IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පැයෙන් ගාල්ලේ

ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ග වන දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ලබන 27 වැනි දා ජනතා අයිතියට පත්කිිරීමට නියමිතය.කොට්ටාවේ සිට ගාල්ල දක්වා කිලෝ මීටර 95.3 ක් වන මාර්ගයට ඇතුළුවීමට පිවිසුම් මාර්ග අටකි. කොට්ටාවේ සිට ගාල්ල දක්වා මිනිත්තු 50 ක දී ළගාවීමට හැකියාව ඇත. මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත අතර ඉදිරියේදී මංතීරු හයක් දක්වා පුළුල් කිරීමට නියමිතය. මාර්ගය ඉදිරිකිරීම සඳහා රුපියල් කෝටි 7000 ක් පමණ වැයවී ඇත.මෙම මාර්ගයට ත‍්‍රිරෝද රථ, යතුරු පැදි, අත්ට‍්‍රැක්ටර් සහ පාපැදි ඇතුළුවීම තහනම් වන අතර ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස් රථ සඳහා ද අවසර නොලැබේ. නගරාන්තර බස් පහකට ද, කාර් හා වෑන් රථවලට ද අවසර ඇත.පදිකයන්ට ද ඇතුළුවිය නොහැකිය. අනවසරෙන් ඇතුළු වුවහොත් රුපියල් 5,000 ක දඩයකට යටත් වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. ඩබ්ලිව්. ආර්. පේ‍්‍රමසිරි මහතා පැවසීය. මෙම මාර්ගය කොට්ටාව සිට ගාල්ල දක්වා සම්පූර්ණ දුර ගමන් කිරීමට රුපියල් 400 ක ටිකට් පතක් මිලදී ගතයුතුය. මෙහිදී වාහනයකට පැයටකිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හැකි අවම වේගය තීරණය කර නොමැත. පැයට කිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හොත් ගාල්ලට ළගාවීමට ගතවන කාලය මිනිත්තු 57.තත්පර දහයකි.



අදහස් (0)

පැයෙන් ගාල්ලේ

කසුන් ධර්මවංශ Friday, 18 November 2011 04:10 PM

හොද වැඩක්.... අධිවේගී මාර්ග හදන්න කලින් පරිසරය ගැනත් පොඩ්ඩක් හිතලා කරනවනම් නේද හොද?

:       0       0

නිමාලි ෆෙනෑන්ඩු Friday, 18 November 2011 06:23 PM

මීට වසර 30 කට කලින් හදන්න තිබුණා. කොහෙද අපේ දේශපාලකයෝ බෙදාගෙන කෑවනේ...

:       0       0

එන්.එච්.සී. සංජීව Monday, 28 November 2011 12:31 PM

මෙය ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපිට හැගෙනවා අපේ රට ගැන ආඩම්බරයක්. අපි උත්සාහ කරමු අපේ රට දියුණු කරන්න මීටත් වඩා

:       0       0

සෙව්වන්දි Friday, 18 November 2011 09:03 PM

කවුරැ කෙසේ කීවත් හොද දේට හොදයි කියන්න ඕනා. ඒත් ටිකක් මිල අඩු උණානම් හොදයි නේද?

:       0       0

චමා Wednesday, 23 November 2011 09:48 PM

වැඩේ නම් නියමයි

:       0       0

අජිත් Friday, 18 November 2011 09:58 PM

අපේ රටේ මිනිස්සු උසස් විදියට හිතන්න පුරැදු කරනවට ගොඩාක් පින්, මොකද උසස් විදියට හිතුවහම පහතට වැටෙන්නෙ නැති වෙන්න වැඩ කරන්න මහන්සි වෙනවා. ඇමෙරිකාවේ අයට වඩා අපේ ජනතාව විශිෂ්ඨ වේවා.

:       0       0

ගුලවිට Monday, 26 March 2012 04:52 AM

කාලයේ හැටියට ඇත්තටම හොඳ වැඩක්..

:       0       0

නිශාන්ත Friday, 13 April 2012 07:58 AM

ගොඩක් හොඳයි, තව දියුණු කරන්න..

:       0       0

Kuma Saturday, 19 November 2011 05:24 AM

හොද වැඩක්..

:       0       0

සේපාලිකා Saturday, 19 November 2011 05:36 AM

ඇයි ගාල්ලට විතරක් පැයෙන්? මොරටුවේ ඉඳන් කොළඹට යන්න පැය 2-3 යනවා ඒ තරමට වෙලාව ගන්නවා

:       0       0

එස්.එන් Wednesday, 13 June 2012 12:44 PM

ඇත්තටම ගොඩක් සතුටුයි..ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම ගැන අගය කරනවා...

:       0       0

එස්.එන් Wednesday, 13 June 2012 01:26 PM

මේ වගේ වැඩනම් අගය කර යුතුමයි‍‍‍....

:       0       0

සුමේද Saturday, 19 November 2011 10:05 AM

අධිවේගී මාර්ග සංකල්පය ගොඩක් හොද දෙයක්.

:       0       0

suranga perera Wednesday, 30 November 2011 09:52 PM

අධිවේගී මාර්ග සංකල්පය ලෝකේ මුලින් ම පටන් ගත්තේ 1921 දී. අපි පටන් ගත්තේ 2011. කමක් නැහැ පරක්කු වේලා හරි පටන් ගත්ත එක ලොකු දෙයක්. මේක මුළු ලංකාවටම ඕන.

:       0       0

සන්ජීව Saturday, 19 November 2011 10:51 AM

ශ්‍රී ලංකාවට ආඩම්බරයක්.

:       0       0

චාමර Saturday, 19 November 2011 10:38 AM

වැඩෙ හොදයි

:       0       0

දිනූෂ Saturday, 19 November 2011 11:16 AM

මෙ අපේ රටද කියල හිතෙනව මේ අදිවේගී මාර්ග දැක්කම. ඇත්තටම පිට රටක වගේ පිළිවෙළට ලස්සනට තියෙනව රටක් දියුණුවෙන්ඩනම් ප‍‍්‍රධානම දෙයක් තමයි මහාමාර්ග.අපේ රටට සුභ අනාගතයක් තීයෙවී ජනාදිපති තුමාට ස්තූති කරනව අපේ රට දියුණු කරනවට. අපේ රටේ හිටපු යෝධයො පිනට කාපු උන් නෙමෙයි.මිනිස්සුන්ට කන්ඩ තියෙනවද නැද්ද කියල බලන්ඩ පුලුවන් හවසට තෑබැරැමක් ලගට ගියාම.පොල් කඩන මිනිහත් දවසකට රුපියල් 200කට වඩා හොයනව. අපේ මිනිස්සු යොධයො වෙන්ඩ හදන්නෙ පිනට කාල ජරාව කාල. ඒ අය මේවට අකුල් හෙලනව. මම මගේ රටට සුභපතනෙමි.

:       0       0

රෙෂානි Saturday, 19 November 2011 10:58 AM

නියමයි.

:       0       0

ආර් ඩී දිසානායක Saturday, 19 November 2011 11:49 AM

වැඩේ නම් ඉතා හොදයි. ප්‍රශ්නය අපේ රියදුරන් ජීවිත කීයක් බිළිගනියිද කියන එකයි.

:       0       0

රජීව් Tuesday, 22 November 2011 01:58 PM

මැරෙන්න කලින් අපේ රටේ 100ට යන්න අවස්ථාව දුන් සැමට ප්‍රණාමය...

:       0       0

රුවන් ප්‍රසාද් Saturday, 19 November 2011 01:24 PM

අනිවාර්යෙන් තිබිය යුතුයි. අපි හැම තිස්සෙම බඩගාන්න නොහිත ඉදිරියට එන්න හිතන්න ඕන.

:       0       0

සමීර Monday, 28 November 2011 06:33 PM

ජනපතිතුමනි, ඉතාමත් ඉක්‌මනින් පමණ ඉක්‌මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට speed camera සවිකරන්න. මෙමගින් රටට අදායමක්‌ වගෙම සිදුවන අනතුරු සංඛාව අඩුකර ගනිමට හැකිවේ.

:       0       0

මංජුල විතානගේ Tuesday, 22 November 2011 07:43 PM

හොද වැඩක්. හැබැයි ගසාකන්න එපා...

:       0       0

මදුරංග Saturday, 19 November 2011 04:05 PM

දීප්තිමත් අනාගතයක්.

:       0       0

රිෂාන් Thursday, 22 January 2015 09:56 AM

මේ වැඩ වලින්නුත් හොද ගැහිල්ලක්ක් ගහන්න ඇති. (අ)

:       0       0

නාමලී Tuesday, 22 November 2011 09:22 PM

හොද අදහසක්

:       0       0

රොෂාන් Tuesday, 22 November 2011 10:43 PM

පානදුර හරියෙ ඉදන් කොළඹට යන්න පැය දෙක තුමක් යනවා

:       0       0

සෙව්වන්දි Tuesday, 22 November 2011 11:02 PM

මාතර ටිකත් ඉක්මනින් හදන්න.

:       0       0

ජයී Saturday, 19 November 2011 08:08 PM

හොඳින් පාවිච්චි කිරීමට උත්සාහ කළහොත් මෙය අපට අතිසයින්ම ප්‍රයෝජනය කරගතහැකි අලංකාර අධිවේගී මාර්‍ග‍යක්ය. මගේ සුබ පැතුම්. රට නැගුමට සහ ඉදිරි සංවර්‍ධන කටයුතු වලට මෙවැනි අධිවේගී මාර්‍ගර්‍ ඉතාමත් අවශ්‍ය දෙයකි.

:       0       0

වසන්ත Sunday, 20 November 2011 03:29 PM

අගය කළ යුතු දේ අගය කළ යුතුයි. හොද වැඩක්. නියමයි.

:       0       0

නාමල් Wednesday, 07 August 2013 07:51 PM

හොදයි (අ)

:       0       0

රූපසිංහ Sunday, 20 November 2011 05:12 PM

නියමයි

:       0       0

පාලිත Tuesday, 08 July 2014 02:41 AM

සල්ලි තියෙන අයට නම් හොඳයි (නි)

:       0       0

safwan Sunday, 20 November 2011 06:03 PM

හොදයි

:       0       0

අතුල හේරත් Sunday, 20 November 2011 06:24 PM

දකුණෙ ඉදන් උතුරටම කඩිනම් කරමුද?

:       0       0

Indrajith Wednesday, 16 November 2011 06:08 PM

නියමයි!අතිවිශිෂ්ටයි.!

:       0       0

Nelum Thanuja Perera Wednesday, 16 November 2011 07:45 PM

හොද වැඩක්

:       0       0

TG Wednesday, 16 November 2011 08:00 PM

මිනිත්තු 50 කින් මෙම දුර යාමට අවම වශයෙන් 114kmph වේගයක් පවත්වා ගත යුතුය. මෙම වරද නිවැරිදි විය යුතුය.

:       0       0

sumii Wednesday, 16 November 2011 08:02 PM

මරු වැඩක්

:       0       0

indika Wednesday, 16 November 2011 08:12 PM

ගොඩක් හොද වැඩක්

:       0       0

Sumanasiri arandara Wednesday, 16 November 2011 09:18 PM

ගාල්ලට නොවේ මූඵ ලංකාවටම ඕනේ

:       0       0

gayan Wednesday, 16 November 2011 09:43 PM

නියමයි

:       0       0

nuwan Wednesday, 16 November 2011 09:31 PM

ඒක හොදයි

:       0       0

ranga Wednesday, 16 November 2011 09:54 PM

නියම ප්‍රවෘත්ති

:       0       0

යෝධයා Thursday, 17 November 2011 09:44 AM

මඩක් ගහනව නෙවි,,, ඒත් දුප්පත් අපේ අදෝනාව අහන්න දැන් රටේ ලෝකෙ කවුරුවත් නෑ. හිතේ දුකට කියනව මිසක්...පත්තරේ කමෙන්ට් එකකට දැම්මත් ඒකත් publish වෙන්නෙත් නෑ. මට බය මේ පාරෙ යන විනාඩි 50ට බජට් එකෙන් හරි නිකන් ඉන්නකොට හරි හිතිල බඩු කීයක මිල වැඩි කරයිද කියල. අනේ අපිටත් ඩොලර් මිලියන 8ක් තිබ්බනම් කොහේරි ගිහිල්ල විනෝද වෙලා එන්න...

:       0       0

P.K. අමාරිස් Thursday, 17 November 2011 09:48 AM

අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට පින්නදූවට විනාඩි 50 සාමාන්‍ය මාර්ගයේ කොළඹ සිට කොට්ටාවට විනාඩි 45 සාමාන්‍ය මාර්ගයේ පින්නදූවේ සිට ගාල්ලට විනාඩි 45 එකතුව = ( කොළඹ සිට ගාල්ලට ) විනාඩි 140

:       0       0

nirdhapredeep kumara Thursday, 17 November 2011 10:49 AM

ඉතාම හොද වැඞපිලිවෙලක් සුබ අනාගතයකට සුබ පතමි

:       0       0

nuwan Thursday, 17 November 2011 10:56 AM

යෝධයාගේ කතාව හරියටම හරි, අපේ රටේ එවුන්ට ඇස් පෑදෙන විට පෙරහැර ගොස් පමණක් නොව එය බලන්නට ආ එවුන් ද ගෙවල්වලට ගොස් හමාරය...

:       0       0

චිත්‍රා Wednesday, 23 November 2011 09:48 AM

සුබ පැතුම් ලංකාවට!, මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ රටට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාට

:       0       0

මධු Thursday, 17 November 2011 11:04 AM

මින්සුන්ට සැහෙන පහසුවක්.

:       0       0

සුරං Thursday, 17 November 2011 12:15 PM

හැමදම බඩ ගැනම කියවන්නේ නැතිව වැඩක් කලාම අගය කරපල්ලාකෝ

:       0       0

අසන්ක Monday, 21 November 2011 12:47 AM

ලංකාවට මේක හීනයක් වෙලා තිබ්බ දෙයක්....

:       0       0

රංජන් Thursday, 17 November 2011 01:01 PM

වැඩේ නම් ගොඩක් හොදයි,අයකිරීම තමයි ටිකක් වැඩි

:       0       0

දිල්ෂාන් Thursday, 17 November 2011 01:59 PM

‍අනුරාධපුරය යාපනය පැත්තට කොළඹඉදන් අධි‍‍‍‍ෙව්ගි මාර්ගයක් හැදුවනම් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 9 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 10 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 53 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 421 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 958 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 644 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 411 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site