවන් යානය පදවාගෙන යන්න...

:       0       115

s.hiha Sunday, 26 August 2018 12:04 PM

ඔහු ලෝක කුසලාන 92 දී හොඳ නායකයෙකු ලෙස ඔප්පු කර ඇත !!!

:       1       6

s.shiha Sunday, 26 August 2018 12:06 PM

ඔහු 92 දී ලෝක කුසලාන හොඳ නායකයෙකු ලෙස ඔප්පු කර ඇත.

:       1       3

samSunday, 26 August 2018 01:32 PM

එතකොට අර්ජුනත් එහෙමයි කියලද කියන්නේ. ක්‍රිකට් නායකයකු වුණාට ගේම් ගහන නායකයකු වෙන්න අමාරුයි

:       2       3

මහ ඇමතිතුමා Sunday, 26 August 2018 12:30 PM

මේ වගේ වැඩ නිසා, ලක්ෂ හයාමාර ගානේ පුටුගන්න මම දාපු අැණවුමටත් තට්ටුවෙනවා. ඔයා කරන වැඩ නිසා අපි කොහොමද රෙදි ඇඳගෙන පාරේ යන්නේ ක්‍රිකට් අයියේ...

:       0       25

de silva Sunday, 26 August 2018 01:11 PM

අපේ කට්ටියටත් ඔය වගේ අදහස් පහළවෙනවා. විපක්ෂයේ ඉන්න කොට බලේ ලබුණාමනේ මොලේ අවුල් වෙන්නේ...

:       0       26

Raawana Sunday, 26 August 2018 04:23 PM

මෙහෙ නම් ලක්ෂ 57කට වැසිකිළි හදන්නයි, මන්ත්‍රීලාට ලක්ෂ 3 යි, කෝටි ගාණක බදු රහිත වාහන පර්මිට් එකයි. මොන සැපද?

:       0       38

SAMAN WELIVITIGODA Sunday, 26 August 2018 05:27 PM

පාකිස්තානේ අගමැතිතුමාට කියපු දේවල් කරන්නම වෙනවා. නැතුව බැහැ. හැබැයි අපේ රටේ පුළුවන්... මෙහෙ ඉන්නේ දේශපාලන මෝඩයින් මොකුත් දන්නේ නැහැ. ඒකයි හොරකම් කරන්නේ බය නැතුව....

:       0       0

Sujeewa Monday, 27 August 2018 03:40 AM

අපේ නම් සහෝදරවරුත් යන්නේ ව්‍යාපාරික පන්තියේ.

:       0       1

ranga Monday, 27 August 2018 04:29 AM

ලෝක කුසලාන දිනන ඔකොටම දේශපලනය කල නොහැකි

:       0       1

mahinda Monday, 27 August 2018 04:50 AM

ඒකට අපේ රටේ විශ්‍රාම ගිහිනුත් දේශපාලකයා රටේ මහජතාව බහුතරයක් ජීවත්වීම සඳහා අසීමීත වෙහෙසක් දරද්දී සිත්සේ අසීමීත සැප සම්පත් මහජන මුද්ලින් භුක්තිවිදී මේ පරපුටුවන්ගෙන් තොර ශ්‍රි ලංකාවක් කවදා අපට ලැබේවිද?

:       0       0

ravi Monday, 27 August 2018 03:41 PM

මෛත්‍රී, රනිල් පුළුවන් නම් ඔන්න වැඩ කරලා පෙන්නන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 9 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 160 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 465 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 244 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 329 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 391 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 583 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site