බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව ‘එසැණට‘ වාර්තා වේ.
ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි.
ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එමි සිටින බව ද ඇගේ විශ්වාසයයි.
ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය.
ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියනුයේ මේ ගැන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවනට දඩුවම් කරන බවයි.
තමා යැවීමට නියමිත නිවසට නොයවා වෙනත් තැනකට යැවූ බවත් එහි හාම්පුතා තමාට සල්ලි දෙන්නම්, රත්තරන් දෙන්නම්, වාහනයක් අරන් දෙන්නම් කියූ බවත්, එසේ කිරීමට නම් ඔවුන් කියන දෙයට එකඟ විය යුතු බවත්, ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇගේ අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයක් ද ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබියේ ඇතැම් සිද්ධීන් වාර්තා වෙන්නේ නැහැ.මේ සිද්ධිය එකක් පමණි. කණගාටුවෙන් හරි කියන්න වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකිව යුතු නිලධාරීන්ගේ ප්‍රකාශන හා ක්‍රියාකලාපයන් ගැනයි.මම අහන්න කැමතියි මෙතෙක් විසදපු ප්‍රශ්න ගැන,වීදුරු කුඩු අස්සේ ඉදගෙන සෞදියේ ප්‍රශ්න විසදන්න බැහැ. වසර 3 ඉක්මවූ පැමිණිලි රාශියක් තාමත් නොවිසදී තිබෙනවා. (නි)
මට ගෙයක් වැඩිපුර ඇතොත්, එය කුලියට දෙමි. බස් එකක් තිබ්බොත් එය පාරට දමා අදායමක් ලබා ගනිමි. ඉතින් තමන්ට ඇති දෙයකින් අදායමක් ලැබීම වරදක්ද?(නදී)
මේ අයට කියන්නේ පිම්පියෝ කියලා.(නදී)
මේකේ වරද රට එන ගෑනුන්ගේ. මිනිස්සුන්ට නම් මොකද ගෑණිව රට ඇරලා ගෙදර ඉදන් කන්න පුළුවන්නේ. ඕකට රජයෙන් පියවරක් අරන් ගෑනුන්ව රට එන එක නවත්වන්න ඕනා. අනේ අපේ රටකට යන කල දසාවක්.(නදී)
මෙම සිද්දිය බොරුවක්. සෞදි වල 200 තියාගෙන මේ වගේ වැඩ කරන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා ලංකාවේ කට්ටිය සෙට් වෙලා කරනවා. ඒකට සෞදි වලට දොස් කියලා බැහැ. ලංකාවෙන් ගැහැණු එන එක තමයි නවත්වන්න ඕනේ. ඉතින් ඒකටම එන ගැහැණු නවතීද? (නදී)
කුමක් කරම්ද මේ ගැටළුවට? (නි)
මීට ප්‍රථම ඉතාම දරුණු සිද්ධීන් ගණනාවක් සෞදියෙන් වාර්තා වුණා. කිවුවේ හැකි ඉක්මනින් පියවර ගන්නවා කියලා, මේ වනතුරු ඒ සිද්ධීන් පිලිබදව කිසිම පියවරක් අරගෙන නැහැ.මේ වන විට මෘත දේහ කියක් තියනවද ලංකාවට යවන්න ප්‍රමාද වේවි.මේ එකක් පමණි. (නි)
අනේ බොරු කතා කියන්නද එපා.ඔයාලා හොදින්ම දන්නවා ඔය ගැහැණු රට යන්නේ දුප්පත්කමට. නුගත් දේශපාලුවෝ තම වග කියන්ඩ ඕනෑ. (නි)
අයියෝ, පවුනේ මුන් ගල් ගහලා මරන්න ඕනෑ.ඉස්සරලා ලංකාවේ තිරිසන්නු ටික මරන්න ඕනෑ.රත්නායක ඔබ කියලා තියන දෙයට මාත් එකග වෙනවා. (නි)
අස්ලම්, ඔබගේ අදසට මමත් එකගයි. සෞදි පොලිසියත් එක්ක ඔයා සෙල්ලම් කරන්න අමාරුයි. (නි)
අස්ලම් කියන කතාව ඇත්ත , මාත් දැකලා තියනවා පිලිපීන ගැහැනු වගේ ලංකාවේ ගැහැනුත් මැද පෙරදිගදී පිටයනවා හොරෙන්. පිට රට ආපුවාම සමහර ගැහැනුන්ට ලංකාවේ පවුලේ සියලු ප්‍රශ්න අමතකයි. නටන නැටිල්ලි අපි දන්නවා හොඳට. අනන්තවම දැකලා තියනවා. ලංකාවේ ගැහැනු කියලා කියන්නත් ලැජ්ජයි(සියලු දෙනාම නොවෙයි) (නි)
හරි නම් ගැහැනු රට යවන එක නවත්වන්න ඕනෑ. මම දන්නා තරමේ පිට රට රැකියාවට යන 75% ක් ගැහැනු විනාශ වෙලයි එන්නේ. ඒ ලංකාවේ ගැහැනු විතරක් නොවෙයි. (නි)
කවූරු මොනවා කීවත් මැද පෙරදිගට අපේ කාන්තාවන් යවන එක රජය නවත් වන්නෙ නැහැ. ඒ ඒ කාන්තාවන්ගේ සැමියන් සහෝදරයන් පියවරුන් නවත් වන්නෙත් නැහැ. ඒ මොන නීති දැම්මත් අපේ ගැහැණු නොයා ඉන්නෙත් නැහැ. ගිහිල්ල කරන්නේ ඔය බලු වැඩම තමා වැරදුන එක් කෙනෙක් දෙන්නෙක් ඇවිල්ල ඔහොම කියයි.(නදී)
මාලලා,කුසුමලා, පුෂ්පලා, ඕව නොකරනවා නම්, එහෙම පිරිමි ලෝකේ නැහැ (නි)
මේවට දුක් වෙන්න ඕනෑ නැහැ. මෙච්චර උදාහරණ තියෙද්දී ඇයි යන්නේ? යන එකනේ වැරැද්ද. ආණ්ඩුවට ඕනෑ නැහැ මේක නවත්වන්නත්. අපේ මිනිස්සු කොහොමත් මෝඩයෝනේ. (නි)
ලෝකයේ පරණම රස්සාව .... අලුත් ක්‍රමයට කොලා නම් මැඩම්, සර්... කොහොමද මේවායින් බේරෙන්නේ? බේරා ගන්නේ? (නි)
හලාල් ප්‍රශ්න වලට සහ හෝටල් වල බුදුපිළිම වලට පාරවල් වහන සංවිධාන තමන් දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමතිවරු ඇයි මේ සෞදි අරාබියාවට කාන්තාවන් යවන ප්‍රශ්නෙදි නිහඬ ? පුලුවන් නම් උද්ගෝෂණය කරලා සෞදි අරාබියට කාන්තාවන් යැවීම නතර කරලා පෙන්වන්න (නි)
මම සාජා වල ඉන්නේ. ලංකාවෙන් ආපු සමහර අය කරන කියන දේවල් හිආ ගන්නවත් බැහැ. සමහර කෙල්ලෝ බංගලි, පාකිස්තාන් අයට ආදරය කරනවා, පස්සේ විනාශ වෙනවා (නි)
ඇයි මේ, මෙච්චර දේවල් වෙලත් රජයන් ගැහැණුන්ව රට යවන්නේ ? මේක නැවැත්තුවේ නැත්නම් , ලංකාවට ඇවිත් ගිනි තියාගන්න වෙන්නේ මටයි. (නි)
මෙන්න අලුත්ම පුවතක්. බෙන්තොට මිරිස්වත්තේ පදිංචි දෙදරු මවක් සෞදියේදී මරා දමලා. සතියකට වරක්වත් සෞදියේදී අපේ කාන්තාවන් මරා දමනවා. අමානුෂික වද හිංසා කරනවා. දිලාන් ඇමති තුමා හරිනම් ඉල්ලලා අස්වෙන්න ඕනේ. මේ ප්‍රශ්නයට විසදුම් දෙන්න බැරිනම්. ගවඝාතනය ගැන මරාගෙන මැරෙන හාමුදුරුවරු ඉන්න අපේ රටේ සෞදි අරාබියේදී වෙන මනුෂ්‍ය ඝාතන ගැන හඬ නගන්නේ කවුද ? හෙළ උරුමය, බොදුබල සේනා, ඔබ කොහෙද ? මේ වැඩේට මැදිහත් වෙලා සෞදියට කාන්තාවන් නොයැවීමට පාර්ලිමේන්තුවේ පනතක් ගෙන එන්න.(නදී)
ලාංකිකයන්ගේ වැරදි. පස්සේ සෞදියට දොස් කියනවා. (නි)
සවුදි අරාබියට කාන්තාවන් යැවීමට මම විරුද්ධයි. නමුත් මම මුස්ලිම් අගමටවත් අපේ රටේ ජිවත් වන සහෝදර මුස්ලිම් ජනතාවටවත් විරුද්ධ නැහැ. මේ ප්‍රශ්නය ශ්‍රී ලංකික අපි කාටත් පොදුයි. රිසානා මුස්ලිම් ජාතික තරුණියක්. ලංකාවේ අපිට බැහැ සවුදි අරාබියේ නීති වෙනස් කරන්න. අපිට කරන්න පුළුවන් එකම දේ සවුදි අරාබියට කාන්තාවන් සේවයට යැවීමට විරුද්ධව නීති සම්පාදනය කරන්න. සෞදිය නැති උනාට අනිත් ගුල්ෆ් රටවල කාන්තවන්ට රැකියා අවස්ථා ඕනේ තරම් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙම මන්ත්‍රීවරයෙකුට පුළුවන් මේක පාර්ලිමේන්තුව විවාදයට ගෙනෙන්න.(නදී)
අරාබි රාජ්‍යට නොයවන්න නිතියක් මගින් සම්මත කර ගත යුතුයි. ඒ සදහා රට වැසි ජනතාව උනන්දු විය යුතුයි. එහෙම නැතුව කිසිදෙයක් කරන්න බැහැ (නි)
ඔය දේ ලෝකේ ඕනෑම රටක තියෙනවා. අරාබි යන උදවිය, තමන්ගේ ආරක්ෂාව තමාම බලාගත යුතුයි.ලංකාවෙත් ඉන්නවා දුවව විකුණන පියානන්ලා. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ.... බඩුත් හාමුදුරුවන්ගේ.... කාට කියන්නද? සෞදි පොලිසියට පැමිණිලි කළොත් ඊටත් වඩා අමාරුවකයි අපේ සහෝදරියෝ වැටෙන්නේ. ඔන්න ඕකයි අල්ලාගේ නීතිය. (නි)
මේ වගේ දේවල් තව මොනතරම් නම් ඇද්ද? (නි)
මේ රටට යන්න එපා. (නි)
අනේ නම් ගම හෙළිකරන්න එපා. වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දෙන්න. (නි)
කෝ අර නීතිය, මෙම තක්කඩින්ට රැකවරණය ලබාදෙන්නන් ගැනත් වෙනම සොය බැලිය යුතුයි. හැමදාම පරීක්‍ෂණ අරඹා දඬුවම් කරන බව කියනවා. මංගල රන්දෙනිය මහතා කරපු දඬුවමක් දැනගන්නත් එක්ක පලකරන්නකො බලන්න.(නදී)
හැමදාම මොනවා හරි උනහම කියන්න පරීක්ෂණයක් කරලා දඩුවන් කරනවයි කියලා. කියලා වැඩක් නැහැ. ඉන්දුනිසියාවත් කාන්තාවෝ යවන එක නවත්තලා. නැවැත්තුවේ නැතත් රාජිය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගන්න ශක්තියක් ඇත්තෙම නැද්ද?.(නදී)
කොහොමද වැඩේ.දැන් කට්ටිය සෞදි කාරයන්ට පතුරු යන්න බනින්න ඉස්සරලා අපේ උත්තම ශ්‍රී ලංකික පිරිමින්ට අමතලා හිටියොත් හොදා... (නි)
හරිම කණගාටු සිද්ධියක්. ලෝකෙම උතුම් බෞද්ධ රට ගැන ආඩම්බරයි? (නි)
මෙවැනි පුවත් අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. 1970 දශකයේ ඉදලා දැන් අවුරුදු 40 වැඩි කාලයක් කාන්තාවන් විදේශ ගත වුවත් රටට ලැබුණු ආර්ථික ප්‍රතිලාබයට වඩා සමාජයට වුනු අගතිය වැඩියි. රටක් සංවර්ධනය වීමට මුලිකවම විදේශ විනිමය යන සාධකය වැදගත්. ඒ වුනත් ලංකාව ඇගලුම් හා මැදපෙරදිගට ශ්‍රමය සැපීම මගින් දශක 3 කට වැඩිය යැපෙනවා. අපේ ලංකාවේ ගොඩක් අයට වැරද පිළිගෙන නිවැරදි කරගන්න උවමනයක් නෑ. හැමදේටම උත්තර තියනවා. ඒ නිසා මැද පෙරදිගට කාන්තාවන් යවන ඒක අවම වශයෙන් 2020 සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනෙනම් දැන් ඉදලම කාලෝචිත වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. වයස 18 - 24 අතර පිරිමි අයව වැඩි වශයෙන් රට යවන විදියට භාෂා හැකියාව හා පිළිගත් පුහුණුවක් දෙන්න. මේවා කොච්චර කියුවත් ක්‍රියාත්මක වෙනේ ඉතමත් අල්ප වශයෙන්. මැද පෙරදිග ආපු කාන්තාවන්ගෙන් ඇති බහුතරයක් පවුල් සංස්ථාව බිද වැටීම් ඇතුළුව නොයෙක් ආකාරයේ අභාග්‍ය සම්පන්න දේවල්වලට ගොදුරු වෙනවා. මේ පුවතේ සදහන් පරිදි ලක් කාන්තාව තවදුරටත් විදේශිකයන්ට විකුණා මුදල් සොයන නපුංසක ලාංකිකයන් මැද පෙරදිග ඕනා තරම් ඉන්නවා. අවාසනාවකට ලංකාවේ 99% ම "දිනුමට පියවරු කෝටියකි පැරදුම අවජාතක දරුවෙකි" යන්න ඔප්පු කරමින් ඉන්නවා.(නදී)
ලංකාවේ මිනිසුන් කියලා කියන්නත් ලැජ්ජයි.වැරදිකරුවන් සොයා උපරිම දඬුවම් ලබා දෙන්න. ඒක අදාල නිලදාරීන්ගේ වගකීමක් (නි)
ඔන්න කාටත් එකසේ සළකනවායි කියූ ෂරියා නීතියේ තරම..... (නි)
ප්ලාස්ටික් බටේ කොහොම ඉවත් කළත් හෙට කවුරුහරි ලංකාවේ ඒජන්සියකට ගිහින් බලන්න ගැහැණු කී දෙනෙක් පෝලිමේ ඉන්නවද කියලා ගෘහ සේවයට යන්න. (නි)
පවු අහිංසක මිනිසුන්. අරාබි අයගේ තියන අමාරුවට අපේ මිනිසුන් වන්දි ගෙවිය යුතුද? (නි)
මේවා බෙල්ල ගහලා යන වැඩ අපේ රටේ නම කනවා මුන්. පස්සේ කියයි බුදුහාමුදුරුවන්ට වැන්ද හින්දා හිස ගහලා දැම්මා කියලා.(නදී)
මෝඩ සෑම් ෂරියා නීති පොතේ බැලුවද ඒකට තියෙන දඬුවම. "බෙල්ල කපනවා" මේක සෞදියේ අයට රිංගන්න නෙමෙයි අපේ අයට රිංගන්නයි හදලා තියෙන්නේ.(නදී)
ඒජන්සිකාරයාගේ අධෝ මුකයෙනුයි ප්ලාස්ටික් බටේ යවන්න ඕනෑ, දඩුවමක් විදියට (නි)
ඒජන්සි කාරයන්ට විතරක් බැනලා වැඩක් නැහැ. මැදපෙරදිග එන බොහෝ ලංකා ගෘහ සේවිකාවන් ගෙවල් වලින් පැනලා මෙහෙ කරන්නේ ඔය පාර්ටි ටයිම් ජොබ් එක තමයි. හොඳ නිවසක රැකියාවක් ලැබුනත් යන්නේ නැහැ සමහරු. ජරා වැඩවලින් ආදායම වැඩි නිසා. (නි)
ප්ලාස්ටික් බට තියා මොනවා ගැහැවිවත් අපේ කතුන්ගේ රට ඒම නවත්වන් ජගතෙක් නැහැ. ආණ්ඩුවට විතරයි ඒක නවත්වන්න පුළුවන්.(නදී)
අපි සූර්ය වංශිකයෝ. අපි හෙළයෝ. අපි සිංහල බෞද්ධයෝ. අපිට 2500ක ඈත අතීතයක් තියෙන මිනිස්සු. අපි යනවා මෙහෙකාර සේවයට පිටරට. ගිහින් හම්බ කරලා හම්බ කරලා ගෙවනවා බදු. හිස් අතින් දුක් විඳලා මැරෙනවා. (නි)
මේ තරම් දේවල් වෙනවා කීවත් අපේ ගැණු තව රට යනවනේ. යන උන්ටයි යවන උන්ටයි තලන්න ඕනේ. ඔයින් බේරිලා ආවා ඇති. රට කරන උතුමන්ලා කොහෙද? (නදී)
කොහොම කිවත් අපේ කාන්තාවන් දැන ගන්න ඕනනේ සෞදි නොයා ඉන්න. එතකොට ඔක්කොම හරි නොගිහින් හිටියානම් කොහොම කාලා බිලා ජිවත් වෙන්න පුලුවන්නේ.(නදී)
මේවට කතා කරන්න අපේ ගැහැණුන්ට වන අපරාද වෙනුවෙන් හඬක් නගන්න කිසිවෙක් නැහැ. එහෙත් ගවයා වෙනුවෙන් මැරෙන්න මිනිස්සු හිමිවරු. අපේ මිනිස්සු දැන් ගවයටත් වඩා ගවයින් වෙලා ඉන්නේ .රත්නායක මහතා බුද්ධිමත් විදියට ඕක ලිව්වට වටහා ගන්න අය ඉන්නවද දන්නේ නැහැ.(නදී)
ලංකාව රත්තරන් රටක්, මේ රටේ නැතිදේ මොනවාද, හැම දෙයක්ම තියෙනවා සුළු පිරිසක් ඒක භුක්ති විඳිනවා. නමුත් මේ පෙරදිග රටවල තෙල් හැරෙන්න මොනවාද තියෙන්නේ මුකුත් නැහැ. නමුත් ඒ රටේ මිනිස්සුන්ට ඔක්කොම තියෙනවා. ලංකාවට ඔක්කොම තියෙනවා ඒ වුනත් මිනිසුන්ට මුකුත්ම නැහැ. මැදපෙරදිග මුකුත්ම නැහැ ඒත් මිනිසුන්ට සියල්ලක්ම තියෙනවා. වෙනස මොකක්කද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. වරද දුටු තැන එය වැළැක්විය යුතුයි. අපේ අය කරන්නේ වරදට ඒත්තු වෙලා එයින් වාසි ගන්න. මේ රටේ තියෙන ක්‍රමය වෙනස් නොකරන තාක්කල් මේ රට ගොඩ ගන්න බැහැ.(නදී)