IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පෙම් පලහිලව්වට ගුරුවරියගෙන් ගුරුවරියට පිහි පහර

(පාලිත ආරියවංශ)

පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය.

මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී ඊයේ (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය.

එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දුන් බවද පොලිසිය පැවසීය.

පෙම් පලහිලව්වක් මෙම අපරාධයට හේතුවී ඇති බවද අනාවරණය වී තිබේ.

බදුල්ල කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අපාරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .

 

 



අදහස් (10)

පෙම් පලහිලව්වට ගුරුවරියගෙන් ගුරුවරියට පිහි පහර

abarn Wednesday, 20 March 2024 01:00 AM

කුණුවී ඕජස් ගලන සමාජයක ගුරුවරියන් පමණක් කුණු නොවී සිටීමට හේතුවක් නැත. මෙම පුවත හරි හැටි විශ්ලේෂණය කළොත් අපි හැමදෙනාම අඬන්න ඕනෑ පුවතක්. නමුත් අපේ පිරිහුණු සමාජ සෞඛ්‍ය තත්වය ගොඩගැනීම පිළිබඳව කිසිවෙක් කතාකරන්නේ නැහැ. ඔහොම යං...

:       0       5

මරිසිපාල Wednesday, 20 March 2024 06:18 AM

ගෙදරටම ඇවිල්ලා පිහියෙන් ඇනල තුවාල කලා ඉතින් ඒත් පොලිසිය අල්ලාගෙන තියෙන්නෙ සැකපිට කියලා කියනවා මේ රටේ සත්‍යම ක්‍රියාවක් වුනත් සැකපිට අත් අඩංගුවට ගැනීම තවතවත් වැරදි කිරීමට හේතුවක් වෙනවා

:       0       2

රංබොඩ Wednesday, 20 March 2024 09:33 AM

පෙම් නොවෙයි අනියම් පෙම් පලහිලව්වක් විය යුතුයි. ලංකාවෙ ඒ වැඩේ ජයටම යන වගක් පේනවා. විනයක් නැති සමාජයක සීලයක් ගැන කතා කරලා වැඩක් නෑනෙ

:       0       4

Jayasekara Wednesday, 20 March 2024 09:38 AM

ඉගෙන ගන්න දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. විනය මාර්ග අරගෙන වැරැද්දක් ලෙස ඔප්පු උනොත් ... වැඩ තහනම් කරලා දාන්න ඕනෑ.

:       0       2

Bunny Preena Wednesday, 20 March 2024 09:40 AM

කවුද දන්නේ නෑ. 'අනංගයා' නාබර කොලු ගැටයෙක්ද ?

:       0       0

RATHNAYAKE MUDIYANSELAGE PRASANNA CHANDANA BANDARA Wednesday, 20 March 2024 10:19 AM

කව්ද ඔබේ ප්‍රේමවන්තයා...? කොන්ඩෙ බඳිනවාද? කපනවාද කියාපන් එයා...

:       0       1

මැක්ස් Wednesday, 20 March 2024 10:36 AM

දිසාපාමොක් පරපුරටම නින්දාවක් වූ මේ 40 පැනපු කතුන් දෙදෙනාට ලබාදෙන දඬුවම් පිළිබඳ තිළිණි ශල්වින් නෝනාටවත් බැරිද අදහසක් ඉදිරිපත් කරන්න. ජෝසෆ් ස්ටාලින්ගේ සහ මහින්ද ජයසිංහගේ උදව් ගත්තත් කමක් නැහැ..

:       1       3

pakeer Wednesday, 20 March 2024 12:47 PM

නියමයි, සුපිරියි... ළමයින්ට අබ සරණයි.

:       0       1

තෙල්වත්තගේ Wednesday, 20 March 2024 12:57 PM

ගුරු චර්‍යාධර්ම අනුව මොවුන් වරදක් කරලා කියලා කියන්න පුළුවන්... ඒත් වත්මන් ගුරු සංගම් නිසා ගුරුසේවයේ ගරුත්වය සම්පූර්ණයෙන්ම නැතුව ගිහිල්ලා කියලා පේනවා. එනිසා ඉදිරියේ තවතවත් දේවල් අහන්න ලැබේවි කියලා හිතෙනවා. ඇත්තටම මෙහෙම වෙන්නේ ඉගැන්වීමට හැකියාව නැතත් රැකියාවක් කරන්න තියෙන අවශ්‍යතාව හා ටියුෂන් පාරක් දාගෙන මාස තුනක් නිවසේ සිට වැටුප් ගැනීමේ වරප්‍රසාදය මත බොහෝමයක් ගුරු සේවයේ යෙදෙනවා. ඊළඟට උපාධි සහතිකය පදනමෙන් වරකට තිස් හතලිස් දහසකට ගුරු පත්වීම් ප්‍රදේශයේ දේශපාලුවන්ගේ ගෙදරට ගෙන්වා බෙදා දෙනවා. කිසිම විටක ඒ අයට ඉගැන්වීමට හැකියාව තිබේද කියලා නම් කිසිම හැඟීමක් නැහැ. ඉතින් එහෙම ගුරුවරු, ගුරුවරියෝ ආවාම ඔහොම නොවුණොත් තමයි පුදුමේ. ඇත්තටම දරුවන් ගැන පමණක් නොවෙයි රට ගැන හිතන ගුරු භවතුන් පිරිසක් ඔය අතර ඉන්නවා. ඔවුන්ට උපහාරයක් වේවා...!

:       0       2

Erozan EK Wednesday, 20 March 2024 08:47 PM

මාලිමාවට විතරයි මේ විපරිත රට හරි මාර්ගෙට ගන්න පුළුවන්. ජය වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 17 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1353 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site