සබරගමු සිසුන් අද උදේ අටහමාරේ සිට එකහමාර දක්වා පඹහින්න හන්දියේ මහපාරේ වාඩිවී කළ උද්ඝෝෂණය අවසන්වූයේ කඳුළු ගෑස් සහ ගල්මුල් ප්‍රහාර මැද්දේය. පාර අවහිර නොකරන ලෙස පොලීසිය කළ ඉල්ලීම නොතකා පාරේ වාඩිවී සිටි සිසුන් ඉවත්කිරීමට පොලීසිය කඳුළු ගෑස් ගැසීය. උපවාසයට සහභාගී වූ සිසුන් හතර දෙනාම දැන් රෝහලේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල සිසුන්ට මේ විදියට සැලකීම හරිම වැරදියි. (නි)
අහිංසක දෙමාපියන්ගේ බලපොරොත්තු නැති කරන්නයි මෙයාලො හදන්නේ (නි)
මේ ගුටිකන්නේ අපේ දරුවන්. අපේ දරුවන්ට එසේ විමට සම අයිතිය නැති කළේ මේ දේශපාලන ක්‍රමයයි. ඇයි අපි තවත් මේ සමාජයට යන්න දෙන්නේ එයාලට? (නි)
අයියෝ අපේ දරුවෝ! (නි)
සබරගමු සටන............. නැති විමට කිසිවක් නැති පරපුරක දිනාගන්නට , නිදහස් නිවහල් ලොවක්............ නුදුටු පරපුරක උරුමය වෙනුවෙන් 6%ක් නොව චිරාත් කාලයක් වැජබෙන්නට නිදහස් අධ්‍යාපනය............. (නි)
මේකේ අදහස් පලපරපු සමහර අයට හිතෙන්නේ මේ ළමයි ආසාවට මේවා කරනවා වගේ. පාලකයන්ගේ ආසාවත් අන්න ඔබ වගේ මන්ද බුද්ධික ජනතාවක් තමයි. මතක තියාගන්න මේ දරුවෝ මෙහෙම කෑගහන්නේ අනාගත පරම්පරාවත් නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් ඉතුරු කරලා දෙන්නයි. නැතුව මේ දේශපාලනය කරනවා නෙමෙයි. යකඩ සපත්තුවට යට කරලා දාන්නා ඉඩ නොදෙන්න (නි)
මෙයාලා විකාර කරලා ඒවට දඬුවම් දුන්නම මේ නිකන් ඉන්න අහිංසක ජනතාවට තම කරදරේ. සරසවි සිසුන් කියන්නේ මහා කරදරකාර ජාතියක්... (නි)
ඇත්ත නේන්නම් (දී)
මොනවා ලියන්නද මේවට? කියන්න තියෙන්නේ පිස්සු කියලයි. ජිවිතයේ වටිනා කාලය අපතේ යවනවා.උගත්තු ඔහොමද වැඩ කරන්නේ? (නි)
කතා කරලා වැඩක් නැහැ
නිදහස් අධ්‍යාපනය රැකගන්න. ඔබට ජය! (නි)
'මේක අපේ රට. අපිට ඕනෑ විදිහට ඉන්න ඕනෑ. අපි මැරුනත් මේ සටන ගෙනියනවා.' විජේවීරත් කිවූවේ ඔහොම තමයි. මෙහෙම කියන්න පුළුවන් අද පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පින් සිද්ද වෙන්න. පහුගිය කාලේ කොටි ගහනකොට නකුට පස්ස පැත්තේ ගහගෙන හිටියේ. දැන් පාරවල් හරස් කරගෙන පොලිසියට හමුදාවට ගල් ගහපල්ලා. බොහොම ලගදි මහජනයා ගහන්න පටන් ගන්නවා පොලිසියට වැඩිය හොදට. හේතුව නිදහස් අධ්‍යාපනේට ගෙවන්නේ අපේ බදු සල්ලි. (නි)
හොයලා බලන්න විශ්ව විද්‍යාල වලට මුලින්ම දේශපාලනය ගෙනාවේ කවුද කියලා
බලු පැටවූ වෙන්නේ නැතුව මනුස්ස පැටවූ වෙයවු ළමයිනේ... (නි)
සිසුන් කල වැඩේ හරි නැහැ. සිසුන් වෙතම වරද පටවන අය ගැනත් සොයා බැලිය යුතුයි. පේනවනේ අද බිල් චක්කර වලින් ,වතුර බිලෙන් සහ විදුලි බිලෙන් මහා ජනතාව ගසා කන හැටි. (නි)
පිට ඉදන් බලන අයට තේරෙන්නේ නැහැ මේවා. ළමයි කෑගහන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අසාධාරනයට එරෙහිව. පාලකයෝ කරන දේවල් බලන් හිටියොතේ වෙන්නේ අනාගත බුද්ධිමත් පිරිසක් නැතිවෙන එක. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ යම් දෙයක් කරන්නේ හොදට හිතලා බලලා. ඔවුන් තමා රටේ ඉන්න බුද්ධිමත්ම පිරිස. (නි)
මේ අසාදාරණේ ඉවසලා ඉවසලා බැරීම තැන තමයි ළමයි පාරට බැස්සේ.අපි කෑගහන්නේ නිදහස් අධ්‍යාපනයට වෙන කෙනෙහිලිකම් වලට.පොලිසියේ මහත්තරුන්ටත් තමන්ගේ ළමයට කැම්පස් යන්න සුදුසුකම් තිබිලා යන්න බැරි වුනාම අපි කියන එක තේරෙයි. පාලකයන්ගේ බළල් අත්වලට බැහැ අපිව නවත්තන්න. කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා...ලේ හැලුනත් පාර දිගේ අපේ ගමන අපි යනවා...... (නි)
කවුද මේකට වග කියන්නේ (දී)
කිසිම කාරණයක් දන්නේ නැතිව හොයල බලන්නේ නැතිව මෝඩයෝ වගේ ප්‍රතිචාර දාන්න එපා.(නදී)
මේ ළමයින්ට මේ තරම් අවලාද කියන්නේ විශ්ව විද්‍යාලයකට යන්න ට්‍රයි කරලා බැරි වූ අය බවනම් පැහැදිළියි (නි)
පාර්ලිමේන්තුවෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාල පනත අනුමත කරගෙන ක්‍රියාත්මක කරන්න. (නි)
ළමයින්ගේ ප්‍රශ්න විසඳන්න මහා ජනතාවට පුළුවන්ද මහජනතාවට පාරේ යන්න නිදහස නැති කරන්නේ ළමයි. මේ අය ළමයි නොවේ මානසික ලෙඩ්ඩු.(ස)
බංකොලොත් දේශපාලකයිනි, දෙවියන්ගේ නාමයෙන් ශිෂ්‍යයින්ගේ මොළ සුද්ද කිරීම නවත්වා ඔවුන්ට ඉගෙනීමට ඉඩ හරින්න. ඔබ ඔවුන් බළල් අත් ලෙස පාවිච්චි කිරීම නිසා ඔවුන්ට පමණක් නොව අවංකව ඉගෙනීමට උනන්දුවන විශාල ශිෂ්‍ය පිරිසකට විශාල හානියක් වන බව නොසිතන්නේ ඇයි? (ස)
හැමදාම කැම්පස් උණේ ගහලා ඉන්න අයව කඩේ යවන එක ආවේ අහවල් අයගේ පෙරමුණේ ඉතිහාසයෙන්නේ. (නි)
ඉගෙනීමක් නැති මැට්ටෝ ලොකු තැන්වලට ගිහින් පාලකයෝ උනාම අධ්‍යාපනයට යන කලදසාව මේක තමයි,විශ්වවිද්‍යාල වල ඉගෙනීමක් නැ කියන්නේ ඉදිරි පරම්පරාවත් නුගතුන් ම තමයි කියන එකයි,ලොකු භයනකකමක් අද තියෙන්නේ (ස)
තමන් විසින්ම පඹ ගාලක පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා දරුවනේ. තම තමන්ගේ හැගීම්, සිතුවිලි හා ක්‍රියාකාරකම් වලට ගැලපෙන පඹ ගාලවල් හැමතැනම. සිසු සිසුවියන් අනුන්ගේ පඹයන් බවට පත් වුනොත් නොදැනම පඹ ගාලක පැටලී අමාරුවේ වැටෙනවා.(ස)
ඉගෙනීමක් නැති නුගතුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වුනාම ලොකු භයනකකමක් අද තියෙන්නේ.පඹ ගාලක පැටලී අනුන්ගේ පඹයන් බවට වැටෙනවා.මානසික ලෙඩ්ඩු.දැඩි දඬුවම් දිය යුතුය. (නි)
දැන්වත් මොළේ කල්පනා කරලා වැඩකරන්න...තමන්ගේ අනාගතේ එක්ක සෙල්ලං කරන්න එපා..අන්තිමට අනුන්නට සීනි කිරන්න ගහිල්ල තමන්මයි අමාරුවේ වැටෙන්නේ.(ස)
අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට අපේ අයගේ බුද්ධිය ගොඩක් හොදයි. එත් අධ්‍යාපන ක්‍රමය ගැන සතුටු වෙන්න බැහැ. පාලකයන් මීට වඩා හොයල බලන්න ඕනැ. චන්දෙන් පාර්ලිමෙන්තු යනවට වඩා ලංකාවේ කැම්පස් යන එක අමාරුයි. ආවට ගියාට මෝඩකම් කරන ශිෂයෝ කැම්පස් වල නැහැ. මොකක් හරි වැරදි දෙයක් ඇති. එකයි මේ පාරේ ඉන්නේ. මේ වගේ දේවල් වලට ක්‍රියාත්මක වෙන්න කමිටුවක් තිබ්බොත් හොදයි (වැඩ කරන - බොරු පොරොන්දු දෙන්නෙ නැති) (නි)
මේ පාරේ තියෙන ගල් විශ්ව විද්‍යාලද? ගල්ද යකුනේ. කැතයි ....සහෝදරයා කැතයි. අ.පො.ස. උ.පෙළ පාස් වුනත් රටේ සල්ලි කන්න එපා නිදහස් අධ්‍යාපනයේ නාමයෙන්. (නි)
වීඩියෝ කැමරා උපයෝගී කරගෙන ගල් මුල් උපහාස කරුවන් ට රටේ නිතිය යටතේ දැඩි දඬුවම් දිය යුතුය.(ස)
නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරන් එලියට යන්නෙ නැතුව මෝඩයෝ අනවශ්‍ය දේවල් පටලවාගෙන මහජනතාව අසීරුවට පත්වෙන දේවල් කරනවා. ඕවා එලියට යනකන් විතරයි. පස්සේ සේරම අමතකයි (නි)
හු හු සෙරප්පු දාලා දුවන්න වැදුනා නේද? ඔහෙලා ඕනෑ තැනක ඕනෑ දෙයක් කරගන්නවා ,පාර අවහිර කරන්න එපා. එය අපිට කරදරයක්. ඔහෙලා පොලිසියෙන් ගුටි කෑවට අපිට කමක් නැහැ (නි)
ලොකු තැන්වල ඉන්න සමහර අයත් ගිහින් තියෙන්නේ ඔය විශ්ව විද්‍යාල වලටම තමයි (නි)
තේරුමක් නැති වැඩ කරන්න ගිහින් සෙරෙප්පු දාලනේ දුවල තියෙන්නේ විකාර නොකර හොදින් ඉගෙනගෙන හොද පුර වැසියන් වෙයල්ලා දරුවනේ.(නදී)
මන්ද බුද්දික පරම්පරාවක් බිහි කලාම ,ඉතා පහසුවෙන් රට පාලනය කරන්න පුළුවන්. මොකද පලකයොත් මැට්ටෝනේ . දැන් වෙන්නෙත් ඒකනේ.(නදී)
ජේ වී පි එක තියන කල් විශ්ව විද්යාල ගොඩ ගැනීමට නොහැක. මහජනයාට යන්න තියන පාරවල් හරස් කරගෙන එදිනෙදා සාමාන්‍ය ජනතාවට බාධා කරවහම ම ඉල්ලීම් ලැබේද? 71 ඉදලම කරන්නේ කාව හරි බිල්ලට දීල ජීවත් වෙන එක රට හැදීම කෙසේ වෙතත්.(නදී)
මේක අපේ රට. අපිට ඕන විදිහට ඉන්න ඕන. පොලිසියේ අයට ට අපේ අයිතිවාසිකම් යටපත් කරන්න දෙන්න බැහැ. අපී මෑරුනත් මේ සටන ගෙනියනවා. (නදී)
අහිංසක දෙමාපියන්ගේ ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ කියල ඇග හැමතැනම මොලේ තියන මේ පුතුන්ලට දුවරුන්ට තේරෙන්නේ නැත්තේ මොකද ?(නදී)
තලපියවු තලපියවු උඩ පැන පැන තලපියවු. එත් මතක තියාගනිල්ලා උඹලා ඔය තලන්නේ උඹලගේ පොඩ්වුන්ගේ අනාගතේට කියලා. (නදී)