IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පෞද්ගලික බස්රථ යළි ආරම්භ කිරීමට උපරිම සහන

(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට උපදෙස් දෙනු ලැබීය.

පෞද්ගලික බස් රථ හිමියන් සහ ප්‍රවාහන බලධාරීන් සමඟ  ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්හට මෙම උපදෙස් දෙනු ලැබීය.

බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක්  ලබාදීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම, බලපත්‍ර රහිතව ආයතන සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම,ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට අවසර දී ඇති බැවින් එම අවසර ලබාදීමේ ක්‍රමවේදය  ඒ්කාබද්ධව සකස්කර පෞද්ගලික බස් ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන් අමාත්‍යවරියගේ අවධානය යොමු කරනු ලැබීය.

මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළාය.

සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන්  උපරිම සහනයක් ලබාදීමට තමා කටයුතු කරන බවත් කිසි විටෙකත් පෞද්ගලික බස් කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංහ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම යන මහත්වරුන් සහ පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයන් ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

පෞද්ගලික බස්රථ යළි ආරම්භ කිරීමට උපරිම සහන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 6 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1661 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 497 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 316 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1041 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 318 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site