නුගේගොඩ නවල්ටි විදුලි උපකරණ ව්‍යාපාරික සරත් ක=මාර හේවාගම (54) පසුගිය ජනවාරි 19දා මරා දැමීයැයි සැකපිට පිංතාරු බාස්වරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සිය තට්ටු නිවසේ හුදකලාව ජීවත්වූ ව්‍යාපාරිකයා මොවුන් හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. මේ පිරිස මීට පෙර ද තවත් ව්‍යාපාරිකයකු මරා දැමීයැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පින්තාරු බාස්ලා බොහොම භයානක වෙලා නේ? මීට පස්සේ මමනම් තීන්ත ගාන්න බාස්ලට කියන්නේ නැහැ.මමම ගා ගන්නවා.අවුරුද්දට වතාවයි නේ. (අ)
අන්තර් ජාලය පින්තාරු බාස්ලට තහනම් කරමුද ? (අ)
ඒ විදයට ගියහම පින්තාරු බස්ලත් විස්වාස කරාන්න බෑ නේ. ඒ අර මාධ්‍ය වෙදිනිය මැරුවෙත් පින්තාරු බස් කෙනෙක් නේද? (අ)
අන්තර්ජාලයෙන් සිද්ද උන දෙයක් නම් අනිවාර්යෙන්ම මේ අය ගිය ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ වැරැද්ද. එයාවත් අත්අඩංගුවට ගන්න ඕන.(අ)
පින්තාරු බාස්ට ආයෙත් එන්න කියන්න එපා ! (අ)
හොඳ බාස් මරු බාස් වෙලා. (අ)
පුදුම රටක් මේක යම් අපරාදයක් සිද්ද වුණාම ඒ හා සමාන අපරාද වැලක්ම ගලාගෙන එනවා.ෆේස්බුක් මරණයක් සිද්ද වුන ගමන්ම ඒ සමානව සිද්ද වුන වගේම පින්තාරු බාස් කෙනෙක් මිනිමරුවමත් එසමාන දෙයක් සිද්ද වෙනවා.නිදන් හරණ කොටත් එහෙමයි,මංකොල්ලයක් වුනත්,විදුහල් ප්‍රශ්න වුනත්,ස්ත්‍රී දුෂණ,ලිංගික අතවර,බාල අපරාද,යන අභිරහස් දේවල් එක පෙලට සිද්දවෙන එකම පුරුද්දකට යන්නේ ඒවා තලු මරමරා ප්‍රසිද්දියේ ප්‍රචාර වෙන හින්දද?(අ)
පාරවල් දිගේ පින්තාරු බාස්ලගේ තහඩු දැන්වීම් අනවසරයෙන් ලයිට් කණුවල ගැටගහල තියෙනවා. මේවාටත් අහුවෙන්ඩ එපා. (අ)
කොහොමත් අනුන්ගේ දේවල් ලස්සන කරන හුඟක් අයගේ හදවත් අන්තිම කැතයි ! (අ)
පින්තාරු වැඩ තහනම් කලොත් නරකද ?(දී)
කාලෙන් කාලෙට එක එක විදියේ මිනීමරුවෝ. මේක පුදුම ලෝකයක් වෙලා.(අ)
අයතා සම්බන්ධයක් කියල නේද පොලිසිය කිව්වේ? (දිල්)
ලංකාවේ පින්තාරු බාස්ලා බොහොම භයානක වෙලා කියල ලංකාවේ පොලිසියෙන් කියන නිසාම සාම අව්රුද්දකටම සැරයක් නිවාඩුවට ලංකාවට ගියහම මගේ කුලියට එන්න නිවසේ තීන්ත මමම ගා ගන්නවා.(දිල්)
බාස්ලා කොහොමත් භයානකයි (දී)
මේක තීන්තත් එක්ක තියෙන ප්‍රශ්නයක් නොවෙයි. රට වේගයෙන් තල්ලුවී යන්නේ අපරාධකාරී සංස්කෘතියකටයි. රට එකෙන් ගළවා ගන්න පාලකයෝ අපොහොසත්. අද තීන්ත බාස්. හෙට කෝකියා ......!(දී)