සිරිලක සොබා සුන්දරත්වය වැඩිදියුණු කරමින් වාර්ෂිකව මෙරටට සංචාරය කරන පක්ෂින්ගේ පැමිණීම දැන් ආරම්භ වී තිබේ. රත්නපුරයේ විදුලි කම්බි මත රාත්‍රිය ගත කිරීමට නවාතැන් ගන්නා දහස් සංඛ්‍යාත අටුවැහිලිහිණියෝ පසුගිය සැප්තැම්බර් අට වැනි දා සිට මෙරටට පැමිණීම ඇරඹූහ.
මෙලෙස ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන් බොහොමයකි. ඔවුන් හඳුන්වන්නේ නිහැරියන් නමිනි. ඒ පක්ෂීන්ගෙන් කොටසක් නිවෙස් ආසන්නයේ දී ද දැකගත හැකවීම විශේෂත්වයකි.
අවිච්චියා, සුදුරෙදි හොරා, නිල්පෙඳ බිඟුහරයා, වැනි කුරුල්ලන්ද රත්නපුරයට බහුලව පැමිණෙන අටු වැහිලිහිණියා ද නිවෙස් අසළ ගැවසෙති.
සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙන මේ කුරුල්ලන් ඇතැම් අවස්ථාවල දී වෙහෙසට පත්ව වැටී සිටින අවස්ථා වාර්තාවෙයි. එලෙස වෙහෙසට පත්වූ කුරුල්ලන් ආරක්ෂා කිරීම කෙරෙහි මෙවර පරිසරවේදීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.
පියඹාගත නොහැකිව වැටී සිටින නිහැරි කුරුල්ලකු හමුවූ විටෙක කාක්කන්, බල්ලන් හා පූසන්ගෙන් බේරාගෙන ආරක්ෂාව සළසා දෙන ලෙසත් ඉක්මණින් යථා තත්ත්වයට පත් නොවන්නේ නම් සිදුරු සහිත කාඩ්බෝඩ් පෙට්ටියක බහා අඳුරු තැනක තබන ලෙසත් කුරුලු විද්‍යා කවය ඉල්ලා සිටියි. සිහ තිබේනම් ජලය මදක් ලබාදෙන ලෙසත් ඔවුන් උපදෙස් දෙයි. හෙම්බත් වූ කුරුල්ලන් ගැන කුරුලු විද්‍යා කවයට දන්වන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.
කුරුල්ලන් නැරඹීමත් ඔවුන් ගැන අධ්‍යයනයත් මහත් විනෝද ජනක මෙන් ම මානසික සුවයක් ලබා දෙන කාර්යයකි. මේ හේතුවෙන් මෙරටට පැමිණෙන නිහැරියන් ඇතුළු කුරුල්ලන් නැරඹීම වඩාත් ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය ‘‘මිග්‍රන්ට් වොච් “ නමින් වැඩසටහනක් සංවිධානය කැර ඇත. කුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන නවකයන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇත.
එම වැඩසටහනේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ දී සෙනසුරාදා (27) උදෑසන 9.30 සිට 11.00 දක්වා පැවැත්වේ. ‘‘වසරක් පාසා ශ්‍රී ලංකාවට එන නිහැරියන්“ යන මාතෘකාව යටතේ මහාචාර්ය දේවක වීරකෝන් දේශනය පවත්වයි.
ඉරිදා (28) උදෑසන 7.00 ට බත්තරමුල්ල තලංගම වැව අසළ දී කුරුල්ලන් නැරඹීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
මේ වැඩසටහනට සහභාගී වීමට කැමත්තේ නම් 0712289022 / 0718440144 හෝ විද්‍යුත් තැපැල් ලිපිනය migrant[email protected] ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාව ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලුවනේ, උඹලව අල්ලලා කුඩූ කරගන්න ඉඩ තියෙනවා. පරිස්සමෙන්! (දී)
මෙි පක්ෂීන්ට සුදුසු අපේ පරිසරය සුරැකීම අපේ යුතුකමයි. (ස)
අපේ රටට සංචාරකයෝ එන්නේ නැහැ කියල බොරුනේ කියන්නේ? (ස)
මෙ කාලෙට වැහි ලිහිණි කුඩු කඩල රට යවන කට්ටිය ගැනත් හෙව්වොත් හොදයි නේද (නදී) වොත්
ඔය එන්නේ සංචාරකයෝ. ගහමු තව හෝටල් ටිකක් ඉක්මනට (නදී)
ස්වභාව ධර්මයේ විශ්මිත නිමවුම් (දී)
හොඳ දෙයක් , අහිංසක සත්තු ගැන බලන එකට පින්. (ස)
අපේ පරිසරය මීට වඩා රැක ගත යුතුයි. වල් අලින්ට අන්තිම නරක කාලයක් ලැබිල තියෙන්නේ. අලි පැටවුන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිවෙලක් අවශ්‍යයි. (ස)
ලස්සනයි (දී)
දැන් මෙයාලට ඉස්සර වගේ සැතපුම් දහස් ගණන් පියාඹන්න උවමනා නැහැනේ. මත්තලට එනකම් නොමිලේ "ට්‍රාන්ස්පෝට්" තියෙනවනේ. එතන ඉඳලා ඉතින් මහා දුරක්ද? (නි)
මේක හොඳ වැඩ සටහනක්. අපිඑකට සහභාගී වෙන්නඋත්සහ ගන්නවා (දී)
දැලක් දාලා අල්ල ගමුද මොකද කියන්නේ (දී)
සුමිත්, ඔබ ගේ අදහස මමත් අගය කරනවා. අපේ ගෙදර මිදුලේ වහලයක් සහිත විවෘත කුඩුවක් සවිකරලා, හැම දාම උදේට සවසට තැටි දෙකකට බත් දානවා.බත් කෑමට හැමදාම උදේට සවසට රෑන ගිරවු කණ්ඩායම් දෙකක් එනවා. 16 ක් ඉන්නවා. හරිම සුන්දරයි. දැන් අවුරුදු 8 - 10 ක කාලයක සිට කෑම දෙනවා. ප්‍රධාන පාර අයිනේ නිසා මහ මග යන අය, පොඩි දරුවෝ මෙතනට එන ගිරවු බලල සතුටු වෙනවා. (දී)
බන්දුල දැනට නම් කුරුල්ලෙක් හරි එනවා මේ විදියට තවටිකකලක් ගියෝතින් බල්ලෙක් වත් ඒ විද කියල තමයි සැක (දී)
ලියුම් කරුට සහ දැනුවත් කල සැමට තුති.සමහර මෝඩ මිනිස්සු කුරුළු උණබෝවෙයි කියලා මේ අහිංසක සත්තුන්ට පහරදෙනවා. (අ)
ස්වභාව ධර්මයේ අසිරිය . තමන්ගේ රටවල් ශීතල වේගන එනකොට ගැලපෙන පරිසරයක් තියන රටවල් හොයාගෙන පියාබන්නේ මොනම සිතියමක්වත් නැතුව.කුරුළු විද්‍යා කවයට සුබ පැතුම් (අ)