IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පිට්සා රැජින උපන් හැටි

පිට්සා මාග‍්‍රරීටා යනු ලෝකයේ ජනප‍්‍රියම පීසා වර්ගයයි. 19 වැනි සියවසේ අග භාගය මෙහි උපත සිදුවූ වකවානුවයි. එකළ ඉතාලියේ පාලක පලමුවැනි උම්බර්ටෝ රජතුමාගේ අග මෙහෙසිය වූයේ ප‍්‍රංශයේ දකුණු හා ගිනිකොන දිශාවේ පිහිටි සව්වා නම් පළාතේ උපත ලද මාග‍්‍රට් කුමරියයි.

ඉතාලිය එකමුතුවී කොළ, සුදු, රතු වර්ණ ප‍්‍රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූ එදවස දිනක් උම්බර්ටෝ රජ යුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය.

 ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. විශ්මයට පත් ආපන ශාලාවේ ප‍්‍රධාන අරක්කැමියා රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් එය සැළසුම් කොට පිළියෙළ කළේය.

 ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිල් කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි යුෂද ඇතුළත් පිට්සා වර්ගයක් පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් මාග‍්‍රට් රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන මහත් ඉහළින් වර්ණනා කොට ඇත්තේය.

එයින් සතුටට පත් අරක්කැමියා විසින් එම පිට්සා වර්ගයට මාග‍්‍රට් රැජිනියගේ නම යෙදීය. අද ලොව ජනප‍්‍රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා මාග‍්‍රරීටා උපත ලැබුවේ එසේය.

අද ලොව බෙහෝ දෙනා ප‍්‍රංශයේ මාග‍්‍රට් රැජිනිය අමතක කොට පිට්සා මාග‍්‍රරීටා භුක්ති විඳිති. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පිරි පිට්සා ඇත්තේය. පිට්සාවක් කොතැනින් අනුභව කළද ප‍්‍රනීතය. විවිධ වර්ණයන්ගෙන් පිට්සාව හැඩ වැඩ වන්නේය. උණුසුම් පිට්සාවක් දිවට රස ගෙන දෙන්නේය. ලොකු, කුඩා, තුනී, මහත ලෙසද පිට්සාව පිළියෙළ වේ. එබැවින් වර්තමානයේදි පිට්සාව කාන්තාවට සම කිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිති. ඉතින් පිට්සාවක රස බැලීමට අකමැති කවරහුද?

 

 

 

 

 

 



අදහස් (0)

පිට්සා රැජින උපන් හැටි

අරුෂියා Monday, 06 October 2014 05:49 AM

ටී.ජී.‍ගේ කතාව හරි කියලා දේවිගේ කතාවෙන්ම පේනවා (නි)

:       0       0

සෑම් Monday, 06 October 2014 11:58 AM

නිර්මලා, නන්දන පනාගොඩ ගැන ඔයා කියපු කතාව හරි. ඔයාගේ කතාවට ඔයාගේ කටේ පීට්සා කෑල්ලක් දාන්න වටිනවා (නි)

:       0       0

නිමාලි Monday, 06 October 2014 06:29 AM

ටී. ජී. හරි. පීසා විතරක් නෙවේ. ඉන්දියන් කෑමත් එහෙමයි. බොහෝ විදේශීය කෑම ලංකාවේදී නියම රසට කන්න නෑ (නදී)

:       0       0

ප්‍රියනාත් Monday, 06 October 2014 12:44 PM

වාචාලකමයි, නුගත්කමයි, මෝඩකමයි එකට එකතුවෙලා නිර්මාණය වෙලා තියන ජීවියෙකුට හොඳම උදාහරණය නන්දන පනාගොඩ සපයා තියනවා. ඔහු ඉතාලියේ ඉන්න අනෙක් අය ගැන විශාල ක්‍රෝධයකින් සිටින කෙනෙක් බව පැහැදිලියි. (නි)

:       0       0

චමින්ද Monday, 06 October 2014 07:22 AM

ටි.ජී.හරි. ඒ වගේම තමයි ලංකාවේ පිට්සා වෙනත් රටවල් වල පිට්සා වලට සාපේක්ෂව බැලුවහම මිල වැඩියි.රසයේ ගතයුත්තකුත් නැහැ. (නි)

:       0       0

රවිඳු Monday, 06 October 2014 12:56 PM

පිට්සා කියන්නේ ලෝකයේම ජනප්‍රියත්වයට පත් වූ රසවත් ඉතාලි කෑමක්. ලංකාවේ පිට්සා හට් වල තියෙන ඒවා නම් නියම පිට්සා වලට කොහෙත්ම සමාන කරන්න බැහැ. ඒ පිට්සා රොටියට අඩු පොල් විතරයි. හැබැයි ගාන නම් ඉතාලි පිට්සා එක වගේ දෙගුණයක්. ඒත්, අර ඉතාලියේ මිලානෝ වල ඉන්න කෙනෙක් දමා තියන අදහස දැකලා මට නම් පිට්සා කෑමත් එපා වුණා. (නි)

:       0       0

ගයාන් Monday, 06 October 2014 07:42 AM

ටි ජී ගේ අදහසට මම එකඟයි. මොකද ලංකාවේ රවුම් පාන් එකකට ඉතුරු වූ කෑම ටිකක් දාලා වගේ පිට්සා දෙන්නේ.ඒත් ඉතාලියේ පිට්සා කියන්නේ කලාවක් වගේ දෙයක්. (නි)

:       0       0

මාගලී Monday, 06 October 2014 07:48 AM

යුරෝපයේ තියෙන ආපන ශාලා වල පීට්සා හදන්නේ ලංකාවේ අය තමයි, වැඩිපුරම (නි)

:       0       0

කුමාර් Sunday, 05 October 2014 05:07 PM

මේ පිට්සා කාලා තමයි අපේ ලංකාවේ අය හරහට මහත්වෙලා තියෙන්නේ. ළමයි මේවට පුරුදු වුණාම වෙන කෑම කන්නේ නැහැ. (නි)

:       0       0

ගයාන් Sunday, 05 October 2014 05:26 PM

විවිධ වර්ගයේ පිට්සා පිළියෙළ කෙරුණද ඕනෑම කෙනෙක් මේ වර්ගයේ පිට්සා රස බැලීමට කැමතියි. අඩු ගානට කන්න පුළුවන් රස පිට්සා එකක් (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 06 October 2014 08:38 AM

මම නම් ලංකාවට එනකොට පිට්සා හදන්න ඕනෑ කරන හැම දෙයක්ම අරගෙන ඇවිල්ලා ගෙදර හදනවා. මගේ දරුවෝ ඒවායේ රස ගැන කියනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. පිට්සා ලංකාවේදී ඔයාලටත් හදන්න පුළුවන්. අමාරු නැහැ (නි)

:       0       0

ශීලා Sunday, 05 October 2014 06:31 PM

ලංකාවේ කොඩියට සමානව මොකක්හරි හදලා කෑවා නම් අපේ අයියලා පිටකොටුවේ පෙළපාලි යයි (නි)

:       0       0

සේන Monday, 06 October 2014 08:43 AM

ඉතාලියේ කාලයක් ඉඳලා දැනට ලංකාවේ කුඩා හෝටලයක් කරන මගේ හිතවතෙක් කිවුවේ ඉතාලියේ වගේ හොඳ තත්වයේ ආහාර වර්ග සාධාරන මිලට ලංකාවේදී ලබාගන්න බැරිලු. ඒක නිසා තත්වයෙන් බාල පීට්සා විකුණන්න සිද්ධ වෙනවාලු. (නි)

:       0       0

අමිල Sunday, 05 October 2014 07:19 PM

පීට්සා හදන තැන අනුව ඒවායේ රස වෙනස්වෙනවා (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 06 October 2014 08:49 AM

කුමාර්, හරහට මහත් වෙන්න තරම් ලංකාවේ අය කන පිට්සා එකක් නැහැ. ලංකාවේ අය කන්නේ කුකුල් පියාපත් හොද්ද සමඟ බත්. ඕක තමයි ලාබම කෑම. (නි)

:       0       0

හැරිසන් Sunday, 05 October 2014 07:19 PM

පීට්සා කියන්නේ පුදුම රස කෑමක් (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 06 October 2014 08:50 AM

ශීලා, පුවත හොඳට කියවන්න. මේකේ කියලා තියෙන්නේ ජාතික ධජයේ වර්ණ භාවිතා කළා කියා පමණයි. නැතුව ජාතික ධජයේ අනුරුවක් හැදුවා කියා නැහැ. අනික ජාතිය වෙනුවෙන් කතාකරන අය ගැන මොකද ඔයාට මෙච්චර අමාරු (නි)

:       0       0

චතුර Monday, 06 October 2014 03:55 PM

මගේ අකමැතිම කෑමක්. මම හිතන්නේ අපේ කොත්තු රොටි මීට වඩා හොඳයි. (නි)

:       0       0

සදුනි Sunday, 05 October 2014 10:32 PM

හදවතට හරි ගුණයි ඕවා (නි)

:       0       0

දේවි Monday, 06 October 2014 03:10 AM

කොත්තු රොටී මීට වැඩිය කොච්චර හොඳයිද? (නදී)

:       0       0

අරුෂියා Monday, 06 October 2014 09:22 PM

චමත්, ඔයා හදන පීට්සා රෙසිපි එක ලියන්නකෝ. අපිත් හදලා බලන්නම් (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 08:52 AM

අරුසියා, අන්තර්ජාලයට ගිහිල්ලා ගහන්නකෝ හවූ ටු මේක් පිට්සා කියලා. රෙසිපි ඕන තරම්. (නදී)

:       0       0

නිර්මලා Monday, 06 October 2014 11:01 AM

නන්දන පනාගොඩ මිලානෝ කියන මනුස්සයා ඉතාලියේ ඔහු කනහැටි හැමෝටම ඇහෙන්න කියල තියනවා අනේ පව්!. මේ මනුස්සය හිතන්නේ ඔහුගේ ජිවන රටාවයි ඔහුගේ මොළයයි ඉතාලියේ ඉන්න අනිත් හැමෝටම පිහිටලා තියනවා කියලයි. ලොකු මානසික පීඩාවකින් ඉන්න පුද්ගලයෙක් වගෙයි. කරුණාකර ඉතාලි රෝහලකින් බේතක් කරගන්න සමාජ පිළිලයක් නොවී. බෝට්ටුවෙන් ඉතාලියට ගොඩ බැස්ස අයගේ වෙනස තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. (නදී)

:       0       0

සෑම් Monday, 06 October 2014 11:15 AM

ඉතාලියේ කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් විදිහට අපි වගේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න එදා සහ අද නිව්වේ මේ පීට්සා තමයි. දෙමල මිනිස්සුන්ට කොච්චර බැන්නත් ලංකාවේ ඉගෙන ගන්න කාලෙ අපේ බඩගින්නට පිහිට උනේ තෝසේ කියලත් අමතක නැහැ (නදී)

:       0       0

ටී.ජී ඒකනායක Monday, 06 October 2014 05:35 AM

ලොකු කමකට කියනවා නෙවේ, ලංකාවේ ඉන්න අයට නියම පිට්සා රස පදම බලන්න හැකියාවක් නෑ, ලංකාවේ තියෙන්නේ චීස් දාපු රොටි තමා, නියම පිට්සා එකක රස ලංකාවේ පිට්සා වල නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 1 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 25 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 181 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 162 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 529 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site