(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
අවුරුදු දහ නවයක් වයසැති තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියමින් චෝදනා කර පනස් පස් හැවිරිදි පුද්ගලයකු අල්ලා ගස් බැඳ පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයින් හයදෙනෙකු යාපනය, චුන්නාකම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ ඝාතනය කර ඇත්තේ එම් ජෙයදාස් නැමැති චුන්නාකම් , ආරුමුගම් වීදියේ පදිංචි අයෙකි.
මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියන තරුණියට ද මෙම සැකකරුවන් විසින් පහර දීම නිසා තුවාල ලබා තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම 19 හැවිරිදි තරුණියගේ ඥාතීන් යයි පොලීසිය කියයි.මෙම සැකකරුවන් අවුරුදු 23, 24 ,32 ,48, 48 සහ49 යන වයස්වල පසුවන අය වෙති.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෙම් පළහිලව්වකට පහරදී ඝාතනය කරලා