(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන පන්නිපටිය ධර්මපාල විදුහලේ සහ මාතර රාහුල විදුහලේ ආදි සිසුන් අතර දෙවැනි වාර්ෂික විස්සයි20 තරගයෙන් ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ පැවැති තරග දෙකම ජය ලැබීමට සමත් වීම කැපී පෙනුණි. මෙම තරගය පසුගියදා සාජාහි ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී ධර්මපාල විදුහල වෙනුවෙන් දක්‍ෂ දැක්වූ ශාලුක කඳනාරච්චි පන්දු 26 කින් ලකුණු 54 ක් රැස්කළ අතර යොහාන් ධනුෂ්ක ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායමේ යොහාන් ධනුෂ්ක තරගයේ වීරයා ලෙස ද, ශාලුක කඳනාරච්චි දක්‍ෂතම පිතිකරු ලෙස ද, රාහුල විදුහලේ චතුර පලිහක්කාර දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.
රාහුල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 18.4 කදී 109 (චතුර පලිහක්කාර 34, මනෝජ් ඔෂඳ 15, චතුම් දිනාල් 12, යොහාන් ධනුෂ්ක 10/4, මිලින්ද මාධව 13/2) ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 15 කදී කඩුලු 1 ට 110 (ශාලුක කඳනාරච්චි 54, පන්චන රහල් 16, රවීන්ද්‍ර ගුණරත්න 12, සමන් කුමාර 25/1)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පන්නිපටිය ධර්මපාල ආදි ශිෂ්‍යයෝ ඩුබායි ක්‍රිකට් තරගය ජය ලබති
විපරමා Thursday, 18 May 2023 05:03 PM
අපේ රටේ නම් මෙළහකටත් ඇන කොටාගෙන. තරගයක් උනාම ජය පරාජය කියන එක පොදුයි .ඒකවත් නොදැන ගහ මරාගන්න උනුත් ඉන්නවා.