කොණ්ඩය වවාගෙන ආ කළුතර පාසලක උසස් පෙළ සිසුවකුට තරවටු කළැයි ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් කළ සිසුවාට පොලිසිය හොඳ පාඩමක් කියා දුන්නේය.
ඔහුගේ පියා පොලීසියට කීවේ කොණ්ඩය කපාගෙන පාසලට යන ලෙස පුතාට කීවත් ඔහු ඊට ඇහුම්කන් නොදුන් බවයි. පියාගේ අවවාද මත කොණ්ඩය කපාගෙන එන ලෙස සිසුවා කරණවෑමියකු ළගට යැවීය. ඔහු අලුත් මොස්තරයකට කොණ්ඩය කපාගෙන පොලීසියට ආවේය.
කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය කරණවෑමියකු පොලීසිය ගෙනවා පාසලට ඔබින ලෙස කොණ්ඩය කැප්පවීය.
කොණ්ඩය කපන්නට යැයි ඔහුට අවවාද කළ ගුරුවරයා ද විදුහල්පතිද පොලීසියට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පොලිස් නිලදාරින් රටටම ආදර්ශයක්.(නදී)
සුබ අනාගතයක් .(අ)
ඔන්න නියම පොලිස් නිලධාරීන්. අපේ ප්‍රණාමය ඔබට.! (දිල්)
පියා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ.පියා තමයි හොදම වැඩේ කරලා තියෙන්නේ (දිල්)
ඇත්තටම බොහොම හොදයි.ළමයි තරුණකමට හිතන්නේ මොන දේ කිවත් කලත් එයාල තමා හරි කියල. (දිල්)
කොහොමද හොඳ වැඩක් වෙන්නෙ? පොලිසිය ඉන්නෙ ළමයින්ගේ කොණ්ඩය කපන්නද? (අ)
මව්පියන්ගේ අවවාද නොසලකන ගුරුවරුන්ට අවනත නොවන දරුවන්ට නියම දඩුවම එයයි. දෙමව්පියන් උගත්ද නූගත්ද නොව ඔවුන්ගේ අවවාද නොපිලිගන්නා අයට කුඩා දෙයක්වත් දරාගත නොහැකියි. ජීවිතවලින් සමුගන්නෙත් එවන් අයයි.(අ)
හොඳ වැඩේ. (ස)
ඔබ කළ දෙය ඉතා උසස් (ත)
නියමයි! (නදී).
ඔබ තුමිය නියම වැඩක් කරලා තියෙන්නේ. ඒ වගේම ඔය අසීලාචාර ඇදුම් අදින කෙල්ලන්ටත් ඒ වගේම දෙයක් කරන්න.(නදී)
ඔබ වගේ අය මේ රටට තවත් අවශ්‍යයි.(නදී)
බොරුවට ප්‍රීති ඝෝෂා කරන්න එපා. දියුණු රටවල් ඔය මතවාද වලින් මිදිලා. මානව හිමිකම් වලට අනුව බලෙන් කොණ්ඩා කප්පවන්න බැහැ.භද්‍ර යෞවනයේ මිහිරියාව විඳීමට තරුණ පාසල් සිසුනට හරස් කපන්න එපා.එය මානසික අවශ්‍යතාවයක්.(අ)
මම හිතනවා ළමුන් පාසලට ඇතුල් කර ගැනීමට පෙර ඔවුන්ට පාසල් විනය ගැනත් දැනුම් දීමක් කලොත් ප්‍රශ්න ගොඩක් විසදෙයි කියල. (නදී)
ළමුන්ගේ යහපත වෙනුවෙන්,විනය වෙනුවෙන් තීරණයක් ගන්න පසුබට වෙන්න ඕන නෑ. දෙමව්පියන් හරි වෙනත් වැඩිහිටියෙක් හරි මැදිහත් වෙලා හරි තීරණයක් ගන්න වැඩ කළාම ඒක තවත් ගොඩක් දෙනෙකුගේ යහපතට හේතු වෙනවා.මොන බාදක ආවත් නිවැරදි දෙයක් කරන්න පසුබට වෙන්න එපා. ළමුන්ගේ අනාගතේ හැදුවේ නැති වුණොත් වෙන විනාශය සුළුපටු වෙන්නේ නැහැ.(දිල්)
කවදා හෝ අපේ තරුණයන් වැඩිහිටි පරම්පරාව සමග ගැටුමක් ඇති කර ගන්නවා.. කොණ්ඩය කපා ගැනීම හෝ වවා ගැනීම පුද්ගලික අයිතියක්. වැවු කොණ්ඩය පිරිසිදුව තබා ගැනීමට පමණක් උපදෙස් දිය යුතු වේ.හමුදා වල කොණ්ඩය කෙටිකර කපන්නේ යුද බිමේදී උකුණන් බෝ වුවහොත් ටයිපස් රෝගය බෝ විය හැකි නිසාය කොණ්ඩය වවා පිරිසිදුව තබා ගැනීමෙන් එවැනි ප්‍රශ්නයක් ඇති නොවේ. (අ)
හොද පාඩමක් (දිල්)
කව්රු කව්රුත් අනාගන්නේ නැතුව බොහොම ප්‍රසන්සසනීය ආකාරයට ක්‍රියා කරලා තියෙනවා.(නදී)
බොහොම හොඳ වැඩක්.. පොලිසියටත් තියෙන්නෙ ඔයාවගේ රාජකිරීම . රස්තියාදු කාරයන් හැමතැනම. කෙල්ලක්ට තනියම එලියට බහින්න බෑ. මේව ගැනති හොයල බැලුවනම් හොඳ නැද්ද....(අ)
මල්කා තුෂාරි ඉන්ස්පෙක්ටර් නෝනට මූලික මිනිස් අයිතිතිවාසිකම් නීති යටතේ පුද්ගලයෙකුගේ රූප ස්වාභාවය වෙනස් කිරීමට කිසිම අයිතියක් නැහැ. මගේ දරුවෙකුට කලානම් නෝනගේ ඔය තරු ගලවනවා. වික්ටෝරියා රැජින රජකම් කරපු කාලේද පොලිසියට බැඳුනේ.(නදී)
හොද වැඩක්. වැරදි වැඩ කරලා අවවාද දුන්නම පිලි ගන්න බැරිනම් එල්ලිලා මැරුණත් අනේ අපොයි නම් කියන්නේ නැහැ අපි. මොකද අපි හැදුනෙත් දැඩි විනයක් ඇතුව පාසලේදී. අපිට කොච්චර දඩුවම් කලත් අපි දෙමව්පියන් කිසිවක් පාසලට කියන්නේ නැහැ.(නදී)
අදහන්න වටින කෙනෙක්.(නදී)
හොද පියෙක්. දරුවා කීකරු කරගන්න පොලිසිය උදව් කල එක අගය කල යුතු දෙයක්. විදුහල්පතිත් අගේය. (නදී)
මෙයා හෙට බෙල්ලේ ැවල් දාගත්තොත් පොලිස් නෝනගේ රැකියාව ඉවරයි.(නදී)
නියමයි. අති විශිෂ්ටයි. ප්‍රසංසනීයයි. මල්කා තුෂාරි පොලිස් පරික්ෂිකා මහත්මියනි.ඔබතුමිය රටටම ආදර්ශයක් ලෙසින් කළ එකී ක්‍රියාව මුළු රටේම ජනතාවගේ ඉමහත් ප්‍රසංසාවට ලක් වෙනවා නො අනුමානය. (දිල්)
නියමයි.ඔබ තුමිය රටට ආඩමිබරයක් (දිල්)
දැන් ඇතැම් ළමයි මව්පියන්ගේ අවවාද පිළිගන්න කැමති නෑ මේ වැඩේ නම් නියමයි (දිල්)
පිතෘත්වය යනු පෞර්ෂත්වය පරයා ගිය උතුම් කිරුළකි. අද එය පැළඳගන්නා පුරුෂ පක්ෂය දරුවන් ඉදිරියේ තම අඩුපාඩු සහ දුබලකම් පෙන්වන්නේ තම වගකීම නො සලකා හරිමිනි. මේ සිද්ඩියට අදාළ පුත්‍රයා පිය වදන් ගණනකට නො ගත්තේ නො නොහොබිනාකම නිසාම නො වේයැයි මම සිතමි. පියා දුර්වල වනවිට පුතාලා හිතු මනාපයේ අයාලේ යති. මේ දරුවා කොණ්ඩය කපන්නට අවනත වීම ඔහුගේ නම්‍ය ශිලිභාවයට සාධකයක්. දෙවැනිවර අවනත වීම නීතියට ගරු කිරීමක්. මේ ළමයා ලැජ්ජාවට පත් නො කළහොත් ගොඩනගා ගත හැකියැයි මම සිතමි. (නදී)
මෙයාට දෙන්න තිබ්බේ මීට වඩා හොද දඩුවමක්. (නදී)
කොන්ඩයෙන් විනය මනින්න බෑ. යල් පැනපු නීති වෙනස් වෙන්න ඕනේ. මේක අලුත් පරම්පරාවගේ කාලය. (නදී)
හොද ආදර්ශයක් එතුමිය දීල තියෙන්නේ. ඒත් දැන් බය තියෙන්නේ අවවාදයක් දෙන්න බෑ සියදිවි හානි කර ගන්නවනේ. මේ ක්‍රමය හොදයි දෙමාපියෝ,ගුරුවරු ,සමගම ප්‍රස්නේ විසදුව එක.(නදී)
දැන් කරන්න තියෙන්නේ පොලිසියකුයි රෝහලකුයි පාසැලක පිහිටුවන එක.(නදී)
තාත්තාට කරන්න බැරි දේ පොලිසිය කෙරුවා නෙවෙයි. අප්පා කෙනෙකුට කරන්න බැරිවෙච්ච දෙයක් අම්මා කෙනෙක් කළා කියලයි ලියන්න ඕන. මෙහෙම අම්මල හැම පවුලකම ඉන්නවානම් අපේ රට බැබලෙනවා. (නදී)
ඇති යාන්තම් තාත්ත පුතාට කියල තියනවා කොණ්ඩේ කපා ගන්න කියලා. මම හිතුවේ තාත්තයි පුතයි එකතු වෙලා අවවාද කරපු ගුරුතුමාගේ කන පළලා ඇති කියලා.(නදී) .
ගෙවල් දොරවල්වල හිතුවක්කාර දරුවන් හදන්නත් පොලිසියට බාර දුන්නහම රටේ අපරාධ මර්දනය සුනඛයින්ටම බාරයි. පොලිස් පරීක්ෂකවරිය යහපත් අරමුණකින් මේ කාර්ය කළද මෙය තවදුඅරටත් පොලිසියේ රාජකාරියක් විය යුතු නැහැ. (නදී)
නියම දඩුවම (දිල්)
පාසල් සිසුවෙක් නම් පාසලේ නීති රීති වලට අවනත විය යුතුයි. මේවට ගුරුවරු පොලිස්සියට ගෙන්වීම නුසුදුසුයි. හැබැයි දෙසපලුවෝ කියන්නේ මහජනයාගේ අවශ්‍යතා වලට අනුව වැඩකලයුතු බවනේ නීති වලට ගතිවෙන්න උවමන නැහැ කියලනේ. කොණ්ඩය වවාගෙන නොවෙයි හෙළුවෙන් ආවත් එක මහජනයාගේ අවශ්‍යතාවය නම් ඊට ඉඩදෙන්න කියලනේ.(නදී)
පොලිසියට කිසුදු පුද්ගලයෙකුගේ කොණ්ඩය කැපීමට බලයක් නැත අනුන්ගේ කොණ්ඩේ කැපීම නීතිමය වරදක් බව පොලීසිය දැනගත යුතුය (අ)
රටටම ආදර්ශයක් ! (අ)
අනගි වැඩක්. ඒ වගේම මාධ්‍යයන්ටත් විශාල වගකීමක් තියෙනවා මෙවැනි සිද්ධීන් වාර්ථාකරණයේදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීමට. නැත්නම් දරුවෝ ගන්නේ වැරදි පණිවිඩය. (අ)
ළමයත් වැරදි පොලිසියත් වැරදි (අ)
පොලීසීයේ අලුත්ම වැඩේ කොණ්ඩ කප්පවන එකද?(අ)
තම පුතාව නිසි ලෙස කීකරුව හද වඩා නොගැනීම නිසා අර පියාට දඬුවම් කරන්න ක්‍රමයක් නැත්ද? (අ)
හොඳ දඩුවම. මෙය අනිත් පාසලුත් කරා නම් හොඳයි. (ස)
දැන් ඉන්න දරුවන් බොහොම සංවේදී නිසා දෙමව්පියන්ට ටික කලක් ගතවෙන කම් ඇහැ ගහගෙන ඉන්න වෙයි. (ස)
ගෙදර ගිහින් ගෙල වැළලා ගනිද දන්නේනෑ. කොල්ලව පරෙස්සම් කරන්න වෙයිද? (ස)