පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති.
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක පුත්තලම කොට්ටන්තිව් රෝහලේ ගිලන් රිය හැපීමෙන් වෛද්‍යවරියක ඇතුළු දෙදෙනකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරාට මුන්දලම පොලිසියෙන් තදබල අසාධාරණයක් කර ඇතැයි ඔවුහු කියති.
කටඋත්තරයක් දීමට පවා නොහැකිව සිහිසුන්ව සිටින එම රියදුරාට නින්ද යාම නිසා අනතුර සිදුවීයැයි පොලිසිය ලොරි රියදුරාගේ පැත්ත ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක....එහෙනම් හරියට ඔය වේදිකාවේ නැගල හිටිය අයගේ ඌෂ්නෙත් මෙතනදී බල පානවනේ.රටකට ගිය කලක්. (ස)
මේකෙන් අසරණ රෝගීන් කොච්චර අමාරුවේ වැටෙනවද? (නි)
ජයාරූප වල හැටියට නම් ලොරිය ගිහින් තියෙන්නේ දකුණු පැත්තෙන් (නි)
නීතියක් නැති රටක ඉපදුනාම මිනිස් ජීවිතයක වටිනාකම වටිනාකමක් නෑ.(හේ)
බන්දුල පෙරේරාගේ රටේ සාධාරන පරික්ෂණයක් කරන්න කියන්නත් උද්ඝෝෂණ කරන්න වෙලානේ.කාට අයිති රටකද අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (ස)
ගිලන් රථ රියදුරාට නින්ද ගියා කියල බන්දුල පෙරේරා දන්නවා. ලොරිය පදවපු රියැදුරා බීමත්ව හිටිය කියල දන්නේ නැහැ. මේ මනුස්සයගේ මොලේ ගෙඩියක්ද කොහෙද. හිතන්න බැරි. (නදී)
අහවල්ලු නැගපු වේදිකාවක් පටවාගෙන එන ලොරියක් දැක්කම කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන කාලයක් ඉදිරියේදී එන්නේ. (ස)
ලොරි රියදුරා පදමට දාගෙනයි එලවාගෙන ඇවිත් විශාල විනාශයක් කරලා තියෙන්නේ. සත්‍ය අන්න අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)
පොලිසිය ලොරි රියදුරාගේ පැත්ත ගත්තද නැද්ද කියලා උසාවියෙන් තීරණය කරාවි. වර්ජනය නම් අසාධාරණයි.(හේ)
ටිකිරි බණ්ඩා මරු කියවනවා.. නැගපු එවුන්ගේ උෂ්ණ වේදිකාවල තියෙනවනම් ඉතින් වේදිකා පළල දරට ගන්න තමයි වෙන්නේ.. වෙන එකෙකුට නගින්න ලැබෙන්නේ නැහැ.. ඕනෑම සිදුවීමක් ගානකට විකුණා ගන්න හදන මේ වගේ දේශපාලන අසහනකාරයෝ තමයි මේ තීරුවේ වැඩි වශයෙන් ඉන්නේ..මේක ගිලන් රථ රියදුරාට නින්ද ගිය නිසා සිදු වූ අනතුරක් බව පැහැදිලියි.මේක විකුනන්න බණ්ඩාට ටිකක් අමාරු වේවි. .(අ)
මේ හැම දේකින්ම දුක් විදින්නේ අසරණ රෝගීන්.(හේ)
අද වෙනකොට ලංකාවේ පොලිසියෙන් සාදාරණයක් ඉෂ්ට කරන්න නම් විරෝදතාවයක් දක්වන්නම ඕනේ.රටකට ගිය කලක්. (ස)
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක ......කවුරු ගොඩ වුන වේදිකාවද කියල කියන්නකෝ.ඉතිරි ටික මට හිත ගන්න පුළුවන්. (ස)
පුත්තලම රෝහලේ වැඩ වර්ජනයට එම රෝහලේ විශේෂඥවෛද්‍යවරුත් සහභාගිවෙලා ඉන්නවා නම් ඒ හවස 4 වෙනකන් විතරයි.(හේ)
මෙයාලට පොඩ්ඩ ඇති වැඩ වර්ජන වලට යන්න.(හේ)
වෛද්‍යවරු, හෙදියන් කියන්නේ යමක් හොඳට තෙරුම් ගත හැකි පිරිසක් හැටියට මම පිළීගන්නේ. මෙතන යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එයට වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්න. අහිංසක රෝගීන් ගැන හිතන්න.(හේ)
මේ වගේ අම්බරුවෝ ටිකක්. (ස)
රෝහල් සේවකයෝ හැම දේටම කරන්නේ වැඩ වරණ එක, ඕවට වෙනත් විසඳුම් නැතිද? වැඩ වැරුමට හේතු හොයමින් ඉන්නේ, අපේ රටටත් ඕනේ චීනෙ වල වගේ නීති තමයි, චීන වල වැඩ වැරුම්, උද්ඝෝශන නෑ. රටේ සීග්‍ර දියුණුවට එ්කත් හේතුවක්. (ස)
අපි මේ ගැන විසේෂඥයෝ නෙමේ නමුත් ලොරිය තියන පැත්ත දැක්කහම තේරෙනවා කවුරුද වැරැද්ද කියල. කොන්ඩේ බැදපු චීන්නු දැන් වැඩි වගේ. (අ)
සාමාන්‍යයෙන් වාහනයක් විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී තිරිංග ගැසු පාරක්වත් නැතුව පාරේ දකුණු පසට ගිහින් හැප්පිලා නම් සහ අනිත් වාහනය පාරෙන් ඉවතට අයින් කරපු ලක්‍ෂණ තිබේ නම මුලීකව නිගමනය වෙන්නේ රියදුරුට නින්ද යාම කියලා තමයි. තව දුරටත් වාහනයේ කාර්ම්ක දොෂ පරීක්‍ෂා කරලා බලලා අවසන් නිගමනයට ඒවි.දැන් මෙයාලා හදන්නෙ ඒක අල්ල ගෙන තවත් අහිංසකයන් මරන්නද? අද වැඩ නොකර නිකම් හිටියට මහජන මුදලින් අදටත් එක්ක වැටුප ලබා ගන්නවා නේද මාසේ අන්තිමට? (අ)