IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පරණ පවට අලූත් දඩකොළයක්

නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ රියැදුරෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අද රුපියල් දහසක දඩ කොළයක් ඉල්ලා ගත්තේය. දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමැති සමග ගමන් කරද්දී පැයකට කිලෝමීටර් 169ක වේගයෙන් රිය පැදවී යැයි නියෝජ්‍ය ඇමැති රියැදුරාට දඩ කොළයක් දුන් විට එය රුපියල් 1500ක් ද සමග පොලිසිය දෙසට විසි කැර පොලිසියට ද බැණ වැදී ඇතැයි පොලිසිය කියයි. මේ ගැන පරීක්ෂණයක් ඇරඹීමත් සමග නියෝජ්‍ය ඇමැතිගේ වෙනත් රියැදුරකු එහි ගොස් දඩ කොළය ලබාගෙන ඇත.



අදහස් (0)

පරණ පවට අලූත් දඩකොළයක්

චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:26 PM

අසරණ මහජන සේවකයෙක් (ස)

:       0       0

ජයන්ති Tuesday, 09 October 2012 12:36 PM

කට්ටියගේ වැඩ පේනවා නේද ? (ස)

:       0       0

ගුණරතන Monday, 08 October 2012 08:59 PM

බැන වැදුනට ඇමතිට එරෙහිව පියවර ගන්න (අ)

:       0       0

ගයාන් Monday, 08 October 2012 09:01 PM

ඇමතිවත් දන්නේ නැද්ද වේග සීමාව. මේ වගේ අය කොහොමද රටක් පාලනය කරන්නේ (අ)

:       0       0

මොහොමඩ් රශ්වින් සෞදිඅරාබිය Monday, 08 October 2012 09:16 PM

ඇමැති වුණාම ඕන දෙයක් කරන්න පුළුවන් කියන කට්ටියට හොඳ පාඩමක්.රජ්‍ය දේපල හැමොටම සම විය යුතුයි පොලිසි මහත්තුරුන්ට මගේ ප්‍රණාමය. (අ)

:       0       0

හසිත් Monday, 08 October 2012 10:12 PM

අන්තිමට නීතිය ජය ගත්තා. ඇමතිකම ජන බලයට යටත් වුණා. (නි)

:       0       0

සුරංග Monday, 08 October 2012 10:09 PM

මේකද රටේ නීතිය? නියම වැරදිකරුවො යහතින් ඉන්දැද්දි චුදිතයන් විදියට ඉදිරිපත් වෙන්නේ වෙන කණ්ඩායමක්. (නි)

:       0       0

ඉන්දු Monday, 08 October 2012 10:50 PM

මෙවැනි ක්‍රියාවන්ට දඬුවම් කළයුතුයි. පොලිස් අණ නොපිළිපැදීම උසාවියකදී දඬුවම් ලැබියයුතු වරදක්. අනෙක, අධිවේගයට දඩය රුපියල් 2000. මෙතැත 50% ඞිස්කවුට් එකකුත් දීලා. (නි)

:       0       0

නාපාවල Monday, 08 October 2012 10:56 PM

අපි ඡන්දය දුන්නේ රටේ චණ්ඩිකම් කරන්න නෙමෙයි. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 08 October 2012 11:08 PM

මේ අයගේ නිකන් සද්දේ විතරයි. (නි)

:       0       0

චමිල ප්‍රනාන්දු Monday, 08 October 2012 11:28 PM

මේකෙ ලියලා තියෙන ඒවා තේරෙන්නේ නැද්ද දන්නේ නැහැනේ..වේග සීමා එහෙම..!(නු)

:       0       0

සේනානායක Monday, 08 October 2012 11:25 PM

කොහොමත් මෙයාලගේ පවු අසරණ අපි තමයි ගෙවන්නේ. (නි)

:       0       0

කීර්ති Tuesday, 09 October 2012 12:58 AM

සල්ලි ගෙවලා අධිවේගේ යනකොට දඩ ගහන එක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙනම් අධිවේගේ කියන නම නැතුව මදවේගේ කියලා දාන්න. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 October 2012 05:04 AM

පොලිසියේ රාජකාරියට බාධා කළාට කිසි කෙනෙකුට විරුද්ධව කටයුතු කරන බවක් පේන්න නැහැ. මේක හොඳ පාඩමක් නොවෙයි. දේශපාලකයන්ට නීතියක් නැහැ කියන එක ඔප්පු කිරීමක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 05:52 AM

රට ගැන කැක්කුමත් තිබෙන පොලිස් නිලධාරීන්ට අපි ගරුකරමු. (නි)

:       0       0

කැලුම් Tuesday, 09 October 2012 05:56 AM

දැන් දඩකොළ ගන්න, පිස්තෝල දෙන්න වගේ හැම වැඩේටම එන්නේ රියදුරන්. (නි)

:       0       0

තිලකරත්න Tuesday, 09 October 2012 07:22 AM

මේවට කියන්න වචන නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 09 October 2012 07:48 AM

පහත් තැනින් යයි ගලා ජලේ.. පොලිසිය එක්ක ගියානම් ජොබ් එකත් නැහැ.. ඇමති එක්ක ගියානම් නඩු නැහැ.. (නු)

:       0       0

වරුණ Tuesday, 09 October 2012 07:54 AM

පහත් තැනින්යයි ගලා ජලේ ...........මේක හරියට ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නසී වගේ වැඩක් (ස)

:       0       0

අනුපම Monday, 08 October 2012 06:11 PM

මෙයාලා නීතියට බයයි. කවුරු හරි බේරගන්න නිසා තමයි සෙල්ලම් කරන්නේ. (නි)

:       0       0

චන්ද්‍රගුප්ත Tuesday, 09 October 2012 08:12 AM

මේ වගේ අය බලය පාවිච්චි කරලා කරන වැඩ වලට ඒ අයගෙන් සමාව ගන්න කියන්න තිබුණේ..!(නු)

:       0       0

දයා-සවුදි Monday, 08 October 2012 06:23 PM

එදා සල්ලි වලින් දමලා ගහලා ගියාට ඔය ෂෝක් එකට දඩ කොළේ ගන්න ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 09 October 2012 08:16 AM

පොලිස් අණ නොපිළිපැද්දට දඩුවම් කරන්න ඕන.. සාමාන්‍ය මිනිසෙකුට ඔහොම හැසිරෙන්න පුළුවංද? නීතියට ගරු නොකරන පාලකයෝ කොහොමද රට හදන්නේ..!(නු)

:       0       0

සම්පත් Tuesday, 09 October 2012 08:18 AM

මේ වගේ අය පාර්ලිමේන්තු යවපු අයගෙයි වරද . මේ අය හොඳ පාර්ලිමේන්තුවට නෙමෙයි ‍‍‍.............................(ස)

:       0       0

මංජුල Monday, 08 October 2012 06:41 PM

මෙහෙම දඩ කොළයක් පස්සේ ඇවිල්ලා ගන්න එක හැමෝගෙම අයිතියක්ද එතකොට? (නි)

:       0       0

සනත් Monday, 08 October 2012 06:43 PM

හූ හූ.... හොඳ වැඩේ.... ලංකාදීපෙට පින් සිද්ධ වෙන්න මෙයාගෙ නමත් හෙළිවුණ නිසා ලැජ්ජාවෙන් බේරෙන්න ආපහු ඇවිත්! (නි)

:       0       0

ආලෝක Monday, 08 October 2012 06:47 PM

ඇයි අපේ රටේ නීතිය අසමාන? මේ දේශපාලකයින් නීතිය යටතට අයිති නැද්ද? (නි)

:       0       0

සුනිල් Monday, 08 October 2012 06:45 PM

ආශාවෙ ඉවසන්න බැහැ, ලංකාවෙ නීතිය ගැන. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 09 October 2012 08:59 AM

ලංකාවේ ඉන්න අයටගේ මෝඩකම් නිසයි මේ වගේ අය හැම තැනම රජ කරන්නේ (ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 06:56 PM

රියදුරාට දඩ කොළේ දීලා හරියන්නේ නැහැ. ඇමතිතුමාගේ දින පහක පඩිය කපන්නත් ඕනෑ. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 06:51 PM

බල්ලන්ගෙ වෑඩ බූරුවන් කරපු කතාවල් ඉතිහාසෙ තියෙනවා. හරිම ලස්සනයි! (නි)

:       0       0

නිර්මලා - කුරුණෑගල Tuesday, 09 October 2012 09:08 AM

රියදුරු වෙනුවට වෙනත් රියදුරෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් ද ? එක් මාර ෂෝක් නේ. මම කියන්නේ දැන දැන වෙනත් රියදුරෙකුට දඩ ගහපු පොලිස් නිලධාරියාට දඩ ගහන්න ඕන. (ස)

:       0       0

අචිනි Tuesday, 09 October 2012 09:35 AM

මේවා ඇහුවහම පිටරට ජීවත්වෙන අපිට අනෙක් රටවල අය හිනාවෙන්නේ කටින් නෙමෙයි (ස)

:       0       0

නලින් Tuesday, 09 October 2012 09:47 AM

අපිටත් බැරිද දන්නේ නෑ හයියෙන් ගිහිල්ලා අයේ පස්සේ ඇවිත් දඩ කොලයක් අරන් යන්න (ස)

:       0       0

වරුණ Monday, 08 October 2012 07:23 PM

මේ ඇමතිගේ නම ඇහුවෙත් අද. (නි)

:       0       0

නිරාන් Monday, 08 October 2012 07:17 PM

දඩ කොළය ගන්න ඇවිත් තියෙන්නේ වෙනත් පුද්ගලයෙක් නම්, මම අහන්නේ වැරැද්දක් නොකරපු කෙනෙකුට කොහොමද පොලිසිය දඩ කොළයක් දෙන්නේ? (නි)

:       0       0

රානා Tuesday, 09 October 2012 09:58 AM

නියමයි මේ ක්‍රමය අපටත් කරන්න පුළුවද? (නු)

:       0       0

බමුණුසිංහ Monday, 08 October 2012 07:24 PM

මොනවා කරන්නද? අපේ කරුමය තමයි. (නි)

:       0       0

සෙනෙරත් Monday, 08 October 2012 07:21 PM

කොහොමද එහෙම දඩ කොල නිකුත් කරන්නේ , මෙය නීති විරෝධීයි (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 09 October 2012 09:58 AM

මේ නියෝජ්‍ය ඇමතිට ප්‍රවාහන ඇමතිකමක් දෙන්න..! රටකට යන කල..!(නු)

:       0       0

සුනේත්‍රා Monday, 08 October 2012 07:27 PM

මේවා නොමිලේ ප්‍රසිද්ධ වෙන්න කරන වැඩද මන්දා? (නි)

:       0       0

කමල් Tuesday, 09 October 2012 10:13 AM

මේවගේ පහත්වැඩ කරන අය පන්නන්න ඕන..!(නු)

:       0       0

නසාර් Monday, 08 October 2012 07:40 PM

මහජන ඡන්ද හිගාකන්නන් කොහොමද හොද මිනිසුන් වෙන්නේ? (නි)

:       0       0

අනුර ශාන්ත Tuesday, 09 October 2012 10:17 AM

18 විවස්ථාවට ජය වේවා (ස)

:       0       0

ගමගේ Tuesday, 09 October 2012 10:13 AM

1500/= ගෙවන්නෙත් අපේ සල්ලි වලින්නේ , වාහනයක් මොහොකහරි හප්පගත්තත් ගෙවන්න ඕනි අපි (ස)

:       0       0

සිල්වා Monday, 08 October 2012 07:43 PM

ඔබගේ බලයට වැඩිය ජනතා බලය සැරයි කියලා මතක තියාගත්තොත් හොදයි. (නි)

:       0       0

තුෂාන් Tuesday, 09 October 2012 10:40 AM

නලින් ,ඔයා එහෙම කලොත් ඔයාට පොලිස් කුඩුවේ තමයි ඉන්න වෙන්න , අපේ පොලිස් හරි වසයි. (ස)

:       0       0

බන්ඩාර Tuesday, 09 October 2012 10:55 AM

අබුද්ධස්ස කාලේ (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 08:02 PM

අනේ පවු. එයාට කරපු වරද තේරෙන්න ඇති. පස්සේ දඩ කොළේ ගන්න එන්න ඇති. පොලිසිය වරදට සමාව දීලා දඩ කොළේ දෙන්න ඇති. එහෙමයි අපේ ශ්‍රී ලංකා පොලිසිය. (නි)

:       0       0

එරංග Thursday, 11 October 2012 02:44 PM

බොරු වැඩ !!අපි දඩ කොලේ විසි කරලා ගියානම් පොලීසිය මොනවා කියයිද ?? නිකන් විහිලු සපයන්න එපා !! (ස)

:       0       0

අමරසූරිය Tuesday, 09 October 2012 12:24 PM

ලොකු කම් දාන්න ගිහින් නිකන් කිච උනා නේ? දැන් වත් හැදුනොත් ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 53 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1628 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 471 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 430 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2314 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site