කෙන්යාවේ මසායි මාරා අභය භූමියේ නිදැල්ලේ වෙසෙන සතුන් බැලීමට සිය ගණන් සංචාරකයෝ දිනපතා ඇදි එති. සෆාරි රථයක නැගුණු විදෙස් සංචාරකයින් පිරිසක් අභය භූමියේ සැරිසරද්දී හැඩි දැඩි චීටාවෙක් දැක සෆාරි රථය නවතා චීටා දෙස බලා සිටින සංචාරකයෝ අරුම පුදුම අත්දැකීමකට මුහුණ දෙති. රථයේ පිටුපසට නඟින චීටා සංචාරකයිනට කිසිදු කරදරයක් නොකරයි. චීටා බැසයන තෙක් විනාඩි 45ක් බලාසිටීමට සිදුවූ බවත් පිටුපසින් ආ පිරිස් ද මෙම පුදුම සහගත සිදුවීම බලා සිටි බවත් එම සංචාරකයෝ කියති. වනෝද්‍යාන පාලකයින් කියනුයේ මිනිසුන්ට හිලෑ නැති බිහිසුණු චීටාවගේ මෙම හැසිරීම තමන්ට අදහාගත නොහැකි බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ නොනා එක්ක අද තරහා වෙලා ආවද (අ)
අපේ රටේ සමහර මිනිස්සුන්ට වඩා මේ සත්තු හොඳයි කියලයි මට නම හිතෙන්නේ.(නු)
අදුරන කට්ටියක් වෙන්න ඇති. (නි)
සතුන්ට මිනිස්සු එපා වෙලා..(ස)
අපි අතරෙත් ඔය වගේ කුකුල් දෙකේ චරිත ඉන්නවා. (නි)
හොද ලිපියක්
එයා හොද ෆොටෝ ජෙනික් කෙනෙක්ද කොහෙද? (නි)
සුන්දර අත්දැකීමක්. (නි)
ස්තුතියි ලංකාදීප. (නි)
ලංකාව ගැන දුක හිතෙනවා. (නි)
අනිවාර්යයෙන්ම ගිය ආත්මේ මනුස්ස ආත්මයක් ලබපු අහිංසක මනුස්සයෙක්. (නි)
මෙය පුදුමයක් නොව ඛේදවාචකයකි. වන සතුන් බැලීමේ ඉකෝ ටුවරිසම් නම් සංචාරක ව්‍යාපාරය විසින් සතුන්ගේ ස්වභාවික ජීවන රටාවට වී ඇති හානියේ තරම මෙයින් කියාපායි. ලංකාවේ අලි ඉන්නා ප්‍රදේශවල මිනිස්සු වාහන නවතා උන්ට රසවත් එහෙත් ගුණයක් නැති පාන්, බනිස්, කෙහෙල් ගෙඩි ආදිය දීම නිසා වනයේ සැරිසරා ආහාර සොයනවා වෙනුවට උන් මග දෙපසට වී වාහනයක් නවතා රස කෑමක් දෙනතුරු බලා සිටිති. මෙයින් මිනිසුන්ට අනතුරු මෙන්ම සතුන්ටද හානි වේ. අසල ගම් වල පදිංචි ජනතාවටද අලි කරදර ඇතිවේ. (නි)
චීටාත් ආසා ඇති ඡායාරූප ගන්නවට. ඇතිතරම් ගන්න කියලා ඉන්න ඇති. (නි)
ලස්සන ලෝකයකයි අපි ඉන්නේ ..(ස)
මෙච්චර කාලයක් මිනිස්සු ගිහිල්ලා සත්තු බැලුවා. ඒක තේරුම් ගත් සත්තු දැන් ඇවිල්ලා මිනිස්සුන්ව බලලා යනවා (නි)
එසන පුවත්පිටුවේ ලෝක පුවත් පලනොකරන්න ඒවා සයුරෙන් එතර කොටසේ පලකරනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි .(ස)
මිනිසුන්ට වඩා සතුන් කරුණාවයි (දී)
දන්නෝ දනිති මෙයාගෙන් බේරේන් අපහසු බව (අ)
මේක නම් හරිම පුදුමයක්. ඒ කණ්ඩායම හරිම වාසනාවන්තයි මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා නිරුපද්‍රිතව ඉන්න. .(ස)
චීටා - අනේ කන්න මොන හරි තියේනම් දෙන්න. අපිත් හරි අමාරුවෙන් ඉන්නේ මේ දවස් වල.... (ස)
ලංකාවේ ඉන්නවා ඔයවගේ සත්තු , මේ මොනවා කියනවද ලංකාවේ වගේ සත්තු වෙන කොහෙවත් නෑ..(ස)
අපිත් ඒ චීටා බලමුද ? ..
වූටි චීටෙක් වෙන්න ඇති. (ස)
කෝ චීටගේ ෆොටෝ එකක් දාන්නකෝ.. (ස)
බයාලා එපා බන්ඩෝ.. (ස)
ලංකාවේ එකෙක් හිටිය නම් චීටා හමට ගුඩ් බායි තමයි.. (ස)
පින්තූර නැද්ද ? (ස)
බලාගෙන මොනවා උනත් සත්තුනේ.. (ස)
ලංකාවේ නෑනේ ඔය වගේ චීටලා. (ස)
සත්තුන්ට මොනවා හරි කියුවහම අහනවා (දී)
බලාගෙන බෙල්ල කයි (දී)