පින්නවල අලි අනාථාගාරයේදී ”නිලගිරි” නම් අලියාට 2011 ජනවාරි 17 වැනිදා හෙණ්ඩුවකින් පහරදී ඝාතනය කළැයි එහි ඇත්ගොව්වන් තිදෙනකුට සහ සත්ව ආරක්ෂක නිලධරයකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කළාය. දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් සිර දඬුවම් නියම කෙරිණි. ඇත්ගොව්වන් වන මාලක මිහිර බණ්ඩාර, සරත් ජයසූරිය, ආර්.එම්. පුංචිබණ්ඩා සහ සත්ව ආරක්ෂක ලසන්ත දිලිප කුමාර ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඇත්තු කියන්නේ අපේ රටට සම්පතක් ..ඇත් ගොව්වන්ගේ මානසික තත්වය ගැන සොයාබලන්න ඕන...
මේ සත්ව නිලධරියා එදා නිවාඩු හිටපු අහිංසක මනුස්සයෙක්. දේශපලන බලයක් නැති නිසා හිරේ යන්න උනා. ඔක තමයි අද අපේ රටේ තත්වෙ
අලියෙක් මරල හතර දෙනෙක් හිරේ ගිහින් - අපේ රටේ මිනිස්සු කී දෙනෙක් නිදහසේ ඉන්නවාද?
දඩුවම් මඳි
මේවා බිව්වහම පාද 4 සතුන් වගේ තමා ඒකනේ තිරිසන් වැඩ කරන්නෙ..
මේ comments බැලුවහම පේනවා අපේ මිනිසුන්ගෙ මිනිසත් භාවය.. මෙයාලටත් දඩුවමක් දෙන්න ඕන තමා.. ඒක හරි.. අලි නිසා මාසෙකට මිනිස් ජීවිත කීයක් නැති වෙනවාද? මේ ගැන කවුද හොයා බැලුවෙ.. මැරැණු කෙනෙක් වෙනුවෙන් කවුද අනේ අපොයි කිව්වෙ.. එතකොට ඒ අලිනුත් උසාවි ගෙනල්ලා උසාවි දාන්න ඔන.. හිතන්න වටින්නෙ මිනිස් ජීවිතද අලියෙකුගෙ ජීවිතයක්ද කියලා..??
අහිංසක සතුනුත් කැමතියි සතුටින් ජීව්ත වෙන්න.. සමාජයේ කෘර මිනිසුන් එයට ඉඩ දෙන්නෙ නැහැ...
අහිංසක සත්තුන්ට හිරිහැර කළ තිරිසන්නුන්ට හොද වැඩේ
අලින්ගේ අවසන් කාලය ළං වෙලා
මේව දැක්කම පේනවා මිනිස්සුන්ගේ හිත් වල හැටි. අහිංසක සතෙක් මරල දාපු කෙනෙකුට දීපු දඬුවම් මදි...
කමක් නෑ,අනික් සිරකරුවන්ටත් ඔය අලි මන්තර ටික කියලා දෙන්න ගොයියෝ
ඔය අලි ටික කම්බි ගහලා කරන්ට් දාලා හොද කැළෑවකට දැම්මා නම් හරිනේ
අලීන්ට කොහොමත් මේ කාලේ අපලයිi....
මොකද ගහලා තියෙන්නේ ? ආත්මාරක්ෂාවටද ? අලියගෙන් මිනිස්සු බේර ගන්නද ? විනෝදයටද ?
පව් මිනිස්සු බෙරන්න ගිහිං වෙච්ච දෙයක්
ඇත් ගොව්ව හිරගෙදරට යවල ඇත්තු බලාගන්නෙ විපක්ෂෙන්ද?
අලියා විහින් ඇත් ගොව්වගේ නහය හපල..ඒකයි හෙන්ඩුවෙන් ඇන්නේ..
පින්නවල අලි අනාථාගාරයකි.එහි වෙසෙන්නේ විවිධ හේතු නිසා අනාථව අසරණ බවට පත්වූ අලින්ය.එවන් සතුන්ට ඇවැසි ආදරය කරුණාව වෙනුවට මෙවැනි තිරිසන් අයුරින් සැලකීම කණගාටුදායකය.
දඩුවමනම් හොඳයි ඒත් අපේ රටේ නිදැල්ලේ හැසිරෙන මිණීමරුවෝ කොච්චර ඉන්නවද....
ඇතෙක් කුලප්පු වුනි හැම නාග වලිප්පු. ඇත්ගොව්වව මනප්පු මාලක බිලා කසිප්පු. හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලප්පු.
අලිය ගහල ඇත් ගොව්වා මැරුවනම් මොකද වෙන්නේ ?
මම හිතන්නේ නැහැ ඇත් ගොව්වා උවමනාවෙන් අලියා මැරුව කියල..
පුව අර තිරිසන් සතා.මේ මිනිස්සු මෙච්චර නපුරු වුණේ ඇයි දන්නේ නෑ.දැන් ඉතිං කරපු පවු ගෙවන්නත් එපායැ නේද?
වසරක් නඩත්තු කරන්න කියලා එක්කෙනෙකුට අලියා ගානෙ දුන්නා නම් ඒක තමයි ලොකුම දඩුවම
අද අලි කේස් දවසක්