වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තුනක් රිමාන්ඩ් බාරයේ ද සිට අද නිදහස ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නඩු වාර්තාව මුල සිට පිරික්සා ඔහුගෙන් කරුණු විමසා ඔහුට අවවාද කර මුදා හළේය.
මෙම චෝදනාවට ඔහු වරදකරු බව ද කළින් කියා තිබිණි.
අකුරැස්සේ ඉන්දික මධුරංග (38) එම පුද්ගලයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අවුරුදු 10ක් නඩුව ඇහුවද? (නි)
මහසයුරෙන් වට කෙරිච්ච......... අඹ ගෙඩියක හැඩය ගත්ත......... අරුම පුදුම රටක් තියෙනවා ඕයි....(අ).
බරපතල වරදක් නේ.තීන්දුව දීගන්න බැරුව අවුරුදු දහයක්ම ඉඳල.සැහෙන්න සංකීර්ණ ඇති. (දී)
ලලිත්, එයාව පුනරුත්ථාපනය කරන්න බැහැ දැන්. පිටිගල මිලානෝ සඳහන් කරන පාඨමාලාව එයා දැන් හදාරලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රායෝගික අභ්‍යාස පටන් ගන්නයි. (නි)
රුපියල් 50 ක් කළත් කෝටි 5 ක් කළත් හොරකම හොරකමම තමයි.අත පය තියෙද්දී කම්මැලිකමට, ලේසියට අනුන්ගේ සල්ලි හොරකම් කරලා ජීවත් වෙන තක්කඩියන්ට ඔහොම දේවල් තමයි වෙන්න ඕනෑ.ඔය කියන මිනිහා උස්සපු රුපියල් 50 බස් එකේ යන්න තියාගෙන හිටිය සල්ලි නම් ඒ කාන්තාව කොයිතරම් පීඩනයකට එය පත් වෙන්න ඇද්ද? (නි)
මට හිතා ගන්න බැරි අවුරුදු 10 ට පෙර කරපු දෙයකට දැන් දඩුවම් ලැබුනේ කොහොමද ? රුපියල් 50හෙ නඩුව අවුරුදු 10ක්ම ඇහුවද ..? (නි)
පිටිගල - මිලානෝ මහත්මයාගේ කතාව හරියට හරි. (නි)
හතරට නවා ගත් ප්ලාස්ටික් බැගයක් අත ඇතිව, කෙනෙක් බසයක ගැව සේ නම්, ඔහුගෙන් පරිස්සම් වන්න. ඒ බැගයෙන් තමයි ඔහු ගේ කාර්යය කවර් කරගන්නේ.හුග වෙලාවකට කොන්දොස්තොර, පොකට් කාරය්ව දන්නවා.මෙතැනදී ඔහු අසරණ වෙනවා. (නි)
මෙයා වෘත්තීය පිට්පොකට් කාරයෙක් වෙන්න බැහැ. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
වසර 10ක් තිස්සේ නඩු අහනවා???? (නි)
පේනවනේ ආශ්චර්යය... මිනි 3,4 මරලත් නිදහසේ ඉන්නවා. රු50 ට මාස තුනක් ඇතුලේ (නි)
අකුරැස්සට ආපහු යන්න රුපියල් දෙතුන් සීයක් යනවා. ම්ම්ම්... ආපහු ඇතුලට දායිද? (නි)
තෝරු මෝරු කෝටි ගණන් පිල්ලි යවන රටේ රුපියල් පනහට මිනිහෙක් හිරේ මෙහෙම රටක් ලෝකේ වෙන තියෙනවානම් කරුණාකරලා මට කියනවද ?(නදී)
ඔය මිනිහ හිරෙන් එලියට ආවට ආපහු පොකට් ගහනවා. මොකද රස්සාවක් නැහැ. වියදමට මුදල් නැහැ. හිරේම තියා ගන්න තිබුනේ.(නදී)
තුන් මාසයකට රිමාන්ඩ් කළා නම් හොදටම ඇති. (නි)
අයියෝ සල්ලි
පවු අහිංසකයා... 50ක් ඉල්ලුවා නම් මම දෙනවා (නි)
දේශපාලකයෙක්ට හේත්තු වෙලා මිනි මැරුවා නම් මෙහෙම වෙයිද? (නි)
එයාව පුනරුත්ථාපනය කරන්න (නි)
පනහක් වියදම් කරලා කෑම බීම ඉඳුම් හිටුම් සමග මාස තුනක පාඨමාලාවක් ගෙවල් බිඳීම, බැංකු කැඩීම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම ගැන විශේෂඥයින්ගෙන්ම. (නි)