පළාත් සභාවට 25% ක කාන්තා නියෝජනයක් හඳුන්වාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
කාන්තාවන් දේශපාලනයේ නිරතවීම පිළීබඳව ජාත්‍යන්තර අත්දැකීම් සහ සිවිල් සංවිධාන අදහස් ලබාගෙන කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරිමට අමාත්‍යාංශය මෙම සාකච්ඡාව කැඳවාතිබිණී.
එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය මැතිවරණ ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර පදනම නියෝජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ, අගමැති නියෝජ්‍ය කාර්යා මණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක ,පළාත් සභා සහ පළාන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි , පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුජීව සමරවීර , සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට 25ක් නෙමෙයි සියයට 100ක් කරමු.(හේ)
මේවට අර ඉන්න සුදු නෝනා මහත්වරු කොහොම හිනාවෙනවද දන්නේ නැහැ (නි)
අපට පුද්ගලයා සියුමැලිද නැද්ද කියන එක නොවෙයි ප්රශ්නය. මහජන ඡන්දයෙන් පත්වීම ලබන්න මහජන ප්‍රශ්න තේරුම් අරගෙන මහජනයාට සේවය කිරීමට සුදුසු කෙනෙක් වියයුතුයි. මහජනයාගෙන් එකතු කරගත් බදු සල්ලි වලින් බුරුතු පිටින් පිටරට සවාරි යන දේශපාළුවන් අපට වැඩක් නැත. මහජනයාගේ ප්‍රශ්න වලට පාට බේදයකින් තොරව සේවය කරන්න පුළුවන් අය එවන්න. (නි)
ප්‍රතිශතය පුරවනවාට වඩා අනිල් කියූ දේ දිහා හරි විදියට බැලුවොතින් හොඳයි (නි)
ඔය පළාත්සභා වලට පත්වෙන අයට ඇරෙන්න රටට කිසිම වැඩකට ඇති වැඩක් වෙන්නේ නැහැ. (නි)
ආච්චාරුවක් වෙන එකයි වෙන්නේ අන්තිමට.(හේ)
මහජන ඡන්දයෙන් පත්වීම බල කරන්න බෑ. දේශපාලනයට කැමති කාන්තාවන් ඉදිරියට එයි. (හේ)
කාන්තාවන් මේ තැනට ගෙනාවොත් හොදට හිටී.(හේ)
පළාතේ කාන්තාවන් පෙන්නලා ඡන්දෙ ගන්න යන්නේ. ඉන්න සීමිත කාන්තාවෝ කරපු වැඩක් කියන්න කෝ.(හේ)
ඔන්න දැන් අැමතිලගේ මන්ත්‍රීලගේ බිරින්දෑවරුන්ට, දූවරුන්ට වැඩි වැඩියෙන් හොඳ වේවි කලදවස (නි)
ඔය බයිලා වැඩක් නැහැ. ඉක්මනට ඡන්දෙ තියන්න. ජනතාව ඉවසිල්ලක් නැතුව ඉන්නේ, ඔයගොල්ලන්ට සියුමැලි වැඩක් දෙන්න. (නි)
අනිල්ගේ අදහසට මගේත් මනාපය...! (නි)
නියමයි කරන්න හදන දේ.(හේ)
ඇමතිතුමා ඕකට ඇතුලත් කරන්න අවම සුදුසුකම් හැටියට මැරකම් කියලා. නැත්නම් මේ අය පරදිනවා. (හේ)
ප්‍රශ්නයක් ඇති වෙන එකයි වෙන්නේ.(හේ)
ඡන්ද තියන්නෙත් නැති එකේ ඔය වගේ විකාර වැඩ කර කර ඉන්න එක හොඳයි - (හේ)
එන්නේ කාන්තාවන්ද පිරිමින්ද කියලා වැඩක් නැහැ - සුදුස්සනුයි එන්න ඕන. ප්‍රතිශත ගණන් කන්තවන්වත් පිරිමින්වත් දැම්ම කියලා රටටවත් මිනිස්සුන්ටවත් වැඩක් වෙන්නේ නෑ. රටට ජාතියට ආදරේ, උගත් බුද්ධිමත් මිනිස්සු ඡන්ද ලැයිස්තුවලට දමන්න. (හේ)
මේකේ මුලසුන හිමිවෙන්න ඕනෑ ඇමරිකා නියෝජිතයින්ට නේද? (නි)