වලල්ලාවිට කටුදර නිවසක වහළෙන් සොයාගත් ‘ටැරන්ට් ටියුලා′ දිවි මකුළුවා රෞද්‍ර පෙනණුමක් ඇතැත් අහිංසකයෙකි.
සෙන්ටිමීටර් 18 ක් පමණ දිගැති මේ සතා ඉතාම සුළු විසක් ඇති බව පරිසරවේදීහු කියති. ශ්‍රී ලංකාවේ දිවිමකුළු විශේෂ හතක් සිටිති. මේ දිවිමකුළුවා පිසියොතෙරිආ ඕනාටා යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ. මොවුන් මෙරට පහතරට තෙත් කලාපයේ ජීවත් වෙයි. මේ වහළෙන් හමුවී ඇත්තේ එම විශේෂ ශ්‍රී ලංකාවේ සිටින සියළුම දිවිමකුළුවෝ ලංකාවට ආවේණිකය. පිසියොතෙරිආ ඝනයට අයත් දිවිමකුළුවන් සිටින්නේ ද ශ්‍රී ලංකාවේ පමණි.
මෙරට සිටින දිවිමකුළුවන්ට මාරාන්තික විෂ නොමැති බව ද කුඩා සතකු මරා දැමීමට තරම් විෂක් ඇතත් දිවිමකුළුවකු දෂ්ඨ කළ විට පත්තෑයකු හෝ ගෝනුස්සකු දෂ්ඨකළ අවස්ථාවක දී ඇතිවන අපහසුතා ඇතිවන බවත් පරිසරවේදීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිමි දිවිමකුලුවෙක්, මුන් පොයිසිලොතේරිය කියන පවුලට අයිති, ලංකාවේ ඉන්නේ ඒ පවුලේ දිවිමකුලුවෝ. මේ දිවිමකුලුවෝ මාරාන්තික විස නැති උනත් ලෝකේ විසම ටැරන්ටුලා මකුළුවන් ඉන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ. (ස)
මගේ අම්මෝ , මටනම්මකුළුවා කියපු ගමන් ඇග වෙවුලනවා . වටිනා හෝ , දුර්ලබ හෝ මොකවත් බලන්නේ නැහැ කොස්ස ගත්ත දුන්න චප්පවෙන්න . (අ)
නිමල්ගේ දැනුම පිළිබඳව ආඩම්බරයි. ලස්සනට හඳුන්වල දුන්න. ලංකාවේ වන සංයුතිය ඇති විශිෂ්ටයි. අපි එය ආඩම්බරයෙන් රැක බලාගත යුතුයි. අනාගත පරපුරට ආරක්ෂා කල යුතුයි. අපුර්වත්වයෙන් අපේ රටට ඉහල තැනක් ලැබෙනවා. නමුත් වන විනාශයත්, මිනිසුන්ග්ගේ නොසැළකිලිමත්කමත් නිසා අපිට වන පාඩුව අපි හදුනා නොගැනීම හිතට දුකක්.ඔබට ජය (අ)
නිමල් ඔයාට තුති. පුලුවන්නම් දුර්ලභ වනසතුන් පිලිබදව ලිපි පෙළක් ලියන්න. (අ)
අනේ නිමල් මකුළුවෝ ගැන පොතක් ලියන්නකෝ.(අ)
මම ඉන්න රටේ රෙඩ් බැක් කියලා මකුළු වර්ගයක් ඉන්නවා. කෑවොත් ඉවරම තමා. එහෙමත් කෙනෙක් තමයි පණ බේරා ගන්නේ. ඒ අතින් ලංකාවේ මකුළුවන්ගෙන් මහා කරදරයක් නැහැ කියලා හිතෙනවා. (නි)