බොහෝ කලකට පසුව ලන්ඩන් චිත‍්‍රපට උළෙලට සිංහල චිත‍්‍රපටයක් එක්වීමට නියමිතය. ඔක්තෝබර් 12-27 දිනයන්හි පැවැත්වෙන මෙම උළෙලට සංජීව පුෂ්පකුමාරගේ පියාඹන මාළුවා (මිනිත්තු 125) ඉදිරිපත් කැරේ. ප‍්‍රසන්න ජයකොඩිගේ සංකාරා චිත‍්‍රපටයෙන් පසුව ලන්ඩන් උළෙලට සිංහල චිත‍්‍රපටයක් මෙසේ ඉදිරිපත් වේ. එහි පෙන්වන චිත‍්‍රපටවලට සම්මාන නොලැබෙතත් සියලූ චිත‍්‍රපට ලොව පුරා ප‍්‍රදර්ශනයට මිලට ගැනෙයි.
පියාඹන මාළුවාගේ කතාව ගෙතී ඇත්තේ උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේද ජනක අත්දැකීම් මතය. ශාන්ත පීටර්ස්බර්ග් උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ඊට හිමිවිය.චමින්ද සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා හා රත්නායක මාරසිංහ එහි රඟති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජිව ඔබට සුබපතමි. සිංහල චිත්‍ර පටයක් ලන්ඩන් උළෙලට යෑම රටට කීර්තියක් අපට සතුටක්
ඔබේ චිත්‍රපටය London සිනමා උළෙලට තේරීම ලාංකික අපට විශාල ආඩම්බරයක් ! ඔබට අවශ්‍ය සහයෝගයක් දෙන්න London හි වෙසෙන ලංකික අප සුදානම් ! මේ අදහසට ප්‍රතිචාරයක් එවන්න..