අවුරුදු අටක දැරියක තේ වත්තක දී මරා දමා ඇතැයි අක්මීමණ පොලිසිය කියයි. පාසල්ගොස් නිවසට පැමිණි දැරිය දෙමාපියන් නිවසට එනවිට නොසිටි බව දෙමාපියන් පොලිසියට පැමිණි කැර තිබිණි. මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝග කිරීමට නියමිතය. දැරිය කෙළසන්නට ඇතැයි පොලිසියට සැකයක් ද පවතී.
අක්මීමණ ජනබල ගම්මානයේ පදිංචි දැරිය කුරුදුවත්ත සුමංගල විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තිරිසන්නු ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුය, ජනපති තුමනි එල්ලා මැරීමේ නීතිය අදම ක්‍රියාත්මක කරන්න. ඔබ තුමාට පින්. (ස)
මන් නම් කියන්නේ මේ වගේ අය ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕනේ (ස)
මන් නම් කියන්නේ මේ වගේ අයව ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕනේ (නදී)
මට නම් හිතා ගන්ඩ අමාරුයි මේ රටේ මිනිසුන්ගේ මානසික තත්වය. මම මගේ ඡන්දෙ මින් පසුව දෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්ඩ පුළුවන් නායකයෙකුට පමණයි. (නදී)
මරණ දඩුවම් කොහොමද නියම කරන්නේ.මානව හිමිකම් වල ඉන්න අය මෙයාලගෙන්නේ යැපෙන්නේ. (ස)
මේකටත් නෑයෙක් සම්බන්ද ඇති. ඒ වගේම මේ මියගිය දරුවා කලින් කියලත් ඇති දෙමව්පියන්ට කාගෙන් හරි කරදර තියෙනවා කියාත්. දෙමාපියන් වශයෙන් දරුවන් ගැන අද කාලේ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. (ස)
රටේ නායකයෝ මේවට වගකියන්න ඕනේ. මේවවත් පාලනය කරන්න බැරිනම් සාමය රකින්න පොලිසියක් මොකටද? (ස)
එල්ලුම් ගහ අයිති වෙන්න ඕනේ මේ වගේ නරුමයින්ටයි (නදී)
එක අපරාධ කරුවෙකුට ප්‍රසිද්දියේ එල්ලන්න. මුළු මහත් සමාජයම එය දැක අපරාධ කිරීමෙන් වැලකි සිටීවි. නඩු කල් යනවා ඉවරයක් නැහැ ලෝයර් ලට මුදල් දී ඉවරයක් නැහැ. එතනත් බිස්නස් කරනවා. ඒකයි අපේ රටේ ක්‍රමය. (නදී)
අපි පොලිසියට දොස් කිය කියා ඉමු. එතකොට මේ ඔක්කොමලා හදන්න පුළුවන් (නදී)
දිනෙන් දින සිදුවන අපරාධ නොදැක්කා නොඇසුනා සේ රට කරවන්නන් සිටින අනේ අපේ ධර්මද්ද්වීපයට දෙවියන් සිටිත් නම් දිවැස් හෙලා නීතිය රජයන සමාජයක් ඇති කරවන්න.(නදී)
කවුරු කවුරුත් ලේසියෙන්ම කරන්න පුලුවන්දේ, ඒ කියන්නේ අපරාධකාරයා එල්ලන හැටි, වධ දී මරණ හැටි කියල හිත් සනසා ගෙන තියෙනවා. මුදල්, මත් පැන්, කාමුකත්වයට මුල් තැන දෙන සමාජ ක්‍රමයක් බිහිකළ හා එය රකින බලවතුන් ගැන කතා කරන්න කවුරුත් බයයි. මේ ක්‍රමය වෙනස් කරන තුරු තව දස දහසක් ජාතියේ මල් කැකුළු මේවගේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වීම නොවැලක් විය හැකියි. (ස)
අපට දින පතාම අසන්න ලැබෙන්නේ මෙවැනි අපරාධම තමා.අපි මොනවා ලීවත් මේවට හරියට නීතියක් ක්‍රියාත්මක නොකලොත් අහිංසක මෙවැනි ළමුන්ගේ අනාගතය කුමක් වේද.ජනාදිපති තුමනි රටේ දරුණු යුද්ධය නැතිකරා වගේම මෙවැනි අපරාධ වලට හොද නීතියක් ගෙන්න කියනඑක තමා මගේ කාරුණික ඉල්ලීම.(අ)
පතිරණ හරි. මේක මුලටත් නෑයෙක් සම්බන්ධද දන්නේ නෑ (දිල්)
ඌවේ ඡන්ද ප්‍රචාරණ සෙල්ලම් වලින්ම පෙනෙනවනේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන විදිහ? (නි)
මටනම් පත්තරය බැලිල්ලත් එපා වෙනවා මේවා අහන දකින කොට ,අනේ දෙවියනි ඔබ කොහෙද මේ වගේ උන්ට හෙණයක් වත් පාත් කරන්න (ස)
මේකට ශරියා නීතිය තමයි හරියන්නෙ (අ)
රටේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමා මේ වගේ අපරාද වැඩි වෙලා තියෙන්නේ.මරණ දඩුවම දෙන්නනම් ජනාදිපති අත්සන් කරන්න ඕනේ .කරන්න තියෙන්නේ අදිකරණයෙන් තීන්දුව දුන්නහම ජනාදිපති අත්සන් කෙරීමෙන් තොරව දඩුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට නීතිය සංසෝදනය කරන එක.නැතිනම් මේ එල්ලුම් ගහ වැඩේ කවදාකවත්ම වෙන්නේ නැහැ. (ස)
සල්ලිබලෙන් බේරෙයි. (අ)
මෙවැනි අපරාධ කරන අයට මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරෙන්නේ ඇයි? අපේ රටට කුමක්ද මේ වෙන්න යන්නේ? (නි)
මේ වගේ මිනිසුන්ව හමගැහුවත් මදි (නි)
කාටවත් පරාජය කළ නොහැකි බලවත් ලිච්ඡවින්ට බුදුන් වහන්සේ දේශනා කළේ ඔවුන්ගේ රාජ්‍යයේ කුල ස්ත්‍රීන්ට දක්වන ආරක්ෂාව සහ ගරුත්වයම ඔවුන්ට සුවිශේෂ රාජ්‍ය බලයක් ලැබීමේ එක හේතුවක් කියලා. අපේ රටේ කුල ස්ත්‍රීන්ට නම් දෙවියන්ගේම පිහිට තමයි. ඔත්පලව ඇඳේ සිටිය මහලු නැන්දම්මාවත් දුෂණය කළ බෑනලානේ අපිට පහළවෙලා ඉන්නේ. (නි)
මොවුන්ව එල්ලා මරන්න ඕනෑ. එතකොටවත් අනෙක් අය හැදෙයිනේ (නි)
මිනිසුන් මේ වගේ තිරිසන් වුණේ රටේ හරි දඩුවම් නැති නිසා. (නි)
මෙතරම් කුඩා දරුවෙක් තනිවම පාසල් යාම සහ ආපසු ඒමේදී වැඩිහිටියෙක් සමඟ ගමන් කළ යුතුයි. ඉස්සර වගේ නොවෙයි අද ඉන්නේ තිරිසන්නු. ඇහැට කනට පෙනෙන දරුවෙක් වෙන්න ඇති. දුක්බර පුවතක්.. (නි)
මෙතරම් රට පහත් තත්වයකට ඇදවැටීමට හේතුව ආශ්චර්යයද? (නි)
අනේ දෙවියනේ ..! හැමදාම දරු පැටවුන් මරාදමනවා. කෝ මේ රටේ පාලකයෝ? මේ අවනඩු වලට කවුද වගකියන්නේ? හරිහමන් නීතියක් රටේ නැති හින්දා , හතු පිපෙන්නා සේ මිනීමරුවෝ... පව්! අසරණ දරුවාට නිවන් සුව! වැරදිකරුවන්ට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක වේවා දෙවියනි ..! (නි)
මරණ දඩුවම සුදුසුය! (නි)
මේ අහිංසක දරුවා මැරූ උන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
හැමදාම මෙවැනි පුවතක් අසන්නට ලැබීම හරිම අවාසනාවක්. අපේ මිනිසුන්ට මේ තරම්ම අසහනය? අපේ රටේ කිසිම ගැහැණු දරුවෙක්වත් වයසක ආච්චි කෙනෙක්වත් ආරක්‍ෂිත නැහැ. රටක දියුණුව මනින්නේ ඒ රට දරුවන්ටයි, කාන්තාවන්ටයි සළකන හැටියෙන් කියලා කවුදෝ කියලා තියෙනවා. අනේ අපි කොහෙද? (නි)
වැරදිකරු හරියටම සොයාගත්තාට පසු ප්‍රසිද්ධියේ හිස ගසාදමමු (නි)
මරණ දඩුවම මෙවැනි නරුමයන්ට සුදුසු නැද්ද? (නි)
මේ ආශ්චර්යය කරා යන වේගවත් ගමනේදී රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව , සුභසිද්ධිය වහාම තහවුරු කළේ නැත්නම් තමන්ගේ දරු මුණුපුරන්ට කසාද බැඳීමට අඩම්තේට්ටමකට අතවරයකට ලක් නොවුණ තරුණියක් ලංකාවෙන් සොයාගැනීම අපහසු බව බලවතුන්ට තේරුම් ගියොත් හොඳයි. (නි)
බයවෙන්න එපා. රට වේගයෙන් සංවර්ධනයට යනවනේ. (නි)
ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
මේක කරුම රටක්. (ස)
කෝ මේ ගාල්ලේ කාන්තාවන්ට විමුක්තිය සොයා දෙන්න පොරොන්දු වුණ නෝනලා? (නි)
පිපි එන මලක් වැනි ඒ අහිංසක දැරිය තලා පෙලා දුෂණය කර ජීවිතය නැති කර දැමු හිතක් පපුවක් නැති පාපතර මිනිසුන් සිටින සමාජයක අද අපි ජීවත් වන්නේ.අහස පොලොව පවා නුහුල්ලන අපරාද මේවා. (ස)
ෂරියා තියා මොන නීතියක්වත් මේ රටේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. (ස)
මේ සිදුවීම අපේ ගමට අල්ලපු ගමේ, මම උදේ එනකොට දැක්කේ, මේ වගේ පව්කාර මිනිස්සු ප්‍රසිද්දියේ ගහල මරන්න ඕන, අනේ අහිංසක පොඩි එකා, එත් මම නොදන්නා නිසා අහන්නේ, යාලුවනේ මිනීමැරුමක් උන තැනක මිනිය ගෙනිච්චත් පොලිසියේ ආරක්ෂාව දානවා නේ, මම නම් දැක්කේ නෑ මිණිය තිබුණය කියන තැන පොලිසිය ඉන්නවා, අපරාධ ස්ථානයක් කියල පේන්න වට කරල නම් තිබුණ, (ස)
අපි මහත් ආඩම්බරයෙන් කතා කරපු අභිමානවත් අපේ ශ්‍රී ලංකාව අද තිරිසන් මිනිසුන්ගෙන් පිරුණු කාලකන්නි දේශයක් බවට පත්වෙලා. හැමදාමත් අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ කාලකන්නි සිදුවීම් කවුරු කොහොම කීවත් මොන විදියෙන් හැඳින්වුවත් ෂරියා නීතිය වැනි නීතියක් අපේ රටෙත් වහාම ක්‍රියාත්මක කල යුුතුය. මෙවැනි කාලකන්නි එකා දෙන්නා වහාම ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබදුන්නා නම් මෙවැනි අපරාද හා රටේ අනෙක් අපරාද අඩුකරගත හැකිවනු ඇත. (ස)