කතුන්ගේ මාල කඩන යතුරු පැදි කරුවකු (23) අල්ලා දුන් කුරුවිට පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් එම යතුරු පැදියේ හැපී ඇටයක් බිඳී රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
හමුදාවෙන් පැන ආ පුද්ගලයකු බව කියන යතුරු පැදිකරු පොලිස් සැරයන් හප්පන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මාලය කොල්ල කා පළා යමින් සිටි සැකකරු සොයා කුරුවිට පොලිස් ස්ථානාධිපති පොලිස් කණ්ඩායම් කිහිපයක් යැවීය.
මාලය කඩා ගත් පුද්ගලයා කුරුවිට එරත්න පාරේ කනේගල්ල පාරට යතුරු පැදිය හැරවු බවට පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.
රාජකාරිය අවසන් කර නිවසට ගොස් සිටි සැරයන් සුනිල්ට පොලීසියෙන් ඇමැතුමක් ලැබිණි.
ඔහු වහා පාර අයිනට ආවේය. සැකකටයුතු යතුරුපැදියක් එනු දුටු සැරයන් එය නතර කරන ලෙස සංඥා කළේය. යතුරුපැදි කරු එහි වේගය අඩුකැර සැරයන් දෙසට යතුරු පැදිය කපා ඇතැයි ද එතැන සිටි අයකුගේ පොලු පහරක් වැදී ඔහුද සමඟ යතුරු පැදිය පෙරලී ඇතැයි ද පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය කියයි.
සැකරුගේ සාක්කුවේ තිබී පවුම් තුන්කාලේ මාලය ද සොයාගෙන ඇත. මීට පෙර දෙවතාවක්ම ඔහු මාල කඩාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
යතුරුපැදියේ හැපීමෙන් තුවාල ලද සැරයනගේ වකුගඩුවක් ද රෝහලේදී ඉවත් කළ බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට හැමදාම පොඩ්ඩ වරදිනකොට බනින උන්. මේ අසරණ මනුස්සය වෙනුවෙනුත් යමක් කියනවනම් හොඳයි. මොකද කරන හොඳ වැඩ දාහක් තිබුනත් මිනිස්සුන්ට පේන්නේ කරන එකම වැරදි වැඩේ විතරයි (ස)
දෙයියනේ! වකුගඩුවක් ඉවත් කරලා?? තෙරුවන් සරණින් ඉක්මනින් සුවවේවා....! (නි)
රණවිරුවන් දැන් දැන් රටටම බරකි. (ස)
වකුගඩුවක් ඉවත් කර කියන්නේ, ලොකු සැත්කමක්නේ. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමි. (ස)
පොලිස් සැරයන් වරයා සුවවෙත්වා,යහපතක්ම වේවා, තුවාල ලත් මාල හොරා ට සුව නොවේවා, සුව වුවද කරන ලද අපරාධ දෙකටම උපරිම දඬුවම් ලැබේවා. (ස)
සැරයන් සුනිල් ඔබට ඉක්මන් සුව පතමි. (ස)
අන්තිමට අවයවත් නැතිවුණ එක තමයි ඉතුරු වුණේ (නි)