IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පාපැදි ‘වීරයාගේ’ ද්‍රෝහීකමක තරම

ඇමෙරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝං ලෝ පුරා ජනපි‍්‍රය වූයේත් කාගේත් ගෞරවයට පාත‍්‍ර  වූයේත් පාපැදි ශූරයකු නිසාම නොව, කායික මෙන්ම මානසික ශක්තියෙන් පිරි ධෛර්යයවත් කී‍්‍රඩකයකු ලෙසය. ප‍්‍රංශ පාපැදි සවාරි හතක් ජයගත් ආම්ස්ට්‍රෝං, අද කාගේත් අවමානයට ලක්ව සිටින්නේ උත්තේජක භාවිත කළේ යැයි එල්ල වූ චෝදනාවලට වරදකරුවීම නිසාය. ඒ අනුව ප‍්‍රංශ පාපැදි ශූරතා හතම ඔහුට අහිමි වන බව අන්තර් ජාතික පාපැදි සංගමය ඉකුත්දා නිවේදනය කළේය. තහනම් උත්තේජක භාවිත කළේ යැයි ලාන්ස් ආම්ස්ට්‍රෝංට සිය කී‍්‍රඩා දිවිය පුරාම චෝදනා එල්ල විය. ඒ සෑම අවස්ථාවකදී ම ආම්ස්ට්‍රෝං ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ තහනම් උත්තේජක භාවිත කිරීම සම්බන්ධයෙන් කළ සියලූම ආකාරයේ පරීක්ෂණවලට තමා මුහුණ දුන් බවත් ඒ සෑම පරීක්ෂණයකින්ම තම නිර්දෝෂීභාවය තහවුරු වූ බවත්ය. එහෙත් කී‍්‍රඩා බලධාරීන්ගේ මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේත් ඇස්වලට වැලි ගසමින් ආම්ස්ට්‍රෝං, තහනම් උත්තේජක භාවිතා කරමින්, තරග ජය ගැනීම පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් මේ වන විටත් එළිදක්වා ඇත. එම වාර්තාව නිකුත් කෙරුණේ ඉකුත් ඔක්තෝබර් 10 වැනිදාය. ආම්ස්ට්‍රෝං සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගේ සටහන්, මූල්‍ය වාර්තා, වෛද්‍ය පර්යේෂණ වාර්තා ආදී සියල්ල ඊට ඇතුළත් වෙයි. තරග බලධාරීන් මුලා කරමින් ඉතා සියුම් ක‍්‍රමෝපායන් හරහා ආම්ස්ට්‍රෝං තහනම් උත්තේජක භාවිත කළ බව එයින් අනාවරණය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය අවධාරණය කරයි. අවසන් වරට ආම්ස්ට්‍රෝං සහභාගී වූ ප‍්‍රංශ පාපැදි සවාරිවලදී ද ඔහු තහනම් උත්තේජක භාවිත කළේ යැයි ද එම වාර්තා වේ සඳහන් වෙයි. වාර්තාව එළි දක්වා ඇත්තේ නව විද්‍යාත්මක සාක්ෂි රැසක් ද සමඟිනි. මෙතරම් කාලයක් කී‍්‍රඩා බලධාරීන් මුළා කිරීමට ආම්ස්ට්‍රෝංට හැකිවූයේ ඔහු තහනම් උත්තේජක ගත් බව නිසි පරිදි පරීක්ෂාවට ලක් නොකෙරුණු නිසා යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය පැහැදිලි කරයි. පරීක්ෂණ සිදු කරද්දී ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා ආයතනයේ කායික වෛද්‍ය අංශ ප‍්‍රධානී කි‍්‍රස්ටෝපර් ජේ. ගෝර්ගේ සහාය ද ලබා ගෙන ඇත. 2009 පෙබරවාරියේ සිට පසුගිය අපේ‍්‍රල් මාසය තෙක් කාලයේ ආම්ස්ට්‍රෝංගෙන් ගත් රුධිර සාම්පල 38 ක් ගෝර් විසින් පරීක්ෂා කරනු ලැබ ඇත. එම රුධිර සාම්පල එක් රැස් කර ගෙන ඇත්තේ 2009 වසරේ සිට 2010 කාලයේ පැවැති ප‍්‍රංශ පාපැදි ශූරතා තරගාවලියේදීය. මුලදී සැකයක් ඇති නොවුව ද නැවත සිදු කළ එම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ආම්ස්ට්‍රෝංගේ රුධිරයේ තහනම් උත්තේජක තිබුණු බවටය. ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය එම රුධිර පරීක්ෂණ සිදු කළේ මුලදී කළ ආකාරයේ සාම්ප‍්‍රදායික රුධිර සාම්පල පරීක්ෂා කරන ක‍්‍රමයට නොවේ. ආම්ස්ට්‍රෝං සහ ඔහුගේ කී‍්‍රඩා වෛද්‍ය මිචෙල් ෆෙරාරි අතර ඇති වූ කෙටි පණිවුඩ හුවමාරු ගැන ද ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය විමර්ශනයක් කළේය. පුහුණු කිරීම් සහ තරග පවත්වන කාලසටහන් ඇතුළත් සංචාරක සැලැසුම් මාස ගණනකට කලින් ලබා ගෙන ආම්ස්ට්‍රෝං, සිය වෛද්‍යවරයාට ලබා දුන් බව ද හෙළි විය. අවසාන මොහොතේ සිදුවන වෙනස්කම්වලින් ඔවුන්ගේ සැලසුම්වලට හානියක් නොවන ආකාරයට ඔවුන් කි‍්‍රයා කර ඇති බව ද පැවැසෙයි. ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය සොයාගෙන ඇති අන්දමට විදෙස් සංචාරවලදී ආම්ස්ට්‍රෝං බොහෝ විට ලැගුම් ගෙන ඇත්තේ අනෙක් කී‍්‍රඩකයන් සමග එකම හෝටලයේ නොව, හුදෙකලා වූ හෝටලවලය. එය කී‍්‍රඩා බලධාරීන්ගේ හදිසි පරීක්ෂණවලට මුහුණ දීමෙන් වැළැකීමට කළ කි‍්‍රයාවක් ලෙස සැලකේ. ආම්ස්ට්‍රෝං එක් අවස්ථාවක තරගයකට සහභාගි වීම පවා මඟ හැර ගොස් තිබේ. එසේ කළේ ඔහුගේ කණ්ඩායම් සගයකු වන ජෝර්ජ් හින් කැපේගෙන් ලැබුණු කෙටි පණිවුඩයක් හේතුවෙනි. ඒ, ජෝර්ජ් හින් කැපේ සහ සෙසු පාපැදි තරගකරුවන් ලැඟුම් ගත් හෝටලයට පරීක්ෂකවරුන් පිරිසක් හදිසියේ පැමිණි අවස්ථාවකදීය. රුධිර සාම්පල ලබා දී මග හැර ගිය ආම්ස්ට්‍රෝං, එම තරගයට ද සහභාගි වූයේ නැත. ජෝර්ජ් හින් කැපේ මෙම තොරතුරු හෙළිකර ඇත්තේ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙනි. මීට අමතරව ආම්ස්ට්‍රෝං ඔලිව් තෙල් සමඟ ටෙස්ටෙස්ටෙරෝන් නමැති හෝමෝනය පානය කළ බව ද කැපේගේ දිවුරුම් පෙත්සමේ සඳහන් වේ. ආම්ස්ට්‍රෝංගේ සෙසු සගයන් පවසන්නේ ආම්ස්ට්‍රෝං නිරන්තරයෙන්ම රුධිර සාම්පල පරීක්ෂා කිරීමට පැමිණෙන කී‍්‍රඩා බලධාරීන් ගැන විමසිල්ලෙන් පසු වූ බවත් කණ්ඩායමේ බලධාරීන්ගෙන් ඔවුන් ගැන කල් තියා විස්තර දැනගත් බවත්ය. 1998 ලෝක ශූරතා තරගයේදී ආම්ස්ට්‍රෝංගේ වෛද්‍යවරුන් අතරින් කෙනකු සෙසු කී‍්‍රඩකයන්ට හොරෙන් වැහි කබායේ සැඟවූ සේලයින් බෑගයක් මගින් පරීක්ෂණ සාම්පල ගැනීමට පෙර සේලයින් නික්ෂේපණය කළ බවද හෙළි වී තිබේ. එයින් ආම්ස්ට්‍රෝංගේ රුධිර අගයන් වෙනස් වූ අතර, පරීක්ෂකවරුන්ට ඒ බව සොයා ගැනිමට ද නොහැකි විය. වෛද්‍ය ෆෙරාරි සහ ජෝන් බෲනීල් හැමවිටම ප‍්‍රවේසම් වූයේ පරීක්ෂකයන්ට හසු නොවන අයුරින් ආම්ස්ට්‍රෝංට උත්තේජන ලබා දීමටය. 1999 ප‍්‍රංශ පා පැදි තරගයේ ආම්ස්ට්‍රෝං, රුධිරවල හෝමෝන වැඩි කරන ඊ.පී. ඕ. නමැති ඖෂධය භාවිතා කළේය. ඒ වන විට රුධිරයේ ඊ.පී. ඕ. නමැති ඖෂධය භාවිතා කළේදැයි සෙවීමට පරීක්ෂණයක් නොතිබුණි% ඊ.පී. ඕ. ඖෂධය මිනිස් හෝමනයකින් ක්ලෝනීයකරණය කළ එකක් වන අතර එය කෘති‍්‍රමව නිපදවන්නේ නැත. ඊ.පී. ඕ. සඳහා පරීක්ෂණ ඇරඹුණු පසු ආම්ස්ට්‍රෝං එම පරීක්ෂණයට සහභාගී වීමෙන් වැළැකී පසුව රුධිරය පාරාවිලනය කර එම පරීක්ෂණයට මුහුණ දුන්නේය. කී‍්‍රඩකයන් රුධිර පාරාවිලනයන් කළේ ද නැද්ද සෙවීමට ද පරීක්ෂණ ඇරැුඹුණේ ඉන්පසුවය. එවිට උත්තේජක ඖෂධ සමට නික්ෂේපණය නොකර පරීක්ෂණවලට හසු නොවන මට්ටමේ සුළු මාත‍්‍රාවක් රුධිරයට එක් කිරීමට වෛද්‍ය ෆරාරි, ආම්ස්ට්‍රෝංට උපදෙස් දී ඇත. ආම්ස්ට්‍රෝංට උත්තේජක ලබාදී ඇත්තේ හෝසේ මාටී පුහුණුකරුය. ෆෙරාරිගේ උපදෙස් මත එම ඖෂධ දුන්නේ යැයි කී‍්‍රඩකයන් කිහිප දෙනකු පවසා ඇත. ෆෙරාරි කිසිම අවස්ථාවක සෘජුව ආම්ස්ට්‍රෝංට ඖෂධ දීමක් හෝ උපදෙස් දීමක් කර නැත. සියලූ කාර්යයන් කරන ලද්දේ හෝසේ මාටී විසිනි. තමා මත්ද්‍රව්‍ය භාවිත කළ බව කිසිම අවස්ථාවක පරීක්ෂණවලින් තහවුරු නොවූ බව ආම්ස්ට්‍රෝං ප‍්‍රකාශ කළත් 1999 ප‍්‍රංශ පාපැදි තරගයේදී කෝටිකෝස්ටොරයිඞ් සිරුරේ තිබූ බව ඔප්පු විය. එම අවස්ථාවේ ආම්ස්ට්‍රෝං වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමා තුවාලයකට ආලේපනය කළ කී‍්‍රම් එකක තිබී කෝටිකෝස්ටොරයිඞ් ශරීර ගත වූ බවය. තහනම් උත්තේජක ගත් බවට චෝදනාවට ලක් වූ ඔලිම්පික් කී‍්‍රඩක ටයිලර් හැමිල්ටන් ද ආම්ස්ට්‍රෝංගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහුගේ දිවුරුම් පෙත්සමේ සඳහන් වන්නේ ආම්ස්ට්‍රෝං සහ කණ්ඩායම හැම විටම පරීක්ෂකයන්ගෙන් බේරුණේ දිවුරුම් පෙත්සම්වලින් සහ ව්‍යාජ දින දමා ඖෂධ නිකුත් කළ තුණ්ඩු පරීක්ෂකයන්ට ඉදිරිපත් කිරීමෙන් කියාය. 1999 වසරේ ප‍්‍රංශ පාපැදි සවාරියේ දී ආම්ස්ට්‍රෝංගෙන් ප‍්‍රංශ බලධාරීන් විසින් ලබා ගත් රුධිර සාම්පල එක් රැස් කර ගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය කටයුතු කළේය. එහෙත් එවකට, එනම් 1999 වසරේ දී පැවැති රුධිර සාම්පල පරීක්ෂණ කි‍්‍රයාවලියේ තිබූ අඩුපාඩුකම් නිසා මේ පිළිබඳව ආම්ස්ට්‍රෝංට චෝදනා ඉදිරිපත් කිරීමට නොහැකි බව ප‍්‍රංශ බලධාරීහු පවසති. එම සාම්පල 6 ක් පසුව නව පරීක්ෂණවලට යොදා ගත් අතර එහිදී තහවුරු වූයේ ආම්ස්ට්‍රෝං තහනම් ඖෂධ ලබා ගෙන තිබූ බවය. පසුගිය වසර 14 තුළ, 500-600 වරක් පමණ තමාගෙන් රුධිරය ලබා ගත්තේ යැයි නීතිඥයන් මාර්ගයෙන් ආම්ස්ට්‍රෝං පවසන නමුත් ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය පවසන්නේ තමන් ලබා ගත්තේ රුධිර සාම්පල 60 ක් පමණ කියාය. ජාත්‍යන්තර පාපැදි තරගකරුවන්ගේ සංගමය ආම්ස්ට්‍රෝං 200 වරක් රුධිර පරීක්ෂාවට ලක් කර ඇත. ඔවුන් පවසන්නේ ඔවුන් එම පරීක්ෂණ කළේ ආම්ස්ට්‍රෝංගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීමට කියාය. එම නිසා ආම්ස්ට්‍රෝං ඉදිරිපත් කරන දිවුරුම් ප‍්‍රකාශනවල ඇති තොරතුරු අසත්‍ය යැයි ද හෙළි වී ඇත. ලාන්ස් ආම්ස්ට්‍රෝං



අදහස් (0)

පාපැදි ‘වීරයාගේ’ ද්‍රෝහීකමක තරම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 105 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 490 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 252 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 692 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1547 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site