ගමේ පාර හදා නොදුන්නැයි බලංගොඩ ඇල්ලෙපොළ ගැමියෝ පිරිසක් බදුල්ල - කොළඹ මාර්ගය ඇල්ලේපොළ සරස්වතී හන්දියෙන් හරස්කර උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ නිසා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබේ.
ගමේ පාර හදා නොදුන්නැයි බලංගොඩ ඇල්ලෙපොළ ගැමියෝ පිරිසක් බදුල්ල - කොළඹ මාර්ගය ඇල්ලේපොළ සරස්වතී හන්දියෙන් හරස්කර උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ නිසා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මේවගේ හැසිරීම් අපි දැක්කේ ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වලයි .අපේ රටේ යම්කිසි හැදියාවක් සංස්කෘතියක් තිබුන .දැන් හැම දෙයටම මේ විදියට සත්තු වගේ හැසිරෙන්නේ ඇයි. රටේ පාලකයන්ගෙන් භිෂණයක් නැති නිසා ද ?. ( රතු පස්වල වැනි සිදුවීම් මතකද ) (බ)
දැන් මේක අමුතුම විකාර විලාසිතාවක් වෙලා (නි)
මහාමාර්ගයක් අවහිර කරගෙන මේ නටන නාඩගම වහාම නැවැත්වියයුත්තක්. ජනතාව තම විරෝධය යමකට දැක්විය යුත්තේ අනුන්ට හිරිහැර නොවන විදියටයි. තව කී දෙනෙක් මේ විකාර විරෝධය නිසා අවහිරතාවයන්ට පත්වෙනවද? (නි)
සාධාරණයි. මොකද මේ ආණ්ඩුවෙන් ඇහුවනේ පාරවල් කන්නද කියලා (නි)
තුවාලේ අමාරුව දැන්නෙන්නේ තුවාලය තියෙන අයට විතරයි. (නි)
මේ පාරේ ගමන් කරන්නෙත් ඔබ වගේම මිනිස්සු.ඒ මිනිස්සුන්ටයි ඔබටයි බාධා කරගන්නේ නැතුව ගිහින් අදාළ බලධාරියාගේ කාර්යාලය ඉස්සරහට හරි එහෙමත් නැත්නම් ඔහු යන මග රැකලා ඉඳල අල්ලාගෙන හරි ගිහින් විරෝධතාව පල කරන්න. (බ)
කළ යුත්තේ පාරවල් අවහිර කර මහා ජනතාව අපහසුවට පත් කිරීම නොවේ. වගකිව යුතු දේශපාලකයාගේ, ප්‍රධාන නිලධාරියගේ නිවාස වැටලිමය. මෙයත් හරියට පහත් තැනින් යයි ගලා ජලේ කිව්වා වගේ වැඩක්. (බ)
මේ මිනිසුන්ට දොස් කියන්නත් බැහැ. අනිත් පැත්තෙන් අහිංසක මගීන් අපහසුතාවයට පත්වෙලා. මෙහමත් කළේ නැත්නම්, පාලකයන්ගේ අවධානය යොමුවෙන්නේ නැහැ (නි)
මුව හමට තලන එක තමයි මිනිස්සු ඉස්සර ඉඳලම කරන්නේ...... (නි)
කිසිම විනයක් නැති රටක්. දේශපාලුවෝ තමා මිනිස්සු මේ තැනට ඇදදමා තිබෙන්නේ. (නි)
මේ වගේ පාරවල් අවහිර කරන එක හොඳින් හෝ නරකින් නවත්වන්න කාලය ඇවිල්ලා. දැන් මේක විලාසිතාවක් රැල්ලක් වෙලා. ඕනෑම දෙයකට 10 - 12 ක් එකතුවෙලා පාරවල් වහනවා. වාහන වල යන අයත් කාලයත් එක්ක ලොකු සටනක් කරන්නේ වෙලාවට කරන්න තියන වැඩ, ගෙදර අයත් එක්ක ගත කරන්න තියෙන වෙලාව මේ හැම දේම. ජනාධිපති තුමනි, අගමැති තුමනි, පොලිස්පති තුමනි, දීො තියන නිදහස අයුතු ලෙස පාවිච්චි කර ආණ්ඩුව හා ජනතාව අපහසුවට පත්කරන්නන්ට නිසි දඬුවම් දෙන්න. (හේ)
මෙතන ඉන්න සමහර කාන්තාවන් දිහා බැලුවම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)
ඊයේ මමත් බලන්ගොඩ ඉඳලා රත්නපුර යන ගමන් ඔය කට්ටිය දැක්කා. පාර නම් අවහිර වුණා තමයි. අපිටත් පැය 2 විතර ප්‍රමාද වෙන්න වුණා. එ්කෙන් රිදෙන්නේ සාමාන්‍ය ජනතාවට මිසක් පාලකයන්ට නොවෙයි (නි)