පෙම් හබයක් දුරදිග ගොස් කැකිරාව තිබ්බටුවේ 17 හැවිරිදි දැරියක කපාකොටා මරා ඇගේ මව ද පෙම්වතාගේ මව ද බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. පෙම්වතිය සිය මව සමග පෙම්වතාගේ ගෙදරට ගොස් ඇතැයි එහි දී වූ බහින් බස් වීමකින් පසු ඝාතනය සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි. පෙම්වතිය මරා දමා සෙසු කාන්තාවන දෙදෙනා කපා කෙටූ බව කියන පෙම්වතා ද වස වර්ගයක් ශරීරගතවී රෝහල් ගත කැර ඇත.ඔහු වස බිව්වේ දැයි සැකකයක් පවතින බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් මරන්නයි තියෙන්නේ. (නි)
ප්‍රේමතෝ ජායතී සෝකෝ...(ස)
රජිත්ගේ අදහසනම් හොඳයි, කරන්න පුළුවන්නම්...(ස)
ආදරය කරන්න...... හදවතට දැනෙන්නත් බුද්ධියට වැටහෙන්නත්......(ස)
උන්මාද වූ ප්‍රේමාදරේ (ස)
දැන් ඒ මල්ලිටත් කිසිම දෙයක් මතක නැතුව ඇති. (නි)
තව වස ටිකක් කටට හැලුවා නම් හරි. (නි)
මේකව උල තියන්න එපැයි. (නි)
මෙතැන පෙම්වතෙක් හා පෙම්වතියෙක් ඉන්නවා කිවුවාට පෙමක් නම් තිබිලා නැහැ වගෙයි. (නි)
මොළයයි හදවතයි දෙකම සම්බන්ධ නොවුණොත් වෙන්නේ ඔය වගේ අපරාධ තමයි ඉතිං. (නි)
මනුස්ස ආත්මයක් ලැබූ නොමිනිසෙක්. (නි)
කෙල්ලට කරදරයක් වෙලා ඇති....(ස)
මේවගේ අයටනම් කිසිම සමාවක් දිය යුතු නැත..!!(නු)
දෙමාපියන් සහ වැඩිහිටියන් මේවාට කොටස්කරුවන් වෙනවා. (නි)
මේවට තමයි පිස්සු කියන්නේ. (නි)
පුදුම පෙම්වතෙක් (දී)
ඡායාරූපයක් දාන්න. නැත්නම් තවත් කෙල්ලන් රැවටෙන්න පුලුවන්. (නි)
මෙයා නම් පෙම්වතෙක් නෙමෙයි. (නි)
"මම මැරුණත් උඹට නම් දෙන්නේ නැහැ මගේ දුව" ඉතිං කවුද මැරුණේ අන්තිමට? අම්මද? දුවද? (නි)
හරක් පැටියෙක් වගේනේ වැඩ කරලා තියෙන්නේ. (නි)
පෙම්වතාගේ නම මොකක්ද? (නි)
මෙයාවනම් එලොව යවන්නයි තියෙන්නේ..(ස)
එයාගේ ගමනත් නිරයෙන්ම ඉවර වෙයි. (නි)
ආදරේ කැරන්න දන්නේ නෑ ,කම්පා වෙනවා මේවා ගැන අහනකොට...(ස)
ලවු මළඉලවු කියන්නේ මෙන්න මේවට තමයි. (නි)
ප්‍රේමයේ අස් වැන්න නෙලා ගෙපැලට ගන්න .... (ස)
පෙම්වතා ඉක්මණින් සනීපකර සැපැතැම්බර් 16 වැනිදාට හලාවතට යවන්න.එහේ ඕන තරම් මෙයාට හරියන වැඩ තියෙනවා... (දී)
ආදරය හා හදවත.. (ස)
මේක ආදර්ශය අරන් ළමා කාලයේදි පෙම්වතියක් නොවන්න වගබලා ගන්න දු වරුනේ..(ස)
අයියෝ මොන අපරාදයක්ද මේ ..?පව්කාරයෝ .. (දී)