පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් තිබෙන ග්‍රාහකයක් හිදිසියේ ම සොයාගත හැකි වූ බව නාසා ආයතනය පවසයි. මේ ග්‍රාහකය ලබන ඉරිදා (07) පෘථිවියට වඩාත් ආසන්න වුව ද පෘථිවියේ නොවැදී නවසීලන්තයට ඉහලින් එරට වේලාවෙන් සවස 2.18ට ගමන්කරනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. එය පෘථිවිය හා චන්ද්‍රයා අතර ඇති දුරෙන් දහයෙන් එකක් හෙවත් කිලෝ මීටර 36,000 ක් පමණ ආසන්නයෙන් ඇදී යනු ඇත. එසේ වුව ද මේ ග්‍රාහකය පෘථිවිය වටා කක්ෂගත කැර ඇති චන්ද්‍රිකාවල වදින්නේ නැතැයි ද පර්යේෂකයෝ කියති.
2014 ආර්.සී. ලෙස නම්කැර ඇති මේ ග්‍රාහකය මීටර 18ක් දිගැතිය. පර්යේෂකයන් පවසන්නේ ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි. පියවි ඇසින් දැකිය නොහැකි මේ ග්‍රාහකය දුරදක්නවලින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි ද විද්‍යාඥයෝ කියති.
පෘථිවියට මෙතරම් සමීප වෙමින් තිබෙන ග්‍රාහකය සොයාගැනීමට සමත් වූයේ ඇරිසෝනා හි පිහිටුවා ඇති කැටලිනා ගුවන් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසකි. මීටර 18ක් වැනි විශාලත්වයෙන් යුතු ග්‍රාහකයක් පෘථිවියට මෙතරම් ආසන්න වනතුරුම හඳුනාගත නොහැකි වීම සම්බන්ධයෙන් විමතිය පළකරන ඇතැම් විද්‍යාඥයන් කියා සිටින්නේ අනාගතයේ දී ද කල් වේලා ඇතිව හඳුනාගත නොහැකි මෙවන් ග්‍රාහක පෘථිවිය දෙසට පැමිණීමේ අවදානමක් පවතින බවයි.
2013 පෙබරවාරි 15 දා පෘථිවියට ග්‍රාහකයක් කඩා වැටණි. එය රුසියාවට ඉහළ අහසේ පුපුරා යාමෙන් 1500ක් තුවාල ලබා ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය. මේ ග්‍රාහකය පෘථිවි වායුගෝලයට ඇතුළුවනතුරුම කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත.
නාසා ආයතනය පවසන්නේ පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩ ඇති ග්‍රාහක දහස් ගණනක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි. එසේ වුව ද ඉන් කිසිදු ග්‍රාහකයක් නුදුරු අනාගතයේ දී පෘථිවිය හා ඝට්ඨනය නොවන බව ද පර්යේෂකයෝ කියති. පෘථිවිය අසළින් ඇදී යන ග්‍රාහකයක ගමන් මග වෙනස් කැර එය සඳ මතට කඩා වැටීමට සළස්වා එහි කොටස් ගෙනවිත් පර්යේෂණ කිරිමේ වැඩපිළිවෙලක් ද නාසා ආයතනය සැලසුම් කැර ඇත. ඒ ව්‍යාපෘතිය 2020 දී ආරම්භ වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වාසනාව! (නි)
මේ කතාව අර තෙල් නිදි චයිනා සැටලයිට් වගේ ඌවේ ඡන්දෙට දැම්මොත් ඡන්ද කීයක් විතර කඩා ගන්න පුළුවන් වෙයිද කියල දැන් ආණ්ඩුව කල්පනා කරන්නේ ,,, (අ)
අප සියලු දෙනා භේදබින්න වී නොසිට මිනිසුන් සේ එක්ව ස්වභාව දහමේ මේ ආශිර්වාදය මත නැවත එක් මිනිසතුන් සේ ජීවත් වන්න තවත් එක් අවස්ථාවක් බවට මාගේ හැගීමයි. අද මේ බෙදීමට මුල් වී ඇත්තේ එක් එක් යුගවල බිහි වු තවත් එක් මිනිසෙකුගේ අදහස් මත ගොඩ නැගි ඇති ජාති, ආගම්, පක්ෂ .................... නොවේද ? අපි මිනිසෙකු වෙමු (අ)
ප්‍රියා - එතකොට අපිට කියන්න පුළුවන් සද මිදුලට එනවා කියලා (අ)
ඉන්දියාවේ කී දෙනෙක් දිවි නසාගෙනද දන්නේ නැහැ (නි)
ඔය ග්‍රහයෝ කොයි වෙලාවේ හරි වැටෙන බව දන්නා නිසා තමයි මම නවග්‍රහ මුද්දක් හදලා දාගත්තේ. ඒක නිසා මම බය නැහැ මොන ග්‍රහයා වැටුනත් (නි)
වැදගත් දෙයක් වෙනුවෙන් හරවත් අදහසක් දෙන්න බැරි ලංකාවේ පුද්ගලයින් ගැන කණගාටු වෙමි (නි)
අද මිනිසා විනාශ කළ නොහැක. එනිසා මේ පෘථිවියද විනාශ කළ නොහැක. මන්ද මේ මිනිසාට මැරි මැරී ඉපදීමට ඇති එකම තැන මෙය බැවිනි (නි)
අපේ අය යවපු එකේ වදින්න එපා දෙවියනේ. (නි)
ඒක හැප්පුනොත් එක පාටර දෙකට පුපුරලා යාවි ?(අ)
විශ්වය අනන්තයි අප්‍රමානයි අවිනිශ්චිතයි. ස්ථිර කිසි දෙයක් නැත? කවදා හෝ අප ජීවත්වන මේ පෘතුවි තලයද විනාශ වී යා හැක. එසේ නොවේවායි ප්‍රර්ථනා කරමි. (නදී)
අර කිව්වත් වගේ මේ පාපකාරී ලෝකය එක මොහොතකින් සුන්නද්දුලි වෙලා යනවනම් ලොකු දෙයක්. (නදී)
චර්චිල් ඔයාගේ අදහස හරි ගැඹුරුයි. ඇත්ත තමා. ඒත් සංචාර චක්‍රය සම්පූර්ණ කරන්න වෙන ග්‍රහලෝකයක් තියෙනවද දන්නෙත් නැහැ. (නදී)
අපි ඔක්කොම ප්‍රර්ථනා කරමු තව දීර්ග කාලයක් යන තෙක් අපේ පෘතුවියට කිසිම කෙනෙකුගෙන් කරදරයක් නොවේවා කියලා. මොකද අපිට තව ගොඩක් ඉලෙක්ෂන් තියෙනවා (නදී)
පුදුමයි ඌවේ කට්ටිය මේ ගැන දන්නේ නැති එක (නි)
ඕක වැටෙන්න තිබ්බේ අන්තවාදීන් ඉන්නා රටකට (නදී)
වෙලාවට නිවාඩු දවසක් (නදී)
කලින් කිව්ව එක හොදයි .(දිල්)
ප්‍රිය ඔයා නසා එකේ ඉන්න ඕනේ කෙනෙක්. (අ)
අලහකෝන් මහත්තයගේ ප්‍රතිචාරයට ලයික් එකක් දාන්න විදිහක් නැහැනේ (නදී)
අසිත අපි ඔක්කොම එකතු වෙලා බොදී පූජාවක්වත් කරමුද අපේ පුතා යවපු චන්ද්‍රිකාවේ නම් වදින්න එපා කියල. (අ)
කමක් නෑ යුද්දය දිනනවනේ (නදී)
සන්තොෂයි බාප්පේ...(අ)
මෙම ග්‍රහයා පෘථිවියට ළං වෙනවාත් සමඟම රටේම ඉන්න අපරාධකරුවන්,කුඩු මුදලාලිලා, ස්ත්‍රී දූෂකයන් බංගකරගෙන යනවා නම් තමයි හොඳ. (නි)
අපි මේ ග්‍රාහකයට හොඳ නමක් දාමුද? (නි)
මේක ඡන්දෙ ඉවර වෙනතුරු නම් වදින්න එපා (නි)
හැම ග්‍රාහකයක්ම පෘථිවිය මඟහැරලා යනවා වගේ. (නි)
ඒ කියන්නේ හඳත් ඉවරයි වගේ මට නම් පෙනන්නේ. (නි)
එය සඳ මතට කඩා වැටීමට සළස්වන එක සුදුසු නැහැැ නේද? මොකද ඒක වැදිලා සඳේ කෑල්ලක් පෘථිවියට කඩාගෙන ආවොත් මොකද කරන්නේ? (නි)
දෙවියන්ගේ පිහිටෙන් අපි යවපු චන්ද්‍රිකාවේ නම් හැපෙන්න එපා. එහෙම වුණොත් දුප්පත් අපේ කෝටි ගානක සල්ලි නිකම්ම විනාශ වෙලා යනවා. (නි)
අපේ අම්මෝ දැන්තමයි අඟට ලේ ටිකක් ඉනුවේ (අ)
ආගම්වාද,වර්ගවාද වලට බෙදිලා ඇනකොටා ගන්න මිනිසුන් ඉන්න පෘථිවිය මේ වගේ දේකින් හරි ඉවරයක් වෙනවා නම් ඒකත් එක අතකට ලොකු දෙයක්. (නි)
ඇමෙරිකාව නැත්නම් මෙහෙම දෙයක් වත් දැනගනීද?(දිල්)