උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගනකාධිකාරී ජී එම් පී එම් බී ගුණරත්න මහතාගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී සිංහරත්න බණ්ඩාර මහතා කියයි. මින් දෙසතියකට පෙර උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබැලූ සාමාන්‍යාධිකාරී සෙනරත් පුෂ්පකුමාර මහතාගේ වැඩද තහනම් කැරිණි. මැදවච්චිය ඇටඹගස්කඩ මාර්ගය අලුත්වැඩියා කිරීමේදී රුපියල් දෙකෝටි විසි ලක්ෂයක වියදමින් අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් තුනක් දින නමයකින් අලුත්වැඩියා කිරීමට රුපියල් නම කෝටියක් ද වැය කිරීම ගැන දැන් පරීක්ෂණ අරඹා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම හොරු. කරලා තියෙන්නේ හොද වැඩක්. සිංහරත්න නියම සිංහයෙක්. (ත)
කළකම් පලදේ (දී)
අනේ මන්ද කියන්න වචන මොකුත් එන්නෙත් නැහැ (දී)
හොයාලා බලන්න මේ දෙන්නා ගැන .(ස)
ලොකු අයගේ කුට්ටිය කීයද දන්නෙ නැහැ..!(නු)
ඔය 120කල්ලියෙන් පළි ගන්නවා..!(නු)
ඔච්චර නෙමෙයි තවත් පලාත්වල හොදට මේ වැඩේ වෙනවා.. ගිණුම් දෙක තුනකින් එකම ගෙවීම් කරනවා.. හොයන්න බැහැ. මේකෙ අය ටික දෙනෙක් තමයි වැඩේ දන්නේ..!(නු)
ආයතන වල ප්‍රධානීන් බහුතරයක් පට්ට හොරු.... (ස)
දැන් මොකද කරන්නේ (දී)
අසරණ මිනිස්සු (දී)
එතකොට දවසට වියදම කෝටියක් වැඩි නැද්ද?(නු)
අයියෝ ලොක්කා
අනේ පව් අසරණයෝ දෙන්නා (දී)