ශ්රී ලංකාවේ පළමු අධිවේගී මාර්ග වන දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ලබන 27 වැනි දා ජනතා අයිතියට පත්කිිරීමට නියමිතය.කොට්ටාවේ සිට ගාල්ල දක්වා කිලෝ මීටර 95.3 ක් වන මාර්ගයට ඇතුළුවීමට පිවිසුම් මාර්ග අටකි. කොට්ටාවේ සිට ගාල්ල දක්වා මිනිත්තු 50 ක දී ළගාවීමට හැකියාව ඇත.
මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත අතර ඉදිරියේදී මංතීරු හයක් දක්වා පුළුල් කිරීමට නියමිතය. මාර්ගය ඉදිරිකිරීම සඳහා රුපියල් කෝටි 7000 ක් පමණ වැයවී ඇත.මෙම මාර්ගයට ත‍්‍රිරෝද රථ, යතුරු පැදි, අත්ට‍්‍රැක්ටර් සහ පාපැදි ඇතුළුවීම තහනම් වන අතර ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස් රථ සඳහා ද අවසර නොලැබේ. නගරාන්තර බස් පහකට ද, කාර් හා වෑන් රථවලට ද අවසර ඇත.පදිකයන්ට ද ඇතුළුවිය නොහැකිය. අනවසරෙන් ඇතුළු වුවහොත් රුපියල් 5,000 ක දඩයකට යටත් වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. ඩබ්ලිව්. ආර්. පේ‍්‍රමසිරි මහතා පැවසීය. මෙම මාර්ගය කොට්ටාව සිට ගාල්ල දක්වා සම්පූර්ණ දුර ගමන් කිරීමට රුපියල් 400 ක ටිකට් පතක් මිලදී ගතයුතුය. මෙහිදී වාහනයකට පැයටකිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හැකි අවම වේගය තීරණය කර නොමැත. පැයට කිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හොත් ගාල්ලට ළගාවීමට ගතවන කාලය මිනිත්තු 57.තත්පර දහයකි.












1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර ටිකත් ඉක්මනින් හදන්න.
වැඩේ නම් ඉතා හොදයි. ප්‍රශ්නය අපේ රියදුරන් ජීවිත කීයක් බිළිගනියිද කියන එකයි.
අනිවාර්යෙන් තිබිය යුතුයි. අපි හැම තිස්සෙම බඩගාන්න නොහිත ඉදිරියට එන්න හිතන්න ඕන.
දීප්තිමත් අනාගතයක්.
හොඳින් පාවිච්චි කිරීමට උත්සාහ කළහොත් මෙය අපට අතිසයින්ම ප්‍රයෝජනය කරගතහැකි අලංකාර අධිවේගී මාර්‍ගයක්ය. මගේ සුබ පැතුම්. රට නැගුමට සහ ඉදිරි සංවර්‍ධන කටයුතු වලට මෙවැනි අධිවේගී මාර්‍ගර් ඉතාමත් අවශ්‍ය දෙයකි.
අගය කළ යුතු දේ අගය කළ යුතුයි. හොද වැඩක්. නියමයි.
නියමයි
හොදයි
දකුණෙ ඉදන් උතුරටම කඩිනම් කරමුද?
ලංකාවට මේක හීනයක් වෙලා තිබ්බ දෙයක්....
මැරෙන්න කලින් අපේ රටේ 100ට යන්න අවස්ථාව දුන් සැමට ප්‍රණාමය...
හොද වැඩක්. හැබැයි ගසාකන්න එපා...
හොද අදහසක්
පානදුර හරියෙ ඉදන් කොළඹට යන්න පැය දෙක තුමක් යනවා
නියමයි.
සුබ පැතුම් ලංකාවට!, මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ රටට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාට
වැඩේ නම් නියමයි
මෙය ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපිට හැගෙනවා අපේ රට ගැන ආඩම්බරයක්. අපි උත්සාහ කරමු අපේ රට දියුණු කරන්න මීටත් වඩා
ජනපතිතුමනි, ඉතාමත් ඉක්‌මනින් පමණ ඉක්‌මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට speed camera සවිකරන්න. මෙමගින් රටට අදායමක් වගෙම සිදුවන අනතුරු සංඛාව අඩුකර ගනිමට හැකිවේ.
අධිවේගී මාර්ග සංකල්පය ලෝකේ මුලින් ම පටන් ගත්තේ 1921 දී. අපි පටන් ගත්තේ 2011. කමක් නැහැ පරක්කු වේලා හරි පටන් ගත්ත එක ලොකු දෙයක්. මේක මුළු ලංකාවටම ඕන.
කාලයේ හැටියට ඇත්තටම හොඳ වැඩක්..
ගොඩක් හොඳයි, තව දියුණු කරන්න..
ඇත්තටම ගොඩක් සතුටුයි..ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම ගැන අගය කරනවා...
මේ වගේ වැඩනම් අගය කර යුතුමයි....
හොදයි (අ)
සල්ලි තියෙන අයට නම් හොඳයි (නි)
මේ වැඩ වලින්නුත් හොද ගැහිල්ලක්ක් ගහන්න ඇති. (අ)
හැමදම බඩ ගැනම කියවන්නේ නැතිව වැඩක් කලාම අගය කරපල්ලාකෝ
හොද වැඩක්
මිනිත්තු 50 කින් මෙම දුර යාමට අවම වශයෙන් 114kmph වේගයක් පවත්වා ගත යුතුය. මෙම වරද නිවැරිදි විය යුතුය.
මරු වැඩක්
ගොඩක් හොද වැඩක්
ගාල්ලට නොවේ මූඵ ලංකාවටම ඕනේ
නියමයි
ඒක හොදයි
නියම ප්‍රවෘත්ති
මඩක් ගහනව නෙවි,,, ඒත් දුප්පත් අපේ අදෝනාව අහන්න දැන් රටේ ලෝකෙ කවුරුවත් නෑ. හිතේ දුකට කියනව මිසක්...පත්තරේ කමෙන්ට් එකකට දැම්මත් ඒකත් publish වෙන්නෙත් නෑ. මට බය මේ පාරෙ යන විනාඩි 50ට බජට් එකෙන් හරි නිකන් ඉන්නකොට හරි හිතිල බඩු කීයක මිල වැඩි කරයිද කියල. අනේ අපිටත් ඩොලර් මිලියන 8ක් තිබ්බනම් කොහේරි ගිහිල්ල විනෝද වෙලා එන්න...
අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට පින්නදූවට විනාඩි 50 සාමාන්‍ය මාර්ගයේ කොළඹ සිට කොට්ටාවට විනාඩි 45 සාමාන්‍ය මාර්ගයේ පින්නදූවේ සිට ගාල්ලට විනාඩි 45 එකතුව = ( කොළඹ සිට ගාල්ලට ) විනාඩි 140
ඉතාම හොද වැඞපිලිවෙලක් සුබ අනාගතයකට සුබ පතමි
යෝධයාගේ කතාව හරියටම හරි, අපේ රටේ එවුන්ට ඇස් පෑදෙන විට පෙරහැර ගොස් පමණක් නොව එය බලන්නට ආ එවුන් ද ගෙවල්වලට ගොස් හමාරය...
මින්සුන්ට සැහෙන පහසුවක්.
නියමයි!අතිවිශිෂ්ටයි.!
වැඩේ නම් ගොඩක් හොදයි,අයකිරීම තමයි ටිකක් වැඩි
අනුරාධපුරය යාපනය පැත්තට කොළඹඉදන් අධිෙව්ගි මාර්ගයක් හැදුවනම් හොදයි
හොද වැඩක්.... අධිවේගී මාර්ග හදන්න කලින් පරිසරය ගැනත් පොඩ්ඩක් හිතලා කරනවනම් නේද හොද?
මීට වසර 30 කට කලින් හදන්න තිබුණා. කොහෙද අපේ දේශපාලකයෝ බෙදාගෙන කෑවනේ...
කවුරැ කෙසේ කීවත් හොද දේට හොදයි කියන්න ඕනා. ඒත් ටිකක් මිල අඩු උණානම් හොදයි නේද?
අපේ රටේ මිනිස්සු උසස් විදියට හිතන්න පුරැදු කරනවට ගොඩාක් පින්, මොකද උසස් විදියට හිතුවහම පහතට වැටෙන්නෙ නැති වෙන්න වැඩ කරන්න මහන්සි වෙනවා. ඇමෙරිකාවේ අයට වඩා අපේ ජනතාව විශිෂ්ඨ වේවා.
හොද වැඩක්..
ඇයි ගාල්ලට විතරක් පැයෙන්? මොරටුවේ ඉඳන් කොළඹට යන්න පැය 2-3 යනවා ඒ තරමට වෙලාව ගන්නවා
අධිවේගී මාර්ග සංකල්පය ගොඩක් හොද දෙයක්.
ශ්රී ලංකාවට ආඩම්බරයක්.
වැඩෙ හොදයි
මෙ අපේ රටද කියල හිතෙනව මේ අදිවේගී මාර්ග දැක්කම. ඇත්තටම පිට රටක වගේ පිළිවෙළට ලස්සනට තියෙනව රටක් දියුණුවෙන්ඩනම් ප‍්‍රධානම දෙයක් තමයි මහාමාර්ග.අපේ රටට සුභ අනාගතයක් තීයෙවී ජනාදිපති තුමාට ස්තූති කරනව අපේ රට දියුණු කරනවට. අපේ රටේ හිටපු යෝධයො පිනට කාපු උන් නෙමෙයි.මිනිස්සුන්ට කන්ඩ තියෙනවද නැද්ද කියල බලන්ඩ පුලුවන් හවසට තෑබැරැමක් ලගට ගියාම.පොල් කඩන මිනිහත් දවසකට රුපියල් 200කට වඩා හොයනව. අපේ මිනිස්සු යොධයො වෙන්ඩ හදන්නෙ පිනට කාල ජරාව කාල. ඒ අය මේවට අකුල් හෙලනව. මම මගේ රටට සුභපතනෙමි.